අපි කියනතුරු ගෑස් පෝලිම්වලට එන්න එපා ලිට්‍රෝ කියයි

246

ලිට්‍රෝ සමාගම දැනුම් දෙනතෙක් ගෑස් පෝලිම්වල රැඳී නොසිටින්නැයි එම සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 ගෑස් මෙටි්‍රක් ටොන් 3500 ක් අඩංගු නැවක් අද (26 දා) මෙරටට පැමිණීමට නියමිත බවත් එම නැවේ ගෑස් තොගය ගොඩබෑම් සිදුවන තෙක් ගෑස් බෙදාහැරීම් කිරීමේ හැකියාවක් නැති බවත් එම සමාගම පවසයි.

 මුහුදේ රළු ස්වභාවය අනුව ගෑස් ගොඩබෑම ප්‍රමාද වීමේ හැකියාව ද පවතින නිසා අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් එම සමාගම ඉල්ලා සිටී. ලිට්‍රෝ සමාගම ගෑස් මෙටි්‍රක් ටොන් 7500 ක් ලබාගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන හයහමාරක් ගෙවා ඇති බවත් එම සමාගම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment