අපි බලාපොරොත්තු වූ ආකාරයෙන් තීන්දුව ලැබුණා

410

ශ්‍රී ලංකා ක්‍රිකට් උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයේදී ඊයේ ලැබුණු තීන්දුව ගරු කටයුතුව පිළිගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වූ ආකාරයටම එම තීන්දුව ප්‍රකාශයට පත් වීම සතුටට කරුණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා සඳහන් කළේය.

ඔහුට ඇප ලබා ගැනීමට අදාළ කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ වනවිට ඩොලර් 40000ක මුදලක් ඒ රටට යවා තිබෙන බවත් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා කීය.

ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගන්නා ඉදිරි තීරණ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් පසුව ගැනීමට නියමිත බවත් රාත්‍රියේ ගමන් කිරීම පිළිබඳව ඔහු අනිවාර්යයෙන් වරදක් කර ඇති බවත් කපුවත්ත මහතා සඳහන් කළේය.

ධනුෂ්කගේ නඩු කටයුතු සම්බන්ධයෙන් එක්තරා නීතිඥවරයකු සිදුකරන ප්‍රකාශ නීති විරෝධී බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment