අපි ඉල්ලපු මස් රාත්තලක් නෑ

127

ගුරු වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා මස් රාත්තලම ඉල්ලූවේ නැතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (02 දා* පැවසීය.

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුකමිටු විසින් තම ඉල්ලීම්වලින් තුනෙන් එකක් ලබාදීමට නිර්දේශ කර ඇති බවත් එය ද අවස්ථා හතරකට බෙදා ලබාදීමට පමණක් ගුරු සංගම් විරෝධය පළ කළ බවත් ජයසිංහ මහතා කීය.

ගුරු විදුහල්පති සංගම් විසින් කැබිනට් අනු කමිටුව නිර්දේශ කළ තුනෙන් එකක කොටස එකවර ඉල්ලා සිටින බවත් ඉතිරි කොටස් දෙක පසුවට ලබාදීමට එම කමිටුව නිර්දේශ කර ඇති බවත් ඒ මහතා කීවේය.

ගුරු සංගම් නම්‍යශීලීව එකඟතාවකට පැමිණීමට හැකි ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කර තිබියදී ඇමැතිවරුන් වැරදි ප‍්‍රකාශ කරමින් මහජනතාව අතර වැරදි මතයක් පැතිරවීමට කටයුතු කරන බව පෙනී යන බවද ජයසිංහ මහතා කීය.

ඇතැම් කැබිනට් අනු කමිටුවේ ඇමැතිවරුන් සුබෝධනී කමිටු වාර්තාවට අනුමැතිය ලැබී නැතැයි ප‍්‍රකාශ කරන බවත්, ඇමැති අනුකාර කමිටුව කැබිනට් මණ්ඩලයට ලබාදුන් වාර්තාව මගින් සුබෝධනී වාර්තාව පිළිගන්නා බව නිර්දේශවල 10 වැනි වගන්තියේ සටහන්ව තිබෙන බවත් ජයසිංහ මහතා කීවේය. මේ සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන්නේ නම් පැහැදිලි කරදිය හැකි බවද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment