අපිව වර්ජනයට තල්ලු කළා: සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීතිය හමුවට යනවා

131

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය වළක්වා ගැනීමට හැකියාව තිබියදීත් එසේ නොකර සිය සම්මේලනය වර්ජනයටම තල්ලූකර දැමුවේ සෞඛ්‍ය ලේකම්වරයා බවත් ඒ නිසා ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කළ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ‘‘දිවයින’’ට ඊයේ (11 දා) සඳහන් කළේය.

මාස තුනහමාරක කාලයක සිට සිය ගැටලූ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කළත් කිසිදු සාකච්ඡුාවක් හෝ ඇහුම්කන්දීමක් සිදු කිරීමට ඒ මහතා ක‍්‍රියා නොකළ බවත් ඒ නිසා සෞඛ්‍ය වෘත්තීයවේදීන් හැටපන්දහසක් මේ වන විට අඛණ්ඩ වර්ජනයක් දක්වා තල්ලූ වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඕනෑම වර්ජනයකට උත්තර සාකච්ඡුාවකින් ලබා ගත හැකිව ඇතත් වත්මන් බලධාරීන් එය මර්දන මාර්ගයන්ගෙන් විසඳීමට උත්සාහ ගනිමින් සිටින බව මේ මොහොතේ දක්නට ඇති බවත් ඒ නිසා සිය වෘත්තීය අයිතීන් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සටන පාවා නොදීමට තීරණය කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment