අපිව ගෙදරට දෙන්න එපා!

723

හැමදාම අම්මගෙන් ගුටි කෑවා… කලිනුත් ගෙදරින් පැනලා ගියා…. පොලිසිය ආයෙත් ගෙදරට භාර දුන්නා

බස් රථයකින් මීගමුවට ගිහින් දින 40 ක්
මීගමුව නගරයේ හිටියා:නිදාගත්තේ අගුපිල්වල

මීරිගම කඬේකින් කෑම දුන්නා, කඬේ ඇන්ටි
අපිව ගෙදර එක්ක ගිහින් පහුවදා පොලිසියට භාර දුන්නා

මීරිගම කඬේ ඇන්ටිගේ ගෙදරම ඉන්න
ඉඩ හදල දෙන්න

මීට දින හතළිස් හතරකට (44) පෙර කොටදෙණියාව වත්තේමුල්ල බා`දුරාගොඩ ප‍්‍රදේශයේදී අතුරුදන් වූ පිරිමි දරුවෝ දෙදෙනා මීරිගම නගරයේදී ඊයේ (06 වැනිදා) මීරිගම පොලිසිය විසින් සොයාගනු ලැබූහ.

මෙම දරුවන් දෙදෙනා ඉකුත් නොවැම්බර් 23 වැනිදා නිවෙස්වලින් අතුරුදන්ව තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොටදෙණියාව පොලිසිය මහත් පරිශ‍්‍රමයක් දරමින් දරුවන් දෙදෙනා සොයා ගැනීමට උත්සාහ දැරුව ද එය ව්‍යර්ථ වීම නිසා විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමටද පියවර ගෙන තිබිණි.

වයස අවුරුදු 10 සහ 12 වියේ පසුවන ඥාති සොහොයුරන් වන මෙම දරුවන් දෙදෙනාගෙන් පොලිසිය කළ විමසීමේදී තමන් නිවෙස්වලින් පිටව ගිය පසු දින ගණනාවක් මීගමුව නගරයේ සිටි බව ස`දහන් කර ඇත. එසේ මීගමුව නගරයේ සිටියදී විවිධ අයට අතපා ආහාර ඉල්ලාගෙන කුසගිනි නිවාගෙන ඇති දරුවන් දෙදෙනා පසුව මීරිගම නගරයට පැමිණ සිටියදී ප‍්‍රදේශයේ කාන්තාවකට හමුවී ඇගේ නිවසට රැගෙන ගොස් තිබේ.

අනතුරුව දරුවන් දෙදෙනා නහවා කවා පොවා පිරිසිදු කළ එම කාන්තාව මාධ්‍ය මගින් ඔවුන් පිළිබඳ පළවූ වාර්තා දැක කොටදෙණියාවෙන් අතුරුදන් වූ දරු දෙදෙනා බවට හ`දුනා ගෙන මීරිගම පොලිසිය දැනුවත් කර ඔවුන් පොලිසියට භාර දුන් බව මීරිගම පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

දරුවන් ස`දහන් කරන කරුණු ඔස්සේ තොරතුරු තහවුරු කරගැනීම ස`දහා වැඩිදුර විමර්ශන සිදුකරන බවද ඉහත පොලිස් නිලධාරියා ස`දහන් කළේය. මීරිගම පොලිසිය මගින් සොයාගනු ලැබූ මෙම දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන ස`දහා කොටදෙණියාව පොලිසියට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ස`දහන් කළේය.

ඒ අනුව දරුවන් අතුරුදන් වූ ආකාරය ඇතුළු කරුණු සොයා බැලීම ස`දහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ කොටදෙණියාව පොලිසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.

සමන් ගමගේ, කල්එළිය චන්ද්‍රවීර වීර වික‍්‍රමරත්න, සුජාතා ජයරත්න, වේයන්ගොඩ අතිරේක ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment