අපි අල්ලන ඉස්සන්ගෙන් සියයට 90 ක්ම රටට විදේශ විනිමය ගෙන එනවා – ධීවර අමාත්‍යාංශය මර  නින්දේ..!

165

ඉස්සෝ ඇල්ලීමට නොහැකිවීමෙන් ධීවර පවුල් විසිපන්දහසක් අනාථයි

ඉන්දියානු බොටම් ට්‍රෝලිං ක‍්‍රමය නැවැත්වීම සඳහා රජය විසින් පනවන ලද තහනම මෙරට ධීවරයන්ට බලපෑම නිසා කල්පිටිය, මන්නාරම, යාපනය, හැඳල මුහුදු සීමාවේ ඉස්සෝ ඇල්ලීමට නොහැකි වී ඇතැයි සීමාසහිත එක්දින හා බහුදින ට්‍රෝලිං යාත‍්‍රා ධීවර හිමියන්ගේ

ජාතික සම්මේලනයේ සභාපති කේ. වයි. රුෂාන්ත ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය.

මෙම තහනම නිසා ධීවර බෝට්ටු දහසක පවුල් විසිදහසකට අධික පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද හෙතෙම කීය.

ඉන්දියානු ධීවරයන්ට පනවන ලද තහනම මෙරට ධීවර ජනතාවට ද බලපා ඇති නිසා තම දරු මල්ලන් ජීවත්කරවීමේ ගැටලු රැසකට ද මුහුණපා ඇතැයි හෙතම කීය. මෙහිදී තවදුරටත් කතාකළ රුෂාන්ත ප‍්‍රනාන්දු මහතා මෙසේ ද කියා සිටියේය. මේ තහනම පනවලා තියෙන්නේ ඉන්දියානු ධීවරයන්ට. ඒ තහනම අපටත් බලපාලා තියෙනවා. අපි සතියකට ඉස්සෝ කිලෝ පන්දාහක් විතර ඇල්ලුවා. මේ තහනම පනවා තිබුණත් ඉන්දියානු ධීවරයන් මේ මුහුදු සීමාවට ඇවිත් ඉස්සෝ ටික අල්ලගෙන යනවා. ඉන්දියානු ධීවර බෝට්ටු දහස් ගණනින් ඇවිත් තමයි මේ ඉස්සෝ අල්ලගෙන යන්නේ. වසර 45 ක් තිස්සේ ඉස්සෝ අල්ලපු අපි දැන් අනාථයි.

මේ සම්බන්ධයෙන් අපි කීප වතාවක්ම ඇමැතිතුමා, ලේකම්තුමිය ඇතුළු බලධාරීන්ගෙන් විමසන්නට කොළඹ ආවා. 13 වතාවක් කොළඹ ආවා. අපි ඔක්කොම විරෝධතා දක්වලා යන එකයි කරන්නේ.

අපි අන්තිමටම උද්ඝෝෂණය කළේ පෙබරවාරි 28 වැනිදා. ඒ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට.

මේ ගැටලුව විසඳගන්න අපි අනෙක් ධීවර සංගම් සාමාජිකයනුත් සමග එකතු වුණා. එදා ඒ උද්ඝෝෂණය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට කළා. එතනට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහත්තයා ඇවිත් කිව්වා ඕගොල්ලන්ගේ ප‍්‍රශ්නයට විසඳුම් දෙන්නම් 15 දෙනෙක් එන්න අමාත්‍යාංශයේ සාකච්ඡුාවට කියලා. ඊට පස්සේ අපි 15 දෙනක් අමාත්‍යාංශයට ගියා. එහිදී මේ ප‍්‍රශ්නය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළා. පස්සේ ඒ අය අපිට ඉස්සෝ ඇල්ලීම සඳහා ඉක්මනින්ම අවස්ථාව ලබාදෙනවා කියලා පොරොන්දු වුණා.

නමුත් දැන් මේ ගැන අහන්න ඇමැතිතුමාගේ ලේකම්තුමියගේ

ජංගම දුරකථනයට ගත්තත් ආන්සර් කරන්නේ නැහැ. මේ ලංකාවේ ධීවරයන්ට තමන්ගේ මුහුදු සීමාවට ගිහින් ඉස්සෝ ටික අල්ලන්න අවසර නැහැ. නමුත් අර කොහේවත් ඉන්න ඉන්දියානු ධීවරයන් මේ ලංකාවට ඇතුල්වෙලා ඉස්සෝ විතරක් නෙවෙයි මත්ස්‍ය සම්පතත් අල්ලගෙන යනවා.

මේවා ගැන එක රජයේ බලධාරියෙක් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. මේ තත්ත්වය තුළ අපිට වගේම අපේ දරුමල්ලෝ ටිකත් ජීවත්කරවන එකත් ප‍්‍රශ්නයක් වෙලයි තියෙන්නේ. මේ ප‍්‍රශ්නය ගැන රජයේ බලධාරීන්ගේ අවධානය යොමුකරවන්න අපි කොළඹට ආපු අවස්ථා 13 ටම කොච්චර බස් වියදමක් ගියාද? ඇයි ධීවරයන්ගේ

දුක මේ ධීවර ඇමැතිතුමාට හා ඒ අමාත්‍යාංශයේ නිලධාරීන්ට තේරෙන්නේ නැත්තේ.

අනිත් එක මේ ඉන්දියානු ධීවරයන් අනවසරයෙන් ලංකාවේ මුහුදු සීමාවට ඇතුල්වෙලා අපේ මත්ස්‍ය සම්පත අල්ලාගෙන යන එක නතර කරන්න. නාවික හමුදාවට කියන්න මේක නවත්වන්න කියලා. ඒ අයට එක නීතියක් අපිට තව නීතියක්.

අපි අල්ලන ඉස්සන්ගෙන් සියයට 90 ක්ම රටට විදේශ  විනිමය ගෙන එනවා - ධීවර අමාත්‍යාංශය මර  නින්දේ..!

එස්. රවි –

මෙම ඉස්සො ඇල්ලීමේ රැකියාව අපේ සමිතිය හරහා නිසියාකාරව ක‍්‍රමානුකූලව නීති රීතිවලට එකඟව කරගෙන යනවා. මෑතක සිට පනවා තිබෙන තහනම හේතුවෙන් රැකියාව කරගෙන යෑමට නොහැකි තත්ත්වය තුළ අපි ඔක්කොම අසරණ වෙලා.

ඒ. ඞී. කොස්තා –

අපි අල්ලන ඉස්සන්ගෙන් සියයට 90 ක්ම අපේ රටට විදේශ විනිමය ගෙන එනවා. ඒ නිසා ඉස්සෝ දැන් ඇල්ලීමට නොහැකිවීම නිසා ඒකත් නැවතී තිබෙනවා. නාරා ආයතනයෙනුත් අපේ රැකියාවට අවසර ලබාදී තිබෙනවා. එම නිසා නිදහසේ රැකියාව කරගෙන යෑමට ඉඩ දෙන්න.

ඩබ්. එන්. ලිවේරා –

මේ ට්‍රෝලිං ක‍්‍රමය 1977 කරගෙන එන පාරම්පරික රැකියාවක්. මෙම ධීවර රැකියාව පරම්පරා 3 ක් ඔස්සේ කරගෙන එන්නක්. ඒ නිසා ධීවර ජනතාව ගැන අනුකම්පා කර නිසියාකාරව රැකියාව කරගෙන යන්න ඉඩ දෙන්න.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment