අපි දැන් මුහුද දිහා බලාගෙන හූල්ලනවා…. තෙල් මිලට එරෙහිව ධීවරයෝ හඬ නගති

154

වෙන්නප්පුව බහුදින ධීවර යාත‍්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් ඉන්දික ප‍්‍රනාන්දු
 
  අමරනන්ද විජේසේකර – මහවැව


 ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ බලපෑම් එල්ල වන මොහොතක තෙල් මිල වැඩි කිරීමට රජය ගත් පියවරෙන් ධීවර ජනතාව අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බහුදින යාත‍්‍රා හිමියන්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා බහුදින යාත‍්‍රා හිමියන්ගේ
 
 සංගමයේ සාමාජිකයින් වෙන්නප්පුව නයිනමඩම ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය. කොරෝනා වසංගතය හමුවේ ජනතාවට ඒකරාශී වී කිසිදු විරෝධයක් දැක්වීමට නොහැකි අවස්ථාවක තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය බොරදියේ මාළු බෑමක් වැනි බවද ඔවුන් පෙන්වා දෙති.
 
 මේ සම්බන්ධව අදහස් දක්වන සමස්ත ලංකා බහුදින යාත‍්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා-
 
 ඞීසල් මිල වැඩි කිරීමෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ බහුදින යාත‍්‍රාකරුවන්ටයි. අපි මේ රැුකියාව කරන්නේ ප‍්‍රශ්න රාශියක් කරපින්නාගෙන මහ මුහුදේ අවිනිශ්චිත ගමනක නිරත වෙන්න. ඒ අතරේ ජාත්‍යන්තර මුහුදේ රැුකියාව කරද්දී විවිධ බාධක එල්ල වෙනවා. ඒ වගේම දැන් ගිනිගත් නැවෙන් බලපෑම් එල්ල වෙමින් පවතින අවස්ථාවක ධීවරයා කබලෙන් ළිපට ඇද දැම්මා වගේ. සාමාන්‍යයෙන් බහුදින යාත‍්‍රාවක් එක් ගමනකට ඞීසල් ලීටර් 8000 ත් 12000 ත් අතර ප‍්‍රමාණයක් ගහනවා. තෙල් මිල වැඩි කිරීමෙන් අමතරව විශාල මුදලක් අපට වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ මුදලට සාපේක්ෂව අපට මාළු අලෙවි කරන්න බැහැ. පසුගිය
 
 වසරේ තෙල් බැරලයක මිල ඩොලර් 22 වෙනකම් අඩුවෙලා තියෙද්දි අපට කිසිදු සහනයක් දුන්නේ නෑ. ඒ වෙලාවෙ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා අපිට කිව්වා තෙල් මිල අඩු වුනාම ඒ මුදල් අරමුදලකට දාල තෙල් මිල වැඩි වෙද්දී අපට සහනයක් ලබා දෙනවා කියලා. ඒ වෙලාවේ කිසිම සහනයක් අපට ලැබුණේ නැහැ. දැන් ඔය අරමුදලට වෙච්ච දෙයක් නෑ. ඒකටත් මොකක් හරි මගඩියක් කරන්ඩ ඇති.
 
 සමස්ත ලංකා බහුදින යාත‍්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප‍්‍රනාන්දු මහතා
 
 නැවක් නිසා අද ජනතාව මාළු කන්නෙ නැති තත්ත්වයට පත් වෙලා. දැන් තෙල් මිලේ ප‍්‍රශ්නෙ. මේ සියල්ල ධීවරයගෙ කර පිට පටවලා තියෙන්නෙ. ඒ නිසා රජය දැනුවත් වෙන්න ඕන මේ ප‍්‍රශ්නවලින් ජනතාවට, ඔවුන්ගෙ රැුකියාවලට ගැටලූවක් නැතුව විස`දන්න. මේක සම්පූර්ණ මුලාවක්. ඒ නිසා කරුණාකරලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා විශාල විදේශ විනිමයක් ගෙනෙන අපිට දරන්න බැරි බර පටවන්න එපා. අපට ධීවර වරායන් තුළින් තිබුණු ගානට තෙල් අඩු කරලා අපට සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
 
 වෙන්නප්පුව බහුදින ධීවර යාත‍්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් රන්ජන්ජ මහතා.
 
 අපට මේ ගිනිගත් නැව නිසා විශාල බලපෑමක් එල්ල වුණා. ධීවරයා ඉතා අසරණ තත්වයට පත්වෙලා හිටියේ.
 
 රජය දැන් තෙල් මිල ඉහළ දමල තවත් අසරණ කළා. අනිත් එක අද ජනතාව මාළු කන්ඩ බය වෙලා ඉන්නේ. ඇත්තෙන්ම කැස්බෑවෝ, ඩොල්ෆින් නිතරම මුහුදේ උඩු දියේ ඉන්නේ. මේ නිසා නැවෙන් නිකුත්වුණ රසායනික ද්‍රව්‍ය නිසා යම්කිසි බලපෑමක් ඔවුන්ට වෙන්න පුළුවන්. හැබැයි ගැඹුරු මුහුදේ ඉන්න මාළුන්ට කිසිම බලපෑමක් එල්ල වෙන්නෙ නැහැ.
 
 වෙන්නප්පුව බහුදින ධීවර යාත‍්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් ඉන්දික ප‍්‍රනාන්දු මහතා.
 
 ලක්ෂ කෝටි ගාණක් පාඩු කරගෙන අඩුම ගානේ අපේ වියදමත් රැුකගන්න කියලා මුහුදට යන්න බලාගෙන ඉන්න මොහොතේ තමයි දැන්ම මේ තෙල් ප‍්‍රශ්නය ආවේ. අද අපි මොකද කරන්නේ. අපේ මේ ගැටලූ‍ව ගැන රජය මැදිහත් වෙනවා ද. අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒකට හේතුව තමයි පසුගිය
 
 කාලයේ කිසිම රජයක් අපිට සහනයක් දුන්නෙ නෑ. හැබැයි අරවා දෙනවා මේවා දෙනවා කියල අපිව රවැට්ටුවා. දැන් අපි මූද දිහා හූල්ලගෙන බලාගෙන ඉන්නවා. අපේ දරුමල්ලො ජීවත් කරවන්නෙ කොහොමද කියලා තාම හිතාගන්න බෑ.

advertistmentadvertistment
advertistmentadvertistment