අපි සහභාගි වෙනවා – හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන

275

සර්වපාක්‍ෂික සමුළුව පවත්වන්නේ ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට නොව රට පත්ව ඇති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා බව හිටපු ජනාධිපති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස ජනාධිපතිවරයාට සර්වපාක්‍ෂික සමුළුවක් පවත්වන ලෙස යෝජනා කළ බවත් ඒ අනුව පක්‍ෂ භේදයකින් තොරව එක් මේසයකට පැමිණ රට පත්ව ඇති අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ඇතැමුන් එම සමුළුවට සහභාගි නොවන බවට ප‍්‍රකාශ කළද රටේ දේශපාලන පක්‍ෂවල සහභාගිත්වය ඒ සඳහා ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment