අපිව පාවිච්චි කරන්නේ පබ්ලිසිටි ගන්න

898

paba1

 රංගනය තුළින් පේ‍්‍රක්‍ෂක හදවත් වශී කරගත් ඇය නර්තනයටද උපන් හපන්නියක්. ඇය ජනපි‍්‍රය රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලී. ගොඩක් දෙනෙක් මෙයාට කතාබහ කරන්නේ පබා කියලා. මෙයා රඟපෑ චරිත ඒ තරමටම මිනිස්සුන්ට සමීපයි. මේ දිනවල හිරු මෙගාස්ටාර් රියැලිටි වේදිකාවේ දිදුලන තාරකාවියක් විදිහට ඇයව දැකගන්නට පුළුවන්. ඇය අද දවසේ අපත් සමඟ කතාබහ කළේ රියැලිටි වේදිකාවේ කරුණු කාරණා ගැනට වඩා වර්තමානයේ ඇයත් සමඟ රඟපෑ සමකාලීනයන්ට අද දවසේ අත්වී ඇති ඉරණම ගැනය. මේ එහි පෙළගැස්මයි.

 * මේ දවස්වල උපේක්‍ෂාගේ නර්තන හැකියාවන් වැඩිපුර දකින්න ලැබෙනවා

 ඇත්තම කිව්වොත් හිරු මෙගාස්ටාර් වේදිකාවේදී ලැබෙන්නේ ඉතා හොඳ ප‍්‍රතිචාර. ඒ වගේම හිරු මෙගා ස්ටාර් වේදිකාවේ නිෂ්පාදක මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මොකද මෙවර ඉතා හොඳ පහසුකම් ටිකක් අපිට ලබාදීලා තියෙනවා. ඒත් එක්කම අපේ උපරිම ශක්තිය යොදවල යමක් කරන්න අවස්ථාව තියෙනවා. අනික මේ දවස්වල මගේ ටෙලිනාට්‍ය විකාශනය වෙන්නෙත් හරි අඩුවෙන්. විකාශනය වන නාට්‍යවලත් විකාශනය වෙන්නේ සෙසු චරිත හෝ සහාය චරිත. මේ වේලාවේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එකතුවෙලා ඉන්න එකම වේදිකාව හිරු මෙගා ස්ටාර් වේදිකාව.

 * මේ වගේ කාලවකවානුවක රියැලිටි වැඩසටහනක් කරනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි නේද?

 ඔව්” ඇත්ත ඒක අපිට ලොකු ගැටලූවක් වෙලා තියෙනවා. පසුගිය කාලය පුරාවටම අපිට එකතු වෙන්න බැරි ප‍්‍රශ්න තිබුණා. ඒ වගේම නර්තන කණ්ඩායම් සම්බන්ධ කරගෙන ශබ්දාගාරවල පුහුණුවීම් කරන එකත් නතර කරලයි තියෙන්නේ. කොවිඞ් ප‍්‍රශ්නය ඒ තරම් දුරට බලපාලා තියෙන්නේ.

 * උපේක්‍ෂා අතිශය කාර්යබහුලයි. එහෙමද?

 ඔව්. අනිවාර්යයෙන්ම. මේ වැඩසටහන හින්දා මට දක්‍ෂ පාට්නර් කෙනෙක් හම්බවෙලා තියෙන හින්ද ඔහුත් අපේ පවුලේ කෙනෙක් වගෙයි.

 * මේ දවස්වල රංගනයට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද? එහෙමත් නැතිනම් ආරාධනා නැතිද?

paba3මට හොඳ නිර්මාණ එනවා අඩුයි. ප‍්‍රධාන චරිතවලට කතා කළත් සමහර වෙලාවට ඒ නිර්මාණ කෙරෙන්නේ නැහැ. අනික ලංකාවේ තියෙන ඛේදවාචකයක් තමයි එක නිර්මාණයක් ටිකක් ජනපි‍්‍රය වුණොත් ඒ වගේ චරිතවලටම තමයි කතා කරන්නේ. දැන් පබා නාට්‍ය කරපු කාලේ ඒ වගේ අහිංසක දුක දරාගෙන ඉන්න චරිත කිහිපයකටම ආරාධනා ලැබුණා. මම භාර ගත්තේ නැහැ. ඊට පස්සේ අහස් මාලිගා ටෙලි නාට්‍යයේ රඟපෑ දුෂ්ඨ චරිතය දැකලා ඒ වගේම චරිත වලට කතාබහ කරන්න පටන් ගත්තා. එතකොට අම්මා කෙනෙකු ගේ චරිතයක් කළොත් ඒකටම අඬගහනවා. එක රැුල්ලට යන නිර්මාණ ගොඩකට තමයි ආරාධනා ලැබුණේ.

 මම ඒකට කැමැති නැහැ. හොඳ නිර්මාණ මට එන්නේ නැති තරම්. මෑත කාලයේ එක නිර්මාණයකට විතරයි ආරාධනා ලැබුණේ.

 * එතකොට ඉස්සරහට ඔබව දකින්න ලැබෙන්නේ මොනවගේ චරිතයකින්ද?

 ඇත්තටම ගොඩක් නිර්මාණ නැහැ. රනිල් කුලසිංහගේ පානාමංකඩ ටෙලිනාට්‍යයෙන් මාව ඉස්සරහට දැකගන්න ලැබේවි. සහාය චරිතයක් තමයි මට ලැබුණේ. මේනකා පීරිස් තමයි ප‍්‍රධාන චරිතය රඟපෑවේ. එයාගේ අක්කා විදිහට තමයි මම රඟපාන්නේ. බොහොම ගැමි ගුරුවරියක්. හැඟීම් බොහොම ඉක්මනට ප‍්‍රකාශ කරන චරිතයක්. පාරම්පරික උඩරට නැටුම් ගුරුවරයකු ගේ දුවලා පස්දෙනා වටා ගෙතුණු කතාවක් තමයි තියෙන්නේ. අපේ පෙනුම වුණත් ගොඩක් වෙනස් කළා.

 * අම්මා කෙනෙක් වුණාට පස්සේ වැඩිපුර ලැබෙන්නේ එවැනි චරිතමද? පෙම්වතියට ආරාධනා නැතිද?

 ඒක විවාහයට සහ අම්මා කෙනෙක් වීමට සීමා කරන්න බැහැ. අහස් මාලිගා නාට්‍ය අපි පටන් ගන්නකොට එහෙම දෙයක් තිබුණේ නැහැ. උදාරි වර්ණකුලසූරිය” විශ්ව කොඩිකාර අපි එක පරම්පරාව විදිහට නාට්‍ය පටන් ගත්තා. හැබැයි උදාරි යම් වෙලාවක තීරණය කරනවා නාට්‍යයෙන් අයින් වෙන්න ඕනෑ කියලා. එතකොට එයාව රිප්ලේස් කරන්න බැරිකමට නිෂ්පාදක කණ්ඩායම ජෙනරේෂන් එකක් ඉස්සරහට යනවා. අපේ දරුවෝ ගෙනල්ලා ඔවුන් ලොකු කරලා පෙන්වනවා. පළමු වතාවට තරුණ ළමයින් ගේ අම්මා කෙනකුගේ චරිතය මම නිරූපණය කරනවා. ඒකෙන් පස්සේ මට ඒ වගේ චරිතවලට ආරාධනා ආවා. ඕකම එක හේතුවක් තමයි තරුණ ජනපි‍්‍රය චරිත දෙමාපියන්ට යොදාගැනීම. ඒක සමහර නිර්මාණවලදී අපිට හිතහදාගන්න පුළුවන්. පිටපතේ තියෙනවා නම් කමක් නැහැ. සමස්ත සමාජය ඒක දකින්නේ නැහැ. දෙමාපියන් දරුවන් අතර වයස් පරතරයක් තිබිය යුතුයි. මම පෞද්ගලිකව මේ වෙන දේට කැමැති නැහැ. මගේ පරම්පරාවේ අය මේ ප‍්‍රශ්නයට ලොකුවට මුහුණු දෙනවා.

 * ක්‍ෂේත‍්‍රය ගැන කලකිරීමක් තියෙන හැඩයි?

 අනිවාර්යයෙන්ම කලකිරීමක් කියන්නේ ලොකු කලකිරීමක් තියෙනවා.

 තරුණ කාලේ ආදර කතාවකදී තරුණ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගැනීම කිසිම වැරැුද්දක් නැහැ. මේ යන ටෙ‍්‍රන්ඞ් එකට මම විරුද්ධයි. ඕනෑම පිටපතකට තරුණ අම්මලා තාත්තලා යොදාගන්නවාට මම එකඟ නැහැ. පානාමංකඩ ටෙලිනාට්‍යයේ මගේ තාත්තාට රඟපෑවේ ලක්‍ෂ්මන් මෙන්ඩිස් අයියා. ඒක හරියටම හරි.

 * ලංකාවේ අධ්‍යක්‍ෂවරු නිර්මාණ මරනවා කියලද කියන්නේ?

 පැහැදිලිවම. ඔවුන්ගේ පරමාර්ථය වෙන්නේ ස්ක‍්‍රීන් එක ලස්සන කරන්න සහ පබ්ලිසිටි ගන්න. අපි වගේ අයව පාවිච්චි කරන්නේ පබ්ලිසිටි ගන්න. නිර්මාණයට අවශ්‍ය නිසා නෙමෙයි මට සෙට් එකට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. මේ ටෙ‍්‍රන්ඞ් එකත් මෑතකදිනේ පටන් ගත්තේ. අපි මෙච්චර කල් ක්‍ෂේත‍්‍රයේ හිටපු අය හැටියට සමහර අය විශ්වාස කරලා නිර්මාණ භාර ගන්නවා. ඔවුන් ටෙලිෆෝන් එකෙන් පොඩි කතාවක් කියනවා. අපි විශ්වාස කරනවා අපේ වටිනාකමක් දැනගෙන ඔවුන් කතාකරනවා කියලා. නමුත් නිර්මාණයට ගියාට පස්සේ තමයි දන්නේ ඔවුන් අපිව පාවිච්චි කරනවා කියලා. ඒක වර්තමානයේ තියෙන ලොකු ඛේදවාචකයක්. මීට කලින් තිබ්බා කියලා කියන්න බැහැ. මම මින් පස්සේ නම් මේ වගේ නිර්මාණවල රඟපාන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්නවා කියන දැඩි තීරණයේ ඉන්නවා. මේ වෙනකොට එවැනි චරිත ගණනාවක් මම ප‍්‍රතික්‍ෂේප කරලත් ඉවරයි. ඇත්තම කියනවා නම් මෙගා නාට්‍ය පහකට එහා මේ මාස දෙකට එපා කිව්වා.

 * උපේක්‍ෂාගේ පරපුරේ අයට දැන් ලැබෙන්නේ කිසිම වැදැගැන්මකට නැති චරිත නේද?

 ඔව්. මම සහාය චරිතයක් කළා කියලා කිසිම දුකක් නැහැ. මගෙන් ගන්න පුළුවන් උපරිම දේ මම කරන්න තියෙනවා නම් අපි සියලූම දෙනාට යම් වටිනාකමක් තියෙනවා. අපි සමස්තයක් විදිහට අපයෝජනයට ලක්වෙන්න හොඳ නැහැ. ඒක මේ සිස්ටම් එකේ තියෙන අවුලක්. මේ කර්මාන්තය තියෙන්නේ හරි බාල තැනක” මේක හරි ඛේදවාචකයක්.

 * අධ්‍යක්‍ෂවරු” නාලිකා” වගේම නිෂ්පාදකවරු උපේක්‍ෂලාගේ පරපුර තුට්ටුදෙකට දාලා වගේ නේද?

 පැහැදිලිවම” අනිත් එක ඒකේ තියෙන දුක තමයි කලාකරුවෝ මේ ක්‍ෂේත‍්‍රයෙන් තමයි යැපෙන්නේ. අතළොස්සක් තමයි වෙනත්

 රැුකියාවන් කරන්නේ.

 වෙන රස්සාවක් කරන ගමන් මේ රස්සාව කරන්නත් බැහැ. මොකද ඔෆිස් එකක දවස් 5 ක් වත් ඉන්න එපායැ. අපිට ඔෆිස් එකට දවස් දෙකක් ගිහිල්ලා අනෙක් දවස් තුන ෂූටිං යන්න බැහැනේ. ඒකනේ ඇත්ත කතාව. උසස් නිර්මාණ එනකම් බලාගෙන හිටියොත් අපිට රඟපාන්න අවස්ථාවක් නැතිවේවි. වාසනාවක් තිබ්බොත් තමයි ඒකත් ලැබෙන්නේ. ඇයි අපිව එහෙම හෑල්ලූ කරන්නේ කියන එක ගැන හරි දුකයි. අපි නිකම් දුව පුතා කිය කිය ස්ක‍්‍රීන් එකේ ඉන්න ඕනෑ අය නෙමෙයි.

 * චරිතාංග නිළියක් වෙන්න ඕනෑ දක්‍ෂතම නිළියක් වෙන්න ඕනෑ කියන ඉඩකඩ අහුරලා කියලද ඔය කියන්නේ?

 ඔව් පැහැදිලිවම. අපේ ජනපි‍්‍රයත්වය පාවිච්චි වෙනවා මිසක් අපේ හැකියාවන් පාවිච්චි වෙන්නේ නැහැ.

 ඔබලාට වඩා දක්‍ෂයෝ දැන් ක්‍ෂේත‍්‍රයට ඇවිත් කියලා හිතෙන්නේ නැද්ද?

 දක්‍ෂයෝ අද ඉන්නවා. නැහැ කියන්නේ නැහැ. වටිනා චරිත හෑල්ලූවට ලක්කෙරනවාට මම කැමැති නැහැ.

 හැබැයි ඔබලාගේ පරපුරේ අය මේ චරිත භාර ගන්නවානේ?

 ඒක තමයි මම කිව්වේ. අපි ජීවත් වෙන්නේ කොහොමද? අපිට කන්න දෙන්නේ කවුද අපේ කර්මාන්තයේ අර්බුද ගොඩයි.

 මේ ඔක්කොම පැත්තකට දාලා ආපහු දේශපාලනය කළොත් නරකද?

 බුදුඅම්මෝ නැහැ. දේශපාලනයට ආවා කියලා පක්‍ෂවලට කඬේ යෑමක් මිසක් ලොකු දෙයක් කරන්න වෙන්නේ නැහැ.

 ජීවිතය ගැන ආපහු හැරී බැලූවොත් කලකිරීම් තියෙනවාද?

 කලකිරිලා ජීවත්වෙන්න බැහැ. ඒ නිසා හැම තිස්සේම සුබවාදීව හිතන්න උත්සාහ කරන්න. තියෙන දේ රැුකගෙන ඉදිරියට යන්න. තමන්ට කරන්න පුළුවන් උපරිම යමක් කරන්න මහන්සි වීම තමයි හැමෝටම කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අපි කළයුත්තේ. නැතිවෙච්ච බොහෝ දේ තියෙනවා. හැබැයි ඉතුරු වෙච්ච බොහෝදේත් තියෙනවා. ඉතුරු වෙච්ච ටික රැුකගෙන ඉස්සරහට යෑම තමයි එකම අරමුණ. අද මගේ දුව නිසා තමයි මගේ ජීවිතයේ සියල්ල හැඩ ගැහෙන්නේ.

 පවුලක් විදිහට අද ඔබ ගෙවන ජීවිතය ගැන තෘප්තිමත්ද?

 පවුල් ජීවිතය කොහොමත් ලේසි නැහැ කාගෙත්. ඒක තමයි ඇත්ත කතාව. විශේෂයෙන් අද කාලේ ආර්ථික ප‍්‍රශ්න තියෙනවා. සමාජීය ප‍්‍රශ්න තියෙනවා. ඒක හරි සූක්‍ෂමව ඉවසීමෙන් කරගෙන යා යුතු දෙයක්. ඒ අරගලය කොහොමත් මටත් තියෙනවා. හැබැයි මගේ සැමියා පුළුවන් හැම සහයෝගයක්ම ලබාදෙනවා. හැබැයි මම ආයෙමත් කියන්නේ මගේ දරුවා වටේ තමයි මගේ ජීවිතය ගෙවෙන්නේ. මට තෘප්තිමත් පැති ගොඩක් තියෙනවා. යම් යම් තැන්වලදී වෙනස් වුණානම් හොඳයි කියලා හිතිලා තියෙනවා. නමුත් ඒවා ගැන තැවි තැවී ඉන්න එකේ තේරුමක් නැහැ. මොකද ඒවා වෙනස් කරන්න බැහැ.


 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment