අපේක්‍ෂා රෝහලට ඖෂධ පරිත්‍යාග ඉල්ලයි

210

මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධවල හිඟයක් ඇති බවත්, එම ඖෂධ ලබාදීමට කැමැති පරිත්‍යාගශීලීන් පරිත්‍යාග ඒකකයේ 0777 – 468503 යන දුරකථන අංකයට අමතන ලෙසත් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ඉල්ලා සිටී.

වැඩිහිටි හා ළමා රෝගීන් 800 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා පවසයි.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මෙසේද කියා සිටියේය.

රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ හිඟයි. හිඟ ඖෂධ මොනවාද කියා රෝහලේ පරිත්‍යාග ඒකකයට කතා කරලා දැනගන්න පුළුවන්. එම ඒකකය සෑම දිනකම උදේ 8.00 සිට සවස 4.00 දක්වා විවෘතයි. මේක සංවේදී තැනක්. රෝහලට උදව් කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment