නතාෂා ගේ දික්කසාද කතාව බොරුවක්!

410

ප්‍රිහාන් ගේ සින්දුවට ආදිත්‍යාව ගන්න කිව්වේ මම

තමන් සමඟ යුග ගීතයක් ගායනා කරන්න ආරාධනා කළ තරුණයා සමඟ ජීවන ගීතය ගැයූ නතාෂා – ප්‍රිහාන් ආදර කතාව ගැන පසුගිය කාලයේ විවිධ කතා පැතිරිණි. සමාජ මාධ්‍යවල පළවුණේ නම් නතාෂා පෙරේරා දික්කසාද වී ඇති බවය. මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න අපි නතාෂා පෙරේරාට කතා කළා.

● නතාෂා කොහොමද ඉතිං?

මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නේ. වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වුණා. අලුත් ගීතයක් කරලා තියෙන්නේ ඒකත් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. තවම රූප රචනාව කරලා නෑ.

● පද රචනය කාගේද?

පද රචනය සහ සංගීතය චතුර වර්ණසේකරගේ.

● ගීතය නම් කරලා තිබෙන්නේ

‘දමා ගියා’ කියලා.

නතාෂා ගේ දික්කසාද කතාව බොරුවක්!

● කවුරු දමා ගියා ගැනද කියැවෙන්නේ?

එහෙම නෑ. ඒක ප්‍රේක්‍ෂකයන්ට තමයි භාරදීලා තියෙන්නේ.

ගෙවී ගිය කාලයේ මොනවද කළේ?

මම දැන් ලංකාවට ඇවිත් මාස තුනක් විතර වෙනවා. ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන දැන් අවුරුදු හයක් විතර වෙනවා. නිතර ලංකාවට එනවා. මේ පාර ලංකාවට ආවේ නිර්මාණ කරන්න හිතාගෙනමයි.

ප්‍රසංග වලට එහෙම ආරාධනා තිබෙනවාද?

ඔව්. ඇත්තටම ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. පෙබරවාරි 18 වැනිදාත් නුවර ප්‍රසංගයකට ආරාධනා ලැබුණා. මමත් කොහෙන්හරි වැඩ පටන්ගන්න එපායැ. කාලෙකින් තමයි මම තැවතත් ක්‍ෂේත්‍රයට එන්නේ.

තනාෂා නිහැඬියාව බිඳින්න ද සැරසෙන්නේ?

ඔව්. මම නිහැඬියාව බිඳින්න තමයි සූදානම් වෙන්නේ. ඒ මගේ සුපුරුදු ගායනයට අවතීර්ණ වීමේ අදහසින්.

පසුගිය කාලයේ සහභාගි වුණු වැඩසටහන්වලට ලැබුණු ප්‍රතිචාර එහෙම ?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද මට තවම හිතාගන්න බැහැ මෙච්චර කාලයක් ගිහිල්ලත් ලැබෙන ආදරය ගැන. මම හිතනවා මම හරි වාසනාවන්තයි කියලා.

“සුළඟක් වී මම එනවා” කිව්ව පුංචි නතාෂා තවමත් ජනප්‍රියයි?

මට තවම ඒ ආදරය දැනෙනවා. ජනප්‍රියද නැතිද කියලා තීරණය කරන්න ඕනෑ ප්‍රේක්‍ෂකයෝ තමයි. හැබැයි මට ඒ ආදරය ගොඩක් වටිනවා.

නතාෂා ගේ දික්කසාද කතාව බොරුවක්!

පසුගි දවස්වල නතාෂා දික්කසාද වුණා කියලත් කතාවක් පැතිරුණා නේද?

ඔව්. ඇත්තටම එහෙම ගොසිප් එකක් සමාජ මාධ්‍යවල පැතිරුණා. නමුත් එහෙම කිසිම දෙයක් නෑ. මම හිතන්නේ මීට කලිනුත් මම ඒ ගැන කතා කරලා තිබෙනවා. ඒකට හේතුවකුත් තිබෙනවා. මම සමාජ මාධ්‍යවල එහෙම පෞද්ගලික ජීවිතය පිළිබිඹු කරපු නැති නිසා වෙන්න ඇති. හැබැයි ඔය පැතිරුණු කතාවල කිසි සත්‍යයක් නෑ.

පැතිරුණු ගොසිප් එක බොරුවක්?

ඔව්. පැතිරුණු ගොසිප් එක බොරුවක්. මොකද එහෙම දික්කසාදයක් වෙලා නැහැනේ.

ප්‍රිහාන්ගේ ඒ පුංචි කාලේ කියලා ගීතයක් එළැදැක්වූවා නේද?

ඒ ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගීතය ගායනා කරන්නේ ප්‍රිහාන් සහ ආදිත්‍යා වැලිවත්ත. ඒක වෙනස්ම තේමාවක්. අයියගෙයි නංගිගෙයි තිබෙන ආදර තේමාවක්. නොහිතපු විදිහට ප්‍රතිචාර දැනටත් ලැබෙනවා.

ප්‍රිහාන්ගේ ගීතය ගැන නතාෂාට තිබෙන්නේ මොනවගේ හැඟීමක්ද?

ඇත්තටම ප්‍රිහාන්ටත් නංගි කෙනෙක් ඉන්නවා. මේ ගීතය පද රචනය කරලා තිබෙන්නේ බන්දුල නානායක්කාරවසම් මහතා. ඒ හැඟීම හොඳටම දැනිලා තිබෙනවා. තවමත් ඒ ගීතය බලනකොට ඇස්වලට කඳුළු එනවා.

මේ ගීතය ගායනා කරන්න ප්‍රිහාන් නතාෂට කතා කළේ නැතිද?

ඇත්තටම නැහැ. එතැනදී තේමාව වෙනස්. ඒ ආදර ගීතයක් නෙමෙයි. අපි දෙන්නම කතා කරලා තමයි ආදිත්‍යාව මේ ගීතයට ගන්න තීරණය කළේ.

ආදිත්‍යාව තෝරාගැනීම ගැන නතාෂාට දුකක් තිබෙනවාද?

අනේ කොහෙත්ම නැහැ. මම මේ ක්‍ෂේත්‍රයට ආවේ අද ඊයේ නෙමෙයි. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු විස්සක් විතර වෙනවා. ඇත්තටම ප්‍රිහාන් ගේ දේවල් සමාජ මාධ්‍යයට පෝස්ට් කරන්නෙත් මම. ඉතිං එයාට ටික්ටොක් පවා හදලා දෙන්නෙත් මම. ඒක නිසා මට ගොඩක් සතුටුයි. මොකද මම ඒ දේවල් මගේ අතින්ම සිද්ධවෙන නිසා.

නතාෂා ගේ දික්කසාද කතාව බොරුවක්!

පසුගිය කාලයේ පැතිරුණු කතා ගැන ප්‍රිහාන් මොනවද කිව්වේ?

මම මේ ක්‍ෂේත්‍රයේ අවුරුදු විස්සක් විතර ඉන්න නිසා එයා දන්නවා මම ඒ වගේ දේවල්වලට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. මම ඒ දේවල්වලින් කිසිම විදිහකට සැලෙන්නේවත් කලබල වෙන්නේවත් නෑ. ඒක හින්ද ඒ දේවල් සාමාන්‍ය විදිහට තමයි ගත්තේ.

ප්‍රිහාන්ගෙයි නතාෂාගෙයි ගීතයක් එළිදක්වන්නේ කවදාද?

ඇත්තටම දැනට එහෙම අදහසක් නෑ. නමුත් ඉදිරියේදී බලමු. ඒ වගේම අපි දෙන්නගේම ප්‍රසංගයක් කරන්න කියලත් යෝජනා ඇවිල්ල තිබෙනවා. හැම දෙයක්ම කාලයත් එක්ක විසඳේවි.

දිගටම ලංකාවේ ඉන්නවාද?

ඇත්තටම කෙටි කාලයකට. නැවතත් ඔස්ටේ්‍රලියාව බලා පිටත් වෙනවා. අපි දෙන්නම යන්න තමයි බලාපොරොත්තුව.

රංගනයටත් ආරාධනා ලැබුණා කියන්නේ ඇත්තද?

ඇත්ටම රඟපෑමට ආරාධනා ලැබුණා. තිර පිටපත් පවා මට එවලා තිබුණා. දැනට විකාශනය වෙන ටෙලි නාට්‍යවලින් පවා මට ආරාධනා ලැබුණා. නමුත් අවාසනාවකට මට ඒවට සම්බන්ධ වෙන්න බැරිවුණා. හේතුව මම දැන් ලංකාවෙන් යන්න ඉන්න හින්දා. ටෙලිනාට්‍යයක් කියන්නේ ලොකු වගකීමක්. ඒක භාරගත්තාට පස්සේ මට මැදදී දාල යන්න බැහැ.

නතාෂාට හැදුණු ගොසිප් ගැන කලකිරීමක් තිබෙනවාද?

මම ක්‍ෂේත්‍රයට එන්නේ ඉතාම පුංචි කාලෙනේ. ඉතිං ඔය ගොසිප් වගේ දේවල් කාලෙන් කාලෙට විවිධ විවිධ විදිහට එනවා. මම මේ ක්‍ෂේත්‍රයට එනකොට සමාජ මාධ්‍ය තිබුණේ නැහැ තමයි. නමුත් කාලෙන් කාලෙට අපි විවිධ විවිධ දේවල් එක්ක ගැටෙනවානේ. ඉතිං ඒක ලොකු දෙයක් නෙමෙයි. ජනප්‍රියත්වය ප්‍රසිද්ධියේම කොටසක්. ඕක මට විතරක් වෙන දෙයක් නෙමෙයි. ලෝකෙම සෙලිග්‍රේටිලාට වෙන සාමාන්‍ය සිද්ධාන්තයක්. ඒවාට අපි ප්‍රතිචාර දැක්වීමත් ඊළඟ වැදගත් කාරණය. ඒවාට කලබල වෙනවද සාමාන්‍ය විදිහට ගන්නවාද කියන කාරණය තිබෙන්නේ අපේ අතේ.

දිනේෂ් විතාන
ඡායාරූප-ලක්මාල් සිංහාරගේ
හැඩගැන්වීම-සැලෝන් ලංකා ෆර්නෑන්ඩු
ඇඳුම්-D.H. Clothing

advertistmentadvertistment
advertistmentadvertistment