අපි අදටත් හුස්ම ගන්නේ කර්මාන්තකරුවන් නිසයි

238

* කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක

 කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව 2022 ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය පෙබරවාරි 03, 04, 05 සහ 06 යන දිනවල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එම ප‍්‍රදර්ශනය සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ මේ වනවිට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා සමග කළ සාකච්ඡුාවක සටහන් මතු දැක්වේ.

 ප‍්‍රශ්නය – ශී‍්‍ර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්යභාර්ය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්

 පිළිතුර – 1969 කර්මාන්ත සංවර්ධන පනතින් ශී‍්‍ර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කළා. මෙය බලවත් පනතක්. ඒ කාලයේ රටේ තිබුණු අවශ්‍යතාවට අනුවයි මෙම ආයතනය ආරම්භ කළේ. අප රට තුළ නිෂ්පාදන ආර්ථිකයට යෑමේ අරමුණ ඇතිවයි මෙය බිහි වන්නේ. විශේෂයෙන්ම කාර්මික නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරුණා. එහිදී කර්මාන්තකරුවන්ට අවශ්‍ය කාර්මික දැනුම ලබාදීම, ඔවුන්ව දිරිගැන්වීම, තාක්ෂණික දැනුම ලබාදීම, යාන්ති‍්‍රක දැනුම ලබාදීම මෙන්ම අවශ්‍ය පුහුණු ශ‍්‍රමය ලබාදීමේ අරමුණු ඇතිවයි ශී‍්‍ර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය බිහිවන්නේ. ඒ කාලයේදී යකඩ, ටයර්, සබන් ඇතුළු දේශීය නිෂ්පාදන රැුසක් වෙළෙඳපොළට එන්නේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනුයි. ඊට පසුව ආ ආණ්ඩු වෙන වෙන ප‍්‍රතිපත්තිවලට ගිය නිසා මෙම තත්ත්වය වෙනස් වුණා. එම කාලයෙන් පසු බිහි වන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරලා වෙළෙඳපොළට ඉදිරිපත් කරන යුගයක් නොවේ. භාණ්ඩ ගෙන්වලා විකුණන යුගයකුයි නිර්මාණය වුණේ. නමුත් තත්ත්වය වෙනස් වෙලා. වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය නිසා දේශීය කර්මාන්ත නගාසිටුවන යුගයක් නිර්මාණය වෙලා තියෙනවා. දේශීය කර්මාන්තකරුවන් නගාසිටුවීමට කර්මාන්ත අමාත්‍යාංශයට ඇති එකම ආයතනය ශී‍්‍ර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයයි.

 ප‍්‍රශ්නය – කොරෝනා වසංගතයත් සමග දේශීය කර්මාන්තකරුවා මුහුණ දුන් අර්බුදය ඔබ දකින්නේ කෙසේද?

 පිළිතුර – කර්මාන්තකරුවන්ට කොරෝනා වලට කලිනුත් අර්බුදයන් තිබුණා. පාස්කු ප‍්‍රහාරය නිසා ලොකු අර්බුදයකට මුහුණ දීලයි හිටියේ. කර්මාන්ත ක්ෂේත‍්‍රය නගාසිටුවීමට වත්මන් ආණ්ඩුව අලූත් ප‍්‍රතිපත්ති හැදුවා. ඒවා කි‍්‍රයාත්මක කළා. වැටුණු කර්මාන්තකරුවා ගොඩඑමින් සිටින විට කොරෝනා වසංගතය ආවේ. අලූත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිත් සමග කර්මාන්තකරුවාට සුබවාදීව ගළපාගන්න තිබුණු දේවල් කොරෝනා නිසා නැති වුණා. නමුත් කොරොන්ටයින් නොවී මේ රටේ හොඳටම දිව්ව ක්ෂේත‍්‍රය තමයි කර්මාන්ත අංශය. ඒ අය තමන්ගේ රාජකාරිය හරියටම කළා. කොරෝනා අර්බුදය හමුවෙත් කර්මාන්තකරුවන් වැඩකළ නිසා අපි හුස්ම අරන් ඉන්නේ. කොරෝනා අර්බුදය හමුවේ අපට විදෙස් රටවලින් ගොඩක් දේවල් ගෙන්වන්න බැරි වුණා. ඒ ගොඩක් දේවල් දැන් අපේ රටේ නිෂ්පාදනය කරනවා.

 ප‍්‍රශ්නය – නිෂ්පාදන ආර්ථිකයකට අපි අනිවාර්යයෙන්ම යා යුතුයි. නමුත් පසුගිය කාලයේදී එය අතහැර දැමූ බවක් තමයි පෙනුනේ. මෙම තත්ත්වය යහපත් කර ගැනීමට ඔබ මොනවද යෝජනා කරන්නේ.

 පිළිතුර – මේවා අතහැරලා තිබ්බා කියලා අපට කියන්න බැහැ. නමුත් රාජ්‍ය මට්ටමේ අනුග‍්‍රහය අඩු මට්ටමකයි තිබුණේ. පෞද්ගලික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හොඳට කරගෙන ගියා. නමුත් රාජ්‍ය අංශයෙන් යොදවපු කාලය හා අනුග‍්‍රහය මදිවෙලා තිබුණේ. පොඩි පොඩි කර්මාන්තකරුවන් තමන්ගේ වැඬේ කරගෙන ගියා. උදාහරණ විදිහට ගත්තොත් අපේ බෝට්ටු, නැව්, වාස්තු, රෙදිපිළිි ආදී කර්මාන්ත හොඳින් කෙරුණා. නමුත් ප‍්‍රශ්නය වෙලා තිබුණේ ඒවාට රාජ්‍ය අනුග‍්‍රහය අවශ්‍ය තරම් නොලැබීමයි. නමුත් අද එම තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා.

 ප‍්‍රශ්නය – අප රටේ නව නිපැයුම් විටින් විට එළියට එනවා. නමුත් අපි දකින්නේ නැහැ ඒවා නිෂ්පාදන කි‍්‍රයාවලියට එක්වෙන බවක්. මේ ගැන ඔබ දකින්නේ කෙසේද?

 පිළිතුර – නව නිපැයුම් නොකරන ජාතියක් කොහොමද දියුණු වෙන්නේ. අපි නව නිපැයුම් කරනවා. නමුත් ඒවා වෙළෙඳපොළට එන්නේ නැහැ. රටේ කර්මාන්ත දියුණු කිරීම සංස්කෘතියේම කොටසක් විය යුතුයි. ඒ තුළ තිබිය යුතුම හොඳම ගුණාංගයක් ගැනයි ඔබ ඔය ප‍්‍රශ්න කරන්නේ. මේ සඳහා අවශ්‍ය තාක්ෂණය, දැනුම සහිත වටපිටාවක් නිර්මාණය වෙලා තිබිය යුතුයි. නමුත් ඒවායේ ක‍්‍රමික වර්ධනයක් අපි දකින්නේ නැහැ. මේ සඳහා මුළු කර්මාන්ත ක්ෂේත‍්‍රය ආශි‍්‍රත පද්ධතියක් නැතහොත් ක‍්‍රමවේදයක් ඇතිවිය යුතුයි. නව නිපැයුම්කරුවන් ඉන්නවා, ආයෝජකයන් ඉන්නවා. අපනයනකරුවන් ඉන්නවා. ඒ අනුව වෙළෙඳපොළ හැදෙනවා, මේ සියල්ල ඒ සඳහා එකම පද්ධතියක් ලෙස තිබිය යුතුයි. එය ක‍්‍රමානුකූලව වර්ධනය වියයුතු දෙයක්. එය තීරණය වන්නේ රජය ගන්නා ප‍්‍රතිපත්ති මතයි. දැන් රජයට ඒ ගැන ප‍්‍රතිපත්තියක් තියෙන නිසා විශ්වවිද්‍යාල අප සමග එකතු වෙමින් සිටිනවා. විශ්වවිද්‍යාල වල පර්යේෂණ ඉදිරිපත් කෙරුණට ඒවා වෙළෙඳපොළ මට්ටමට යන්නේ නැහැ. එතැනින් එහාට යන්නේ නැත්තේ ඇයි. ඒකට හේතුව තමයි කර්මාන්ත පද්ධතිය නැතහොත් ක‍්‍රමවේදය එක විට කි‍්‍රයාත්මක නොවීම. හොඳ නිෂ්පාදනයක් තිබුණට එය ආයෝජන මට්ටමට ගෙන ඒමට නොහැකි නම් ඉන් පලක් නැහැ. ඒ නිසා රජයේ ප‍්‍රතිපත්තිය විය යුත්තේ මෙම ක‍්‍රමවේදය ඉදිරියට ගෙනයාමයි.

 ප‍්‍රශ්නය – මේ වනවිට කර්මාන්ත අමාත්‍යාංශයත්, කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව 2022 ජාත්‍යන්තර කර්මාන්ත ප‍්‍රදර්ශනයකට සූදානම් වෙනවා. මෙවැනි ප‍්‍රදර්ශන පැවැත්වීමේ අරමුණ පැහැදිලි කළහොත්

 පිළිතුර – අපි කැමති වුණත් නැතත් පැවැති වසංගත තත්ත්වය හමුවේ අපට යම් යම් දේවල් කල්දාන්න වුණා. නමුත් කර්මාන්තකරුවා දුෂ්කරතා මැද තමන්ගේ කාර්යය ඉටු කළා. කොරෝනා තිබුණා කියා අප ආයතනය පවා වසා දැමුවේ නැහැ. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වගේම වසංගතය පැවැති වසර දෙකේ අපට ජීවත්වීමට කර්මාන්තකරුවා කි‍්‍රයාකළා. කර්මාන්තකරුවා ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කළා. සමහර කර්මාන්තකරුවන්ට ආදායම් අඩු වුණා. නමුත් ඔවුන් සේවකයන් ආරක්ෂා කරනු ලැබුවා. කොරෝනා නිසා ආනයන සීමා වුණා. ඒ නිසා ආනයනය කරන දේවල් මෙරටදී නිෂ්පාදනය කරන්න අවස්ථාව ලැබුණා. කොරෝනා නිසා යම් යම් පාඩු වගේම බෙනිෆිට්ස් ලැබුණා. මෙම තත්ත්වය නිසා කොරෝනා වසංගතය මැද වුවද ඔවුන්ට ක්ෂේත‍්‍රය රැුකගැනීමේ අවස්ථාව ලැබුණා. රජයේ ප‍්‍රතිප්තතිය වගේම කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ප‍්‍රතිපත්තිය වන්නේ දේශීය කර්මාන්තකරුවා රැුකගැනීමයි. කර්මාන්තකරුවන් මෙතරම් අසීරු යුගයක රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. පැවැති අර්බුදය හමුවේ තමන්ගේ නිෂ්පාදන පවා මේ අයට වෙනස් කරන්න සිදුවුණා. ඇඳුම් මහපු අය මාස්ක් හදන්න පටන් ගත්තා. ග්ලවුස් හදපු අය ඒප‍්‍රන් හදන්න පටන් ගත්තා. ජනජීවිතයට අලූතින් එකතු වෙච්ච උපාංග නිෂ්පාදනය කරන්නත්, පිටරට යවන්නත් මේ අය කි‍්‍රයාකළා. මේ ලැබුණු අවස්ථාව සමග අප සියලූදෙනාම කල්පනා කරන්න ගත්තා අපේ රටේ මේ දේවල් හැඳුවොත් තමයි ගොඩගන්න පුළුවන් කියලා. මෙය කළයුතු වන්නේ කර්මාන්තකරුවන්. ඒ නිසා මෙම කර්මාන්තකරුවන්ගේ දක්ෂතා, හැකියා මුළු ලෝකයටම පෙන්විය යුතුයි. මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ කර්මාන්තකරුවන් ඉන්නවා. ඒ නිසා මේ මොහොතේ අපි අපේ කර්මාන්තකරුවන්ට උපහාරයක් දැක්විය යුතුයි. කර්මාන්ත ප‍්‍රවර්ධනය කරන්න සිටින ආයතනයක් විදිහට අපි කල්පනා කළා මේ අය එක තැනකට ගේන්න. සමහරවිට එක් ආයතනයක් හදන නිෂ්පාදන ගැන අනෙක් ආයතනය දන්නේ නැහැ. එම ආයතනය නිෂ්පාදනය කරන දේ ගැන අනෙක් ආයතනය දන්නේ නැහැ. සමහරවිට එක් ආයතනයක් නිෂ්පාදනය කරන දේ අනෙක් ආයතනයේ රෝ මැටීරියල් එක විය හැකියි. කියමනක් තියෙනවානේ My output is your Input කියලා. මෙම කරමාන්ත ප‍්‍රජාව එකට සම්බන්ධ කළ යුතුයි.

 රාජ්‍ය ආයතන විදිහට ගත්විට දුම්රිය, ජල සම්පාදන, විදුලිබල යන ආයතනවල විශාල මිලදී ගැනීම් තියෙනවා. මේවාට චීනයෙන්, ඩුබායි වලින්, ඉන්දියාවෙන් ගොඩක් දේවල් ආනයනය කරනවා. මෙසේ ගෙන්වන බොහෝ දේවල් අපේ කර්මාන්තකරුවන්ට හදන්න පුළුවන්. මේ තිබෙන ඩොලර් හිඟයත් සමග ඊට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජල සම්පාදනයත් සමග අප ළඟදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. ඔවුනට අවශ්‍ය බොහෝ දේ අපේ කර්මාන්තශාලාවල හදලා දෙන්න පුළුවන්. හදන්න පුළුවන් දේ ගැන රාජ්‍ය අංශයටත් අවබෝධයක් නැහැ. කර්මාන්තකරුවන්ටත් අවබෝධයක් නැහැ. මේ සියලූ පාර්ශ්ව එක තැනකට ගෙනා විට හැමදෙනාටම අප රටේ නිෂ්පාදනය කරන දේ ගැන අවබෝධයක් ඇතිකර ගන්න පුළුවන්. සමහරු කියනවා අපේ රටේ ඉඳිකට්ටක්වත් හදන්නේ නැහැ කියලා. ඒක වැරදියි. රටේ ගොඩක් දේවල් හදනවා. නැව්ත් හදනවා. අපිමයි අපේ කොන්ද කඩාගෙන තියෙන්නේ. වෙළෙඳපොළ ආර්ථිකය තුළ අපේ සිතුවිලි පවා වෙනස් කරලයි තියෙන්නේ. නමුත් දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් අපට ගොඩක් දේවල් හදන්න පුළුවන් කියන තැනට අපි ඇවිත් සිටිනවා. කර්මාන්තකරුවන්ට උපහාර පවත්වන අතරේ මා විසින් ඉහතින් සඳහන් කළ සංකල්ප ජනගත කිරීමයි මේ ප‍්‍රදර්ශනයේ අරමුණ.

 දැනටමත් අපේ රටේ ආයෝජනය කරපු පිටරට ආයෝජකයෝ ඉන්නවා. ඒකාබද්ධ ව්‍යාපාර තියෙනවා. සමහර විට එක් මනුස්සයෙක් එක් ආයතනයක් සමග පමණක් ඒකාබද්ධ වී බිස්නස් එක කරගෙන යනවා. මේ ප‍්‍රදර්ශනයට ආවිට අදාළ ආයතනයට තේරුම් ගන්න පුළුවන් අප රටේ ගොඩක් දේවල් හදනවා නේද කියලා. එතකොට යම් ආයතනයකට හිතන්න පුළුවන් මේ අය සමගත් එකතු වුණොත් තවත් දේවල් හදන්න පුළුවන්නේ කියලා. ඒ වගේ ආයෝජන අවස්ථා මෙම ජාත්‍යන්තර කර්මාන්ත ප‍්‍රදර්ශනයට සමගාමීව ගොඩනැගෙනවා. වෙළෙඳපොළ අවස්ථාත් නිර්මාණය වෙනවා. ඊට අමතරව B to B Contact එනම් Business to Business ඇති වෙනවා.

 ප‍්‍රශ්නය – මෙම ප‍්‍රදර්ශනය කාටද විවෘත වෙන්නේ

 පිළිතුර – මෙම ප‍්‍රදර්ශනය ඇවිත් බලන්න කියා තරුණ ප‍්‍රජාවට විශේෂයෙන් ආරාධනා කරනවා. රටේ කර්මාන්තකරුවන්, තරුණ ප‍්‍රජාව මෙය දැකිය යුතුයි. තරුණ ප‍්‍රජාව මෙම ප‍්‍රදර්ශනයට සම්බන්ධ වීම තුළ මටත් යමක් කරන්න පුළුවන් නේද කියන හැගීම ගන්න පුළුවන්. ත‍්‍රීවිල් එකක් අරන් හතර අතට දුවනවාට වඩා තමාට කර්මාන්තයක් පටන් ගන්න පුළුවන් කියන හැගීම තරුණයන්ට මෙම ප‍්‍රදර්ශනය හරහා ගන්න පුළුවන්.

 ප‍්‍රශ්නය – මෙම ප‍්‍රදර්ශනයේදී මොන වගේ දැනුමක්ද තරුණ තරුණියන්ට ලබාදීමට අපේක්‍ෂා කරන්නේ.

 පිළිතුර – කර්මාන්ත පිළිබඳව දැනුම දෙන්න අපි අවස්ථාව හදලා තියෙනවා. ඊට අමතරව කර්මාන්තශාලාවල ඇබෑර්තු තියෙනවා. ඒ ගැනත් මෙහිදී දැනුවත් කරනවා. රැුකියා වෙළෙඳපොළක් ලෙසට ක‍්‍රියාත්මක නොවුණත් විවෘතව කතාබහ කිරීම තුළින් රැුකියා අවස්ථාවන්ට යොමුවෙන්න අවස්ථාව හදනවා. ඒ සඳහා ඇප් එකකුත් හදලා තියෙනවා. කර්මාන්ත ශාලා 400ක් පමණ මෙම ප‍්‍රදර්ශනයට ඒවි කියලා අපි විශ්වාස කරනවා. ඒ හැම කර්මාන්ත ශාලාවකම තියෙන ඇබෑර්තු අපි එක ඇප් එකකට ගන්නවා. අනතුරුව මෙම ඇබෑර්තු ගැන ප‍්‍රදර්ශනය බලන්නට එන අය වගේම අන් අයවත් දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

 ඊට අමතරව පාසල් සහ විශ්වවිiාල දරුවන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි මිහිලක මැ`දුරේදී අධ්‍යාපනික වැඩසටහන් පැවැත් වෙනවා. සූම් තාක්‍ෂණයෙන් මේ රටේ ඉන්න ඕනෑම අයෙකුට ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ හරහා කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ගැන තරුණ ප‍්‍රජාවට දැනුවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. යම් අයකුට කර්මාන්තයකට එළැඹීමට මෙය උත්තේජනයක් වේවි කියලා අපි විශ්වාස කරනවා. විශ්වවිiාල වලින් වසරකට කොච්චර උපාධිධාරීන් පිටවෙනවද? එක කණ්ඩායමකින් දහයක්වත් ආයෝජන ක්‍ෂේත‍්‍රයට පිවිසෙනවා නම් කොච්චර හොඳද? එම පරිසරය හැදීමත් මේ ප‍්‍රදර්ශනයේ එක අරමුණක්.

 මේ රටේ සිටින වාත්තුකරුවන් අන්ත අසරණ වෙලයි හිටියේ. ඒ ගොල්ලන්ගේ අභිප‍්‍රාය වෙලා තිබුණේ මේ රටේ ගොඩගැසෙන අබලි ද්‍රව්‍යයි. සෑහෙන කාලයක් මෙම අබලි ද්‍රව්‍යය පිටරට ඇරියා. තඹ, ඇළුමිනියම්, පිත්තල, යකඩ වැනි දේ ඡුාවාරම්කරුවන් නිදහසේ වික්කා. අමුද්‍රව්‍ය නැති නිසා වාත්තු කරුවන්ගේ කර්මාන්තශාලා වැසුණා. ඒක නවත්වලා දෙන්න කියලා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගෙන් වාත්තුකරුවන් ඉල්ලීමක් කළා. අගමැතිවරයාත් සම`ග සාකච්ඡුා කරලා ඒවා පිරට යැවීම තහනම් කළා. ඉන් පසුව වාත්තු කර්මාන්තය බලන් සිටියදී ඉදිරියට ආවා. අලූත් කර්මාන්තශාලා ඇති වුණා. නව ආයෝජන ඉදිරියට ආවා. මෙම ලැබූ ජයග‍්‍රහණය අපට මෙහිදී පෙන්වන්න පුළුවන්. ඉන් කර්මාන්තකරුවන්ගේ අභිපේ‍්‍රරණයක් ඇති වෙනවා.

 අපේ රටේ බොයිලර් බෝඞ් නැහැ. පිටරටින් ගෙන්වන්නේ. ඒවා ඉදිරියේදී අප රටේ නිෂ්පාදනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය අවුරුදු දෙකේදී රාජ්‍ය අංශයෙත් කර්මාන්තවල යම් පිබිදීමක් ඇති වුණා. මෙම කථිකාවත් මෙම ප‍්‍රදර්ශනය හරහා ඉදිරියට ගෙනඒමට අපි බලාපොරොත්තු වෙනවා.

 සාකච්ඡා කළේ – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment