අපි හැමදාම ශ්‍රී ලංකාව එක්ක හිටියා – චීන තානාපති කියයි

136

ශ්‍රී ලංකාවට සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවලදී චීනය සහාය දක්වන බව යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් මහතා පැවසීය.

එක් චීනයක් මූලධර්මයේ සිට ‘යුවාන් වැන්ග් 5’ දක්වා: අත්වැල් බැඳගෙන අපගේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව සුරකිමු යැයි ද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කියයි.

පසුගිය අඳුරු අත්දැකීම නිසා චීනය සෑම විටම ශ්‍රී ලංකාවට සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවල සහාය දක්වනවා. අපි ඒක දිගටම කරගෙන යනවා. ඊට හාත්පසින්ම වෙනස්ව, සමහර රටවල්, දුර හෝ ආසන්න, සෑම විටම ශ්‍රී ලංකාවට හිරිහැර කිරීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය නැවත නැවතත් පාගා දැමීමටත් විවිධ පදනම් විරහිත නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. ලබන මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න යළිත් ඇවිස්සීමට ඉඩ තියනවා. ශ්‍රී ලාංකීය ජනතාව තවමත් දැඩි ආර්ථික හා මානුෂීය දුෂ්කරතා සමඟ පොරබදමින් සිටින බැවින්, මානව හිමිකම් ගැන නිතරම දේශනා කරන එම රටවල් ඇත්ත වශයෙන්ම කුමක් කරනු ඇත්දැයි බොහෝ දෙනා කල්පනා කළ හැකිය. ස්ථිර සහයෝගයක් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අර්බුදය සමනය කිරීමට ඔවුන් උදව් කරයිද? එසේත් නැතිනම් ඔවුන් නැවතත් මානව හිමිකම් වසන් කිරීමේ මෙවලමක් ලෙස දිවයිනේ ජාතියේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට සහ ශ්‍රී ලාංකික ජනතාවගේ තුවාලයේ ලුණු තවරා ගැනීමට යොදා ගනීවිද යන්න අපි බලාගෙන ඉමු යැයි ද චීන තානාපතිවරයා සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment