අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය හෙට ඇරඹේ – ටවර් නාට්‍ය උළෙලට සියල්ල සූදානම්

184

ටවර්හෝල් රඟහල පදනම
අධ්‍යක්‍ෂ ජනරාල්
ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක

අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය හෙට ඇරඹේ - ටවර් නාට්‍ය උළෙලට සියල්ල සූදානම්

නාට්‍යකරුවන්ට සහ නාට්‍ය ප්‍රේක්‍ෂකයන්ට තවත් අලුත් අත්දැකීමක් එකතුකරමින් ටවර් හෝල් රඟහල පදනම ඉදිරිපත් කරන ‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය’ ටවර් නාට්‍ය උළෙල 2023 මෙම මස 09 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. මේ සඳහා මුද්‍රිත අනුග්‍රහය ‘දිවයින’ සහ ‘දි අයිලන්ඩ්’ පුවත්පත් මගින් ලබාදෙනව. උළෙලේ කටයුතු සිදුවෙන්නෙ මොන විදිහටද කියල දැනගන්න අපි ටවර්හෝල් රඟහල පදනම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක මහතාට කතා කළා.

‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය’ සංවිධානය වෙන්නෙ කොහොමද?

ටවර්හෝල් රඟහල පදනම අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව භාරකාර මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන ආයතනයක්. ඒ වගේම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ විෂයපථයට අයත්වන ආයතනයක්. මේ ආයතනයේ ප්‍රධාන පරමාර්ථ අතර ශ්‍රී ලංකාවේ නෘත්‍ය, නාට්‍ය, ප්‍රසාංගික කලාව ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම ඉදිරියෙන්ම තියෙනව. මේ වෙනුවෙන් වාර්ෂිකව නාට්‍ය උළෙලක් සංවිධානය කරනව. මෙවර සංවිධානය වෙන්නෙ ‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය’ ටවර් නාට්‍ය උළෙල 2023 නමින්. මේ මාසයේ 09 වැනිදා ආරම්භ වන නාට්‍ය උළෙල 24 වැනිදා දක්වා ටවර්හෝල් රඟහලේදී සහ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වෙනවා. ඒ අනුව දිගු නාට්‍ය 25ක්, කෙටි නාට්‍ය 12ක් සහ ළමා නාට්‍ය 02ක් ඇතුළුව නාට්‍ය හතළිහකට ආසන්න ප්‍රමාණයක් මෙවර නාට්‍ය උළලේදී රඟදැක්වීමට කටයුතු සූදානම් කරල තියෙනවා.

මෙවර තේමාවේ වස්තු විෂය මොකක්ද?

අපේ රටේ පසුගිය වසර පුරාවටම දේශපාලන, ආර්ථික වශයෙන් විශාල ප්‍රශ්න රැසක් මතු වුණා. මේ වියවුල් සහගත තත්ත්වයන්ගෙන් මිදී රට ස්ථාවර භාවයට පත්වන සහ නිර්මාණකරුවන්, කලාකරුවන්, රාජ්‍ය ආයතන, නිලධාරීන් ජනතාව සමග එකතුවෙලා රට ගොඩනඟන දිශානතියකට යොමු වන වසරක් ලෙස 2023 ගැන අපිට අපේක්‍ෂාවක් තියෙනවා. මේ අපේක්‍ෂාව අරමුණු කරගෙන ටවර්හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරන නාට්‍ය උළෙල අපේක්‍ෂාවේ නාට්‍ය උළෙල යනුවෙන් නම් කළා.

මෙවර නාට්‍ය උළෙළේ විශේෂත්වයක් තියෙනව?

ඔව්, මෙවර නාට්‍ය උළෙලටත් සුපුරුදු පරිදි සාම්ප්‍රදායික නාට්‍ය රැසක් ඇතුළත් කරල තියෙනව. ඒ වගේම මෙවර අපි වැඩිපුරම අවධානය යොමු කළේ සමාජය විසින් ඉල්ලා සිටින තරුණ නිර්මාණකරුවන්ගේ නාට්‍යවලට වැඩි ඉඩකඩක් ලබාදෙන්න.

නාට්‍යකරුවන්ට රඟහල පමණක් ලබාදීම ප්‍රමාණවත්ද?

මේ අවස්ථාව වන විට රාජ්‍ය ආදායම පිළිබඳ ප්‍රශ්න තියෙනව. ඒ වගේම ටවර්හෝල් පදනම ඇතුළු රජයේ ආයතනවල ආදායම් පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනව. මේ තත්ත්වය යටතේ වුවත් ටවර්හෝල් සහ එල්ෆින්ස්ටන් රංග ශාලා මුදල් අයකිරීමකින් තොරව ලබාදීමට ලක්‍ෂ විස්සකට අධික මුදලක් අවශ්‍ය වෙනවා. මේ වියදම රඟහල මගින් දරනව. මොකද අපිට ඒක පාඩුවක් වශයෙන් සලකන්න බැහැ. රඟහල නොමිලේ ලබාදුන්නා කියන්නෙ නාට්‍යකරුවාට තමන්ගේ නිර්මාණය වේදිකාගත කරන්න විතරයි තියෙන්නෙ. ඒ නිර්මාණ වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් අප විසින් ලබාදෙනව. මේ ප්‍රචාරණය තුළින් රඟහලට පැමිණෙන ප්‍රේක්‍ෂකයන් වෙතින් ලැබෙන සමස්ත ආදායම නාට්‍යකරුවාට ලැබෙනවා. ඒ අනුව අපි හිතනව මෙවර උළෙලේදී ඔවුන්ට පාඩුවක් සිදු නොවේවි කියල. කොවිඩ් වසංගත කාලයේ සංවිධානය කළ නාට්‍ය උළෙලේදී නාට්‍යකරුවාට සහන දීමනාවක් ලබාදුන්නත් මෙවර එම දීමනාව ලබාදීමට ආර්ථිකමය වශයෙන් ශක්තියක් නැහැ.

නාට්‍යකරුවන්ගන් ලැබන සහයෝගය?

මෙවර උළෙල සඳහා නාට්‍ය හැටකට අධික ප්‍රමාණයක් ඉල්ලුම් කළා. ඒ අතරින් නිර්මාණ තෝරාගැනීමට මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහත්මයාග් ප්‍රධානත්වයෙන් යුත් වියත් කමිටුවක් පත් කළා. එහිදී ගියවර අවස්ථාව ලබාදුන් නාට්‍ය සඳහා මෙවර අවස්ථාව ලබා නොදීමටත්, තරුණ නාට්‍යකරුවන්ට සහ නව නාට්‍ය වලට වැඩි අවස්ථාවක් ලබාදීමටත් කටයුතු කරනු ලැබුවා. ඒ සඳහා නාට්‍යකරුවන් ඉතා හොඳ සහයෝගයක් ලබාදුන්නා.

ගමනාගමන පහසුකම් පවා සූදානම්?

ඔව්, රාත්‍රි 8.30න් පසුව නාට්‍ය අවසන් වන විට ප්‍රේක්‍ෂකයන්ට ගමනාගමන පහසුකම් සපයා ගන්න අපහසුයි. ඒකට විසඳුමක් විදිහට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට ගමනාගමන මණ්ඩලය සමග සහ බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය සමගත් සාකච්ඡා ආරම්භ කරල තියෙනවා.

අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය හෙට ඇරඹේ - ටවර් නාට්‍ය උළෙලට සියල්ල සූදානම්

එල්ෆින්ස්ටන් රඟහල සවස 03.30/06.30

  1. සින්දුකාර කවිනළුව
  2. මාරක ළිඳේ සවාරියක්
  3. Love and Lockdown
  4. ගුරු තරුව
  5. සිල්වෙස්ටර් ආයෙමත්
  6. මනෝ මේඝ
  7. ඇඳන් කැඩුණු රටක
  8. Mono Night
  9. ජූලියස් සීසර්
  10. කුවේණි
  11. දැන්වීම ඇලවීම තහනම්
  12. බෝනිකි ගෙදර 2
  13. විවේක දිනය
  14. දෙව්ලෝ දෝණි
  15. හිතට වැටුණු මිසයිල
  16. මකරෙක් ඇවිත්
අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය හෙට ඇරඹේ - ටවර් නාට්‍ය උළෙලට සියල්ල සූදානම්

ටවර් රඟහල සවස 03.30/06.30

  1. මහත්මා@ගාන්ධි.කොම්
  2. බක්මහ අකුණු
  3. සඟ වෙද ගුරු ගොවි කම්කරු
  4. පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්
  5. පාරාවෝ සටන් වදී
  6. හිතුමතේ ආදරේ
  7. ඊඩිපස්
  8. හිනාවෙලා මිනිත්තුවක්
  9. අයියා මලෝ
  10. Missing
  11. සූටි ගමරාළ සහ රයිගම් බණ්ඩා
  12. ප්‍රේමයේ නගරය
  13. විවේක දිනය
  14. පොත්ගුල/පීලීස් ලිස්න් ටු මී/ගමනක් යං/නයිට් ඩියුටි (කෙටි නාට්‍ය)
  15. ප්‍රේමී කවිනළුව/කිරි අමම්ා අවතාරය/ධර්මිෂ්ට සමාජයක්/ආණ්ඩුවේ රස්සාවක් (කෙටි නාට්‍ය)
  16. හත්පෙති මල
advertistmentadvertistment
advertistmentadvertistment