අපි දෙන්නම එකම කාලෙක පිටියට පිවිසුණා… – සුනාමි විපතේදී අපේ ජනතාවට ඔහු කළ මෙහෙවර අපරිමිතයි

499

– මුත්තයියා  මුරලිදරන්

 ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු පා ද`ග පන්දු ක‍්‍රීඩක ෂේන් වෝර්න්ගේ අභාවය පිළිබඳව තමන් දැඩි සේ කම්පාවට පත් වී සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ද`ග පන්දු ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසීය.

අපි දෙන්නම එකම කාලෙක පිටියට පිවිසුණා... - සුනාමි විපතේදී අපේ ජනතාවට ඔහු කළ මෙහෙවර අපරිමිතයි

මුත්තයියා මුරලිදරන් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ 05 වැනිදින පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් කරමිණි.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ අපි දෙන්නම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසුනේ එකම කාලේක.

 ඔහු දක්ෂ පා ද`ග පන්දු යවන ක‍්‍රීඩකයෙක්, අපි දෙන්නා කෙරෙහි මුළු ලෝකයම ක‍්‍රිකට් රසිකයන් දැඩි විමසිල්ලෙන් හිටියේ අපි දෙන්නගෙන් දක්ෂ කවුද කියන එක ගැන.

 අවු. 52 වැනි අඩු වයසකදි ෂේන් වෝර්න් මහතා අභාවප‍්‍රප්ත වීම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ලොකු පාඩුවක්.

 ෂේන් වෝර්න් මහතාට වඩා අවු. තුනක් මම වයසින් අඩු නිසා මට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඔහුට වඩා වැඩිය කාලයක් රැුඳී සිටීමට හැකි වුණා.

 ඒ අනුව මට ඔහුගේ වාර්තා බිඳ හෙළමින් වාර්තාවක් තැබීමට හැකි වුණා. සුනාමි ව්‍යසනය වේලාවේ මම ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් කී‍්‍රඩා කළා. ඒ වේලාවේ ෂේන් වෝර්න් මගෙන් ඇහුවා මොනවද ලංකාවට මගෙන් වෙන්න ඕනි කියලා. ඒ අනුව මගේ ඉල්ලීමකට ලංකාවට ආපු ෂේන් වෝර්න් මහතා සීනිගම ප‍්‍රදේශයේ සුනාමි ව්‍යසනයෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහනධාර සහ නිවාස හදලා දෙන්න විශාල වශයෙන් කැපවීම් කළා.

 ඒ අනුව ඔස්ටේ‍්‍රලියාවේ ජනතාව අපිට උදව් කළා. ෂේන් වෝර්න් මහතාගේ අභාවය මටත් ශ‍්‍රී ලංකාවේ සියලූ දෙනාට දැඩි කනගාටුවක් තියෙනවා යනුවෙන් පැවසීය.

 නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment