අපි යන්නේ නෑ…. ආණ්ඩුවට යන්න තරම් මොළේ අමාරුවක් නෑ

332

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වන බවට සහ ආණ්ඩුවට එක්වන බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මහත්වරු ‘‘දිවයින’’ට පැවසූහ.

පක්‍ෂයේ දිස්ත‍්‍රික් නායකත්වය පිළිබඳව යම් ගැටලූකාරී තත්ත්වයක් මතු වුවද පක්‍ෂයෙන් ඉවත් වීමට තරම් එය හේතුවක් නොවන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

මේ අතර සජබයෙන් ඉවත් වී ආණ්ඩුවට එක්වීමට තමාට මොළයේ අමාරුවක් නැතැයිද, පක්‍ෂයෙන් ඉවත් වීමට ලිපියක් භාරදීම හෝ එවැනි ක‍්‍රියාවක් කර නැතැයිද චමින්ද විජේසිරි මහතා කීය.

පක්‍ෂයෙන් ඉවත් වන බවට ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය වීම තමාට ගැටලූවක් බවත් එම ඕපාදූපය පිළිබඳ තමාද විස්තර සොයන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා කියා සිටියේය.

මීට දින කිහිපයකට පෙර තමන් හා චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයා සිය ආසන සංවිධායක ධුරවලින් ඉවත්වන බවට පක්‍ෂයේ මහලේකම් වෙත ලිඛිතව දැනුම් දුන් බවත් පක්‍ෂ මහ ලේකම්වරයා පමණක් දැන සිටි එම කාරණය මාධ්‍ය වෙතට ගියේ කෙසේ දැයි වහාම සොයාබැලිය යුතු බවත් ඒ මහතා පැවැසීය.

එම කරුණ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් කටයුතු කරන බවට අනාවරණය වී ඇති බවත් එවැනි කුමන්ත‍්‍රණකරුවන් පිළිබඳව සොයාබලා අවශ්‍ය කටයුතු කරන ලෙස පක්‍ෂ නායකවරයාට දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ආණ්ඩුවට මේ තොරතුරු දීලා තමන්ගේ කුඩුවුණු, වැටුණු, වළේ ඉන්න දේශපාලන චරිත ගොඩඑන්න ප‍්‍රවෘත්තියක් බවට පත්කරගෙන රත්නපුර දිස්ත‍්‍රික්කයේ සමහර දේශපාලන නායකයෝ උත්සාහ කරනවා. හේෂා විතානගේ පොහොට්ටුවේ මේ තනතුර ගත්තා කියලා තොරතුරු පතුරන්න. නායකතුමාට කියනවා ඉදිරියේදී මේ චරිත මොන ආකාරයේ නාට්‍යයක් රඟ දැක්වූවත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ අහිංසක ජනතාව, සජිත් පේ‍්‍රමදාස කියන චරිතය සමඟ ගොනුවෙලා ඉන්න ජනතාව මේ බොරුකාරයන්ට, මේ වැඩබැරි ටාසන්ලාට අහුවෙන්නේ නෑ. ඒක පසුගිය මැතිවරණයේදී ඔප්පු කරලා පෙන්නුවා.

අපි මතක් කරනවා සල්ලි මලූවලට දේශපාලනඥයෝ විකුණුන මේ ඉතිහාසයේ අපි දන්න විශාලම ගනුදෙනුව වෙච්ච දිනය තමයි එක්තරා දිනයක අද වගේ දවසක්. දින 52 ක පටන් ගන්නේ අද වගේ දවසක. අද අපි කියනවා සල්ලි මලූ කැරකැවුණා. ඒ දවස්වල තමයි හේෂා විතානගේලා චමින්ද විජේසිරිලා සල්ලිවලට ගන්න වාහනවල සල්ලි පුරවාගෙන ආවේ. ඔය ලොක්කෝ කෑ ගැහුවේ. එවැනි යුගයක මේ පක්‍ෂය පවා නොදීපු අපි පසුගිය 20 වන සංශෝධනය වෙලාවෙත් අපිට ගැහුවා. ඔන්න හේෂයි චමින්දයි යනවා කියලා. අපිව යවන්න ඕනේ කමක් තිබ්බා. යවන්න ඕන ලොම් හැලූන නායකයන්ට කියනවා ලේසි වෙන්නේ නෑ දුනේෂ් ගංකන්දලා යවා ගත්තට මේකට හයිය දීපු පුංචි නිලමේලා යවා ගත්තට හේෂාව යවා ගන්න ලේසිවෙන්නේ නෑ කියලා පණිවුඩය දෙනවා. ලොම් හැලූණු නායකයෝ රත්නපුරයෙන් එළවන්න ඕනේ කියන තීන්දුව ජනතාව ලබාදීලා තියෙනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment