අපි තවමත් මොඩ් ගොවියෝ – වාරණය ඉවත්වීමෙන් පසු ජය ශ‍්‍රී හඩ අවදි කරයි

210

මොඞ් ගොවියා” සුදු ඇඳුමින් සැරි වගේ ගීත හරහා රසිකයන් තුළ වෙනස්ම රසයක් මතු කළ ජය ශ‍්‍රී සංගීත කණ්ඩායමට පසුගිය කාලයේ ඇති වුණ ගැටලූවක් නිසා නීතිය හමුවට යන්න සිදු වුණා. නමුත් මේ වන විට ඒ කටයුතු අවසන් වෙලා ඔවුන්ගේ සුපුරුදු ගමන පටන් අරගෙන. ඒ අතර අපි රෝහිත් සමග පිළිසඳරක යෙදුනෙ අලූත්ම තත්ත්වය දැනගන්න.

 රෝහිත්” මොකක්ද ජය ශ‍්‍රී ගෙ අලූත්ම තත්ත්වය?

 අපි අපේ ගමන යමින් ඉන්නෙ. දැනට අවුරුද්දකට විතර කලින් පොඩි අවුලක් ඇති වුණා. මිනිස්සු කෝමා තත්ත්වෙකින් අවධි වෙලා වගේ එක එක දේවල් කියාගෙන යනකොට ප‍්‍රශ්න ඇති වෙනව. නමුත් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඒවා ඔප්පු කරන්න ඕනා. අදාළ පුද්ගලයන් අපේ කණ්ඩායමේ ඉන්න කාලෙ ඔවුන්ගෙත් අනදැනුම ඇතිව අවුරුදු විසි එකකට කලින් ඔස්ටි‍්‍රයා රටේ මේ ගැටලූවට අදාළ වුණ දේවල් නීත්‍යනුකූලව ලියාපදිංචි කරල තියෙනව. අපි ඒවා ඔප්පු කරල පෙන්නුවා. දැන් ඒ ප‍්‍රශ්නය ඉවරයි.

 අපි පරිසරය ගැන කතා කරනව. සාමය ගැන කතා කරනව. මේ වගේ මිනිස්සුන්ට වැදගත් වෙන දේවල් බොහොමයක් අපි අපේ සංගීතය මගින් කතා කරනව. ඒ විදිහට අපේ ගමන අපි යනව. දැනට අවුරුදු දෙකකට විතර කලින් ‘ලව්. නමින් අපේ ගීත ඇල්බමයක් එළිදැක්වූවා. ජීවිතයේදි සමහර විට සමහර දේවල් වෙන්නෙ හොඳට. ඒ වෙලාවේදී අපහසු තත්ත්වයක් දැනෙන්න පුළුවන්. නමුත් අපි ධනාත්මක විදිහට හිතුවා. මොකද අපේ ගීත විශාල ප‍්‍රමාණයක් රසිකයන්ට දෙන්න පුළුවන් වුණා. අපිට බැක් කරන සංගීත කණ්ඩායම් පුහුණුවීම් කළා. ඉදිරියේදී පැවැත්වෙන සංගීත ප‍්‍රසංගවලදි අපේ අලූත් ගීතත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව.

 ඇත්තටම කවුද මේ ජය ශ‍්‍රී?

 ජය ශ‍්‍රී කියන්නෙ අපි දෙන්න විතරක් නෙමෙයි. මේක සත් දෙනකුගෙන් යුක්ත සංගීත කණ්ඩායමක්. ලංකාවේ තුන් දෙනෙකුයි” අප‍්‍රිකා රටේ එක්කෙනෙකුයි”

 බන්ග්ලාදේශයේ දෙදෙනෙක් සහ එක් අයෙක් ඔස්ටි‍්‍රයාවේ. ඇත්තටම කිව්වොත් අපි මහද්වීප තුනක පිරිසක් එකතුවෙලා හැදුන කණ්ඩායමක්.

අපි තවමත් මොඩ් ගොවියෝ - වාරණය ඉවත්වීමෙන් පසු ජය ශ‍්‍රී  හඩ අවදි කරයි



 නමුත් පෙනී සිටින්නෙ දෙදෙනෙක් පමණයි?

 මෙහෙමයි. අපේ කණ්ඩාමට සම්බන්ධ අනෙකුත් අය ඉන්නෙ ඔස්ටි‍්‍රයාවේ. ඒ නිසා කණ්ඩායමටම එකවර සංචාරය කරන්න අපහසුයි. සම්පූර්ණ කණ්ඩායම මේ වන විට ලංකාවට තුන් වතාවක් ඇවිත් තියෙනවා. ලංකාවේ අපේ අයගෙ ප‍්‍රසංගවලට අපි දෙන්නෙක් ආවත් ජාත්‍යන්තර වේදිකාවට යනකොට සම්පූර්ණ කණ්ඩායම ම ඒවාට සහභාගී වෙනව.

 මේ කණ්ඩායම නැවතත් ලංකාවට ගෙන්වන්න අදහසක් තියෙනවද?

 අනිවාර්යයෙන්ම.. කොවිඞ් ප‍්‍රශ්නය නිසා මුළු ලෝකයම ලොකු කරදරයක වැටිල තියෙන්නෙ. දැන් ආයෙත් ටිකෙන් ටික වැඩ පටන්ගන්නව. යුරෝපයේත් මේ වන විට ශීත කාලය ආරම්භ වෙලා. ඒවායේ සැණකෙළි සඳහා දැනටමත් අපිට ආරාධනා ලැබිල තියෙනව. ලෝකයේ තත්ත්වය හොඳ මට්ටමක තිබුණොත් නැවතත් අපිට ඒවායේ ර`ගදක්වන්න පුළුවන්. ඒ අතර අපේ සම්පූර්ණ කණ්ඩායම සමග ලංකාවේ ප‍්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 ළඟදී ජාත්‍යන්තර ප‍්‍රසංගයකට සහභාගී වෙනවා?

 ඔව්. මාර්තු මාසයේ පස්වැනිදා අපි පළමු වැනි වතාවට එංගලන්තයේ ප‍්‍රසංගයකට සහභාගී වෙනවා. ඒක පැවැත්වෙන්නේ ලංකාවේ සිටින වකුගඩු රෝගීන්ට ආධාර පිණිස. පසුගිය කාලයේ ඔවුන් අපිව සම්බන්ධ කරගන්න ගොඩක් උත්සාහ කළා. නමුත් කොවිඞ් තත්ත්වය නිසා ඒ අවස්ථාව මගහැරුණා. මේ වතාවේ බොහොම ආදරෙන් අපි ඒකට සහභාගී වෙනවා.

 ඔබ සහ ඔබේ සහෝදරයා අතර විරසකයක් ගැන පැතිර යන කතාව මොකක්ද?

 අපි හිතාගෙන ඉන්න විදිහට සහ අපි දැනගෙන ඉන්න විදිහට අපිට තරහකාරයො බොහොම අඩුයි. නමුත් සමහර වෙලාවට එක්කෙනෙක් හෝ දහදෙනෙක් වෙන්නත් පුළුවන්” සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගිණුම් හදාගෙන විවිධ දේ කරන අය අපි දකිනව. ලංකාවේ ගොඩක් දෙනෙක් කාගෙ හරි දියුණුවක් දැක්කම කකුලෙන් අදිනව. ඒ නිසා මේ වගේ දේවල් සාමාන්‍යයි. අපිට මේ තත්ත්වය ගොඩක් අඩුයි කියල හිතනව. මොකද අපි හැමෝමත් එක්ක ආදරෙන් ඉන්නෙ. අපි දෙන්නා වුණත් බොහොම සරල ජීවිත ගතකරන්නෙ. ඒකට ගොඩක් අය කැමතියි. ඒ ආදරය අපිට ලැබුණෙ අපේ ගීත නිසාම නෙමෙයි. ගොඩක් අය ජය ශ‍්‍රී කියන්නෙ ආගමක් කියල කියනව” බ‍්‍රෑන්ඞ් එකක් කියල කියනව. මේවා අපි හදාගත්ත එවාට වැඩිය අපේ රසිකයන් අතරින් හැදිල තියෙන දේවල්. අපි පුද්ගලයො හැටියට” අපි ඉන්න විලාසය අනුව” රසිකයන්ට දෙන පණිවිඩවලට” ඔවුන් එක්ක යම් යම් දේ බෙදාගන්නා හැටියට” පරිසරය ගැන”  දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි උදව් කරන ආකාරයට වගේ මේ හැම දෙයක් එක්කම වෙන්න ඇති මේ ආදරය අපිට ලැබෙන්නෙ. ඒකට අපි ගොඩක් වාසනාවන්තයි වගේම ඒ ආදරයට අපිත් බොහොම ආදරෙයි.

 බාහිර පෙනුම යෞවනයේ ආකර්ශණය වෙනුවෙන්ද?

 අනේ නැහැ. මම ගෙදර ඉන්නව වගේම තමයි කොහේත් ඉන්නෙ. රොහානුත් ඒ වගේ. අඳින පළඳින එක අපිට පහසු විදිහක්. මේ කාවවත් අනුකරණය කිරීමක් නෙමෙයි. ටයි කෝට් දැම්මා වගේ නෙමෙයි” වේදිකාව් දුවන්න පනින්න ඇත්තටම අපිට පහසුයි. පොඩි පොල් අතු කඬේ නවත්තල අපි තේ එකක් බොනව. අපි දෙන්නම පදින්නෙ බට්ටා වාහනයක්. ජීවිතේ කියන්නෙ සියුම් දෙයක්. ඒ වගේම සරලව ඉන්න තරමට ජීවත් වෙන්න ලේසියි. පුහු ආටෝප ඇතිකරගත්තොත් ඒක තමන්ටම කරදරයක්.

 මේ සරල බවත් ආටෝපයක්් නෙමෙයිද?

 නැහැ. නැහැ. අපි ඉන්නෙ අපිට ඕන විදිහට. ලංකාවේ ගොඩක් අය ණය වෙලා කාර් ගන්නෙ ඇයි. ණය වෙලා ගෙවල් හදන්නෙ ඇයි. සමහර විට එහාපැත්තෙ ගෙදර මිනිහට පේන්න. නැත්තං ගමේ අයට පේන්න. ඊට පස්සෙ ණය ගෙවාගන්න බැරිව දුක් විඳිනව. නමුත් තමන්ට පුළුවන් හැටියට ජීවත් වුණොත් ඒ කරදර ගොඩක් අඩුකරගන්න පුළුවන්.

 ඉදිරි සැළසුම් මොනවද?

 දැනට විදෙස් රටවලින් පවා ප‍්‍රසංග වලට ආරාධනා ලැබිල තියෙනව. මේ දිනවල ඒවා සැළසුම් කරගෙන යනව. ඒ අතර ලංකාවේ ප‍්‍රසංග වලටත් සහභාගී වෙනව. අපේ ටී ෂර්ට් විකුණලා ඒ ලැබෙන මුදල් සමාජ සුබසාධනය වෙනුවෙන් යොදවනව. ඒ අතර මේ වගේ කරදරයක් වෙලා ටිකක් පස්සට ඇදිල මඩපාරක් වැදුණා. නමුත් අපි තවමත් මොඞ් ගොවියෝ්.


 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment