අපේ‍්‍රල් කැරැල්ලේ තව පැත්තක් ‘කර්නල්වරුන්ගේ අති සුන්දර යුද්ධය’

2382

අපේ‍්‍රල් පස්වැනිදාට ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැුල්ලට පනස් එක් වසරක් සපිරෙයි. ඒ ගැන අද වැඩි දෙනකු නොදන්නා කරුණු එවකට පොලිස් දෙපාර්තමේන්තුව ආවරණය කළ වාර්තාකරුවෙකු විසින් යළි මතකයට නැගීමකි මෙම ලිපිය.

 එය 1948 දී බි‍්‍රතාන්‍ය පාලනය අවසන් වීමෙන් පසු

 ශ‍්‍රී ලංකාවේ ඇතිවූ පළමු රාජ්‍ය විරෝධී සන්නද්ධ කැරැුල්ලයි. එය මැ`ඩලීමට එවකට පාර්ලිමේන්තුවේ නියෝජනය වූ සියලූ ප‍්‍රධාන පක්ෂවල සහාය රජයට ලැබුණේ එය ජනතා නැගිටීමක් ලෙස ඔවුන් නොසැලකූ බැවිනි.

 කැරැුල්ලෙන් ඇතිවූ එක් ප‍්‍රධාන බලපෑමක් නම් මෙරට ආරක්ෂක අංශවල ඇතිවූ වෙනසය.

 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල පටන් ගැනීමට අට මසකට පෙර එනම් 1970 අගෝස්තු දහනවනදා කොළඹ පොලිස් මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්විණි. ලේක්හවුසියෙන් පළකළ සිලෝන් ඔබ්සවර් (Ceylon Observer)  පුවත්පත නියෝජනය කරමින් මමද ඊට සහභාගි වීමි. එය ඒ වකවානුවේ (1969-1970) මාස් පතා පැවති අනෙක් එවැනි සාකච්ඡුාවලට වඩා විශේෂත්වයක් ගත්තේ එහි ප‍්‍රධාන මාතෘකාව ජවිපෙ ක‍්‍රියාකාරිත්වය වීම නිසාය.

 එදින පැවති සාකච්ඡුාවට එවකට පොලිස්පති ස්ටැන්ලි සේනානායක, නියෝජ්‍ය පොලිස්පති වරුන් වූ ජේ. වැන් සැන්ඩන් සහ රුද්‍රා රාජසිංහම් (පසුකලෙක පොලිස්පති), කොළඹ පොලිස් අධිකාරී එස්. එස්. ජෝසෆ්, පොලිස් අධිකාරී (රථ වාහන) ඞී. එස්. එස්. ජයතිලක, පොලිස් අධිකාරී (අපරාධ) බී. ආර්. ඩෝල්, නියෝජ්‍ය පොලිස් අධිකාරී (රථ වාහන) එම්. සෙල්වරත්නම් සහ පොලිස් අධිකාරී (සැලසුම්) එඞ්වඞ් ගුණවර්ධන යන නිලධාරීන් සහභාගි වූහ.

 එකල පැවති ප‍්‍රධාන පුවත්පත් සමාගම් තුනේ – ලේක් හවුස්, ටයිම්ස් (ලංකාදීප, Daily Mirror සහ Times of Ceylon)) සහ දවස /Sun ආයතනවලද ඇත්ත පුවත්පතේ සහ ලංකා ගුවන් විදුලි සංස්ථාවේද (එවකට Ceylon Broadcasting Corporation) වාර්තාකරුවෝ ඊට සහභාගි වූහ.

 මා හැරුනු කොට මාධ්‍යවේදීන් වශයෙන් ඊට සහභාගි වූවන් අතර ඔබ්සවර් පුවත්පතේම සරත් ද අල්විස්, දිනමිණේ ස්ටැන්ලි පේ‍්‍රමරත්න, ලංකාදීපයේ (එවකට ටයිම්ස් සමාගමෙන් පළකළ) උපාලි රූපසිංහ සහ එච්. ඩබ්ලිව්. ජයතිලක, ඬේලි මිරර් පුවත්පතේ කෙනත් හෝල් සහ නිහාල් කොරෙයා, ජනදිනේ මහින්ද අබේසුන්දර, දවස පුවත්පතේ පී. ගුණසේකර සහ දිසා විජේසේකර, ඇත්ත පුවත්පතේ බෙනට් රූපසිංහ, සිරි ලකේ විමල් පේ‍්‍රමරත්න, ජනතාවේ බ‍්‍රයන් ගෝමස්, තිනකරන් පුවත්පතේ කන්දයියා තිරු සහ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ටී.බී. දිසානායකද විය.

 ඒ කාලයේ මෙරට වැඩිදෙනා ‘ජනතා විමුක්ති පෙරමුණ’ යන නම දැන නොසිටියහ. ඉතා රහසිගතව ක‍්‍රියාත්මක වූ ජවිපෙ එදා හැඳින් වුණේ චේ ගුවේරා ව්‍යාපාරය නමිනි. ඒ එම පක්ෂය කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ ගේ කිට්ටුම සගයා වූ අනස්ටෝ චේ ගුවේරා ගේ දේශපාලන උපක‍්‍රම අනුගමනය කරන පිරිසක් ලෙස සැලකුනු බැවිනි.

 මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් නිලධාරීන් පැවසුවේ චේ ගුවේරා කල්ලිය කැරලි ව්‍යාපාරයක් බවත් රහස් පොලිසිය සහ ප‍්‍රාදේශීය පොලිසි මේ ගැන දැනුවත් කර ඇති බවත්ය. පොලිස් නිලධාරීන් පවා එදා මෙය ජනතා විමුක්ති පෙරමුණ ලෙස හැඳින්වූයේ නැත. කිසිම විදෙස් රටක් හෝ ආයතනයක් මෙම ව්‍යාපාරයට ආධාර කරන බවක් එතෙක් හෙළි වී නැති බවද පොලිස් නිලධාරීහු පැවසූහ. එහෙත් චේ ගුවේරා කල්ලියට මුදල් වලින් අඩුවක් නැති බව ඔවුන් විශාල වශයෙන් ප‍්‍රචාරක පත‍්‍රිකා මුද්‍රණය කිරීමෙන් ඔප්පුවන බව පොලිසියේ අදහස විය (පසුව ජවිපෙ සමග උතුරු කොරියාව සම්බන්ධය හෙළිවී එරට සමග තිබූ තානාපති සම්බන්ධකම් ශ‍්‍රී ලංකා රජයෙන් අත්හිටුවන ලදී)

 කැරැුල්ලක් පැන නැගුනොත් එය මැඩලීම පොලිසියට තනිවම කළ නොහැකි බැවින් ත‍්‍රිවිධ හමුදාවල සහාය ලබාගැනීමට සිදුවන බවත් පොලිස් නිලධාරීහු පැවසූහ.

 ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලනය අවසන් වීමෙන් පසු මෙරට අලූතෙන් ස්ථාපිත වූ ත‍්‍රිවිධ හමුදාවන් සහ පොලිසිය 1971 වන තෙක් කිසිම සන්නද්ධ සටන් අත්දැකීමක් ලබා තිබුණේ නැත. ඒ වන තෙක් වසර 1953 හර්තාලය සහ උතුරේ සත්‍යග‍්‍රහ වැනි විරෝධතාවලට මුහුණ දීම හැර ඔවුන්ගේ අනෙක් කටයුතු බෙහෙවින්ම සීමා වූයේ නිදහස් දින හමුදා පෙළපාලි වැනි උත්සවවල සාම්ප‍්‍රදායික රාජකාරි ඉටුකිරීමට පමණි. සාමාන්‍ය දිනවල මුර සංචාරයේ යෙදුනු පොලිස් භටයා රැුගෙන ගියේ බැටන් පොල්ලකි. සුළු කලබල වලදීද පොලිසිය පාවිච්චි කළේ පොලූ සහ කුලූය (රසදඑ ියසැකා). රයිෆල් වැනි ගිනි අවි භාවිත කළේ රටපුරා හදිසි තත්ත්වයක් පැනවූ අවස්ථාවකදී පමණය. යුද අත්දැකීම් ලබා තිබුණේ නම් ඒ දෙවන ලෝක යුද්ධයේදී බි‍්‍රතාන්‍ය හමුදාවන්ට බැඳී පිටරට සේවය කළ රිචඞ් උඩුගම (හිටපු යුද හමුදාපති) රොහාන් අමරසේකර (හිටපු ගුවන් හමුදාපති) සහ සෙනරත් කඩිගාව (පොලිස් ප‍්‍රවාහන අංශයේ හිටපු අධිකාරි) වැනි අතලොස්සකි.

 කැරැල්ල ඇරඹීමට පෙර වසරේ, එනම් 1970 කොළඹ හයිඞ් පිටියේ පැවති ජ.වි.පෙ. රැුස්වීම මමත් එවකට ඔබ්සවර් ප‍්‍රවෘත්ති කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එච්. එල්. ඞී. මහින්දපාලත් වාර්තා කළෙමු. එම රැුස්වීමේ වේදිකාව මත රතුපාටින් වර්ණවත් කළ, ලී හෝ හාඞ් බෝඞ් වැනි යමකින් තැනූ ලංකා සිතුවමක් සිටුවා තිබුණි. එතැනට රැස්වූ සෙනග අතර සිටි තරුණියන් පිරිසක් සිය වටිනා කනකර ගලවා ජ.වි.පෙ. පක්ෂ අරමුදලට පරිත්‍යාග කළහ. විජේවීරට අමතරව එහිදී කතා කළ අය අතර එවකට සරසවි සිසු නායකයෙකුව සිටි මහින්ද විජේසේකරද විය. රැුස්වීම ඇමතූ ඔහු ‘‘අපේ සටන පළමුව, ඉගෙනුම දෙවනුව” යනුවෙන් පවසනවා මට අද මෙන් මතකය. ඒ කාලයේ ඔහු ඔබ්සව කර්තෘ මණ්ඩලයට දුන් සම්මුඛ සාකච්ඡාවක් ඉරිදා ඔබ්සවර් පුවත්පතේ විශේෂාංග ලිපියක් ලෙස පළවිය. කැරැුල්ල පටන් ගැනීමට පෙරාතුව කෑගල්ලේ ජ.වි.පෙ. දිස්ත‍්‍රික් නායකයා වූ සරත් විජේසිංහ ගැටියමුල්ලෙදී කැරලි කරුවන් පිරිසකට ගිනි අවි පුහුණුවක් ලබා දීමේදී අත්වැරදීමකින් වෙඩි වැදී මියගියේය. (එහෙත් මෙය වැරදීමකින් සිදුවූවක්ද නැතිනම් අභ්‍යන්තර කුමන්ත‍්‍රණයක් නිසා සිදුවූවක්ද යන සැකය ඔහුගේ සමහර ඥාතීන් අතර අදටත් පවතී.)

 කැරැල්ලේ අරමුණු හෙළි වූයේ එහි හතර වැනි සැකකාර අනුර රංජිත් කුරුකුලසූරිය මහනුවර පොලිසියට 1971 මැයි 20දා කරනලද දීර්ඝ පාපොච්චාරණයෙනි. එය එවකට පිහිටුවා තිබූ අපරාධ යුක්ති කොමිසම මගින් සම්පූර්ණයෙන්ම පුවත්පත් වල පළකිරීම සඳහා අවසර දෙන ලදී.

 රෝහණ විජේවීර, කෙලී සේනානායක, නිශ්ශංක පේ‍්‍රමරත්න, ලාල් සෝමසිරි සහ ඒ. පේ‍්‍රමතිලක 1971 මාර්තුවේදී පොලිස් අත්අඩංගුවට ගන්නා ලද අතර කැරැුල්ල පටන්ගන්නා විටත් විජේවීර සිටියේ යාපන සිරගෙදර බැවින් පාපොච්චාරණයෙන් හෙළි වන්නේ ඊට පෙර විජේවීර පක්ෂ සාමාජිකයන්ට කැරැුල්ල දියත් කිරීම සඳහා දී තිබූ උපදෙස්ය.

 ඒ වසර 1970 දෙසැම්බරයේදී විජේවීර, ලක්ෂ්මන් මාදුවගේ නිවසේදී කුරුකුලසූරිය, සුනන්ද දේශප‍්‍රිය, සෝමසිරි කුමානායක, ජේමිස් උයන්ගොඩ, ටී. ඞී. සිල්වා, සිසිල් ප‍්‍රනාන්දු, ජේ. පී. ජී. ධනපාල ආදීන්ට පැවැතු පළමු දේශනයේ දීය. මෙහි පළවන්නේ ඉන් උපුටා ගත් කොටස්ය.

 ”….මෙහිදී කතාකළ විජේවීර පවතින රජය පෙරළා දමා විප්ලවීය රජයක් ගොඩ නගන හැටි විස්තර කළා. ලංකාවේ හැම පළාතකම බලය එක විට ඇල්ලිය යුතු යැයි ඔහු කීවා. යුද හමුදාවල සහ පොලිසිවල සම්පූර්ණ පාලනය තමන් අතට ගතයුතු බවත් ඔහු කීවා. විප්ලවයේ සාර්ථක හෝ අසාර්ථක බව රඳා පවතින්නේ මියයන පුද්ගලයන්ගේ ගණන අනුව නොවෙයි. විප්ලවය සාර්ථක අන්දමින් ජයගැනීමට නම් සතුරා නිරායුධ කළ යුතුයි. ආයුධ සන්නද්ධ හමුදාවලට විරුද්ධව සටන් කොටයි අපි බලය ලබා ගන්නට සූදානම් වන්නේ. මේ සටනින් දෙපක්ෂයේම ය මිය යන්නට පුළුවන්. ඒ මළ සිරුරු සාමාන්‍ය මහජනයා දකින්නට පෙර විනාශ කර දැමිය යුතුයි….”

 ”පොලිස් නිලධාරීන් නිරායුධ කළ යුතුයි. ඔවුන් සතු සියලූම අවි පැහැරගත යුතුයි. මේ කටයුතු කොහොම කළයුතුදැයි මා කියන්නේ නැහැ. ඒවා තම තමන්ගේ සාමාන්‍ය බුද්ධිය මෙහෙයවා කළ යුතුයි. ගරිල්ලා සංවිධානවලට නිතරම අවශ්‍ය තරම් අවි ආයුධ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් නිතරම තමන්ගේ සතුරාගේ ආයුධ පැහැරගන්නවා.

 පොලිස් සතුරා නිරායුධ කිරීමෙන් පසු ඔවුන් සියලූම දෙනා සිරභාරයට ගතයුතුයි. ඔවුන්ගේ දරුමල්ලන් ඇතුළු පවුල් සියල්ලම නිවාස අඩස්සියේ තැබිය යුතුයි. පොලිසියකට පහර දී එය අල්ලාගත් පසුව ජනතා විමුක්ති පෙරමුණේ රතු ධජය එහි එසවිය යුතුයි (කහපාට සිංහයා සහිත රතු ධජය)

 අල්ලාගත් පොලිස් ස්ථානයක් අපේ මධ්‍යස්ථානයක් කරගන්නට එපා. එය වෙනත් තැනකට ගෙනයා යුතුයි. අල්ලාගත් පොලිසියක අපේ අය නැවතී සිටිනවිට එය තවමත් අයත් පොලිසියක් යැයි වරදවා සිතන අපේ අයම සමහරට විට එයට පහර දෙන්නට පුළුවන්.

 අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරීන්ට අපේ දේශපාලන දර්ශනය පිළිබඳ අදහස් කවා ඔවුන් අපේ පක්ෂයට නතුකරගත යුතුයි. පොලිසියකට පහර දී එය අල්ලාගත් විගසම ඒ පළාතේ ආණ්ඩුවේ එජන්ත තැන, පොලිස් අධිකාරි, ඇමැතිවරු සහ ඇමැතිවරු සියල්ලන්ම අත්අඩංගුවට ගත යුතුයි. අපගේ ප‍්‍රතිපත්ති ඔවුන් අනුමත කරනවා නම් ඔවුන්ටත් ව්‍යාපාරයේ දර්ශනය ඉගැන්විය යුතුයි. එසේ නැතිනම් ඔවුන් සියල්ලන්ම රටින් පිටුවහල් කළ යුතුයි…”

 ‘‘මේ කාලයට රටේ මහා වැඩවර්ජනයක් මා බලාපොරොත්තු වෙනවා. ඒ වැඩ වර්ජනය නොසිදුවුවත් එසේ වැඩවර්ජයනයක් පවතින සමයක වැනි තත්ත්වයක් ඇතිකළ යුතුයි. රටපුරා විදුලි පණිවුඩ ක‍්‍රමය අඩපණ කොට විදුලිය කඩාකප්පල් කොට රට අඳුරේ තබා රට අඳුරේ තබා රටේ පරිපාලන තත්ත්වය සම්පූර්ණයෙන්ම ඇන සිටවිය යුතුයි.

 පොලිස්වලට පහර දිය යුත්තේ එක පිළිවෙළකටයි. ඈත පළාත්වල කුඩා පොලිසිවලට පළමුව පහර දිය යුතුයි. ඉන්පසු ඒ පොලිසිවල අවි ආයුධ රැුගෙන ඒවා යොදා විශාල පොලිසිවලට පහර දිය යුතුයි.

 ගරු අගමැතිනිය, ආචාර්ය එන්. එම්. පෙරේරා සහ පීට කෙනමන් යන අය බලහත්කාරයෙන් හැරගෙන යා යුතුයි. ඔවුන්ට බලකොට ජනතාව අමතා කරන කතාවක් කරගත යුතුයි. මේ කතා පටිගත කළ යුතුයි. සෑහෙන මහජන සහයෝගයක් තිබෙන නායකයන්ට කිසිම හිංසාවක් නොකළ යුතුයි. එසේ කළහොත් රටේ මහජනතාව අප ගැන කලකිරීමට පුළුවන්. පොලිසි අල්ලාගැනීමෙන් පසුව මහජනතාව අතරේ තිබෙන අවි ආයුධ වෙඩි බෙහෙත් ද ලබාගත යුතුයි. ඉන්පසුව රටේ සියලූම පෙට‍්‍රල් ගබඩා, ආහාර ගබඩා සහ මුද්‍රණාලයන් සියල්ලම සීල් තබා වසා තැබිය යුතුයි. අපේ පාලනය යටතේ පවතින ප‍්‍රදේශවල ඇඳිරි නීතිය පැනවිය යුතුයි. මේ ගැන ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කිරීමට මා කටයුතු යොදනවා.

 මේ රැුස්වීමේදී විජේවීර අතුල අමතා ට‍්‍රාන්ස්මීටර්ස් (ගුවන්විදුලි සම්පේ‍්‍රෂණ යන්ත‍්‍ර) සූදානම් කර තබන ලෙසත් කිව්වා. අපේ පාලනයට නතුව ඇති ප‍්‍රදේශවල තිබෙන කඩසාප්පුවල ද්‍රව්‍ය පාලන මිලට විකිණීමට සැලසිය යුතුය…”

 ‘‘අප පක්ෂයේ සාමාජිකයෙකු විසින් හෝ මැරවරයෙකු විසින් හෝ සිදුකරන ස්ත‍්‍රී ¥ෂණයක්, මං කොල්ලකෑමක් වෙතොත් පුද්ගලයා ගැන නොසලකා ඔහුට වෙඩි තබා මරා දැමිය යුතුය….”

 ‘‘ගුවන්තොටුපළ වලින් කිසිම ගුවන් යානයකට පිටවීමට ඉඩ නොදිය යුතුය. ඇමෙරිකානු, බි‍්‍රතාන්‍ය වැනි අධිරාජ්‍යවාදී රටවල තානාපති කාර්යාල වසා දමා එහි නිලධාරීන්ට තානාපති කාර්යාලත් සමග රටින් පිටව යන ලෙසට අණ කළ යුතුය. මෙම රැුස්වීමේදී විජේවීර මට කීවා නකල්ස් කඳු වැටියේ කැලයෙන් ස්ථානයක් සොයාගන්නා ලෙස. එදා මුළු දවසම මේ රැුස්වීම පැවැත්වූවා. මේ රැුස්වීමේදී විජේවීර තවත් දෙයක් සඳහන් කළා. මේ සටනින් පරාජයට පත්වුවොත් කැලයට පසුබසින ලෙස ඔහු අපට උපදෙස් දුන් අතර අභය භූමි ප‍්‍රදේශ මේ සඳහා උචිත බවත් පැවසුවා. යුද ශිල්ප ක‍්‍රම සහ උපක‍්‍රම ගැනත් ඔහු කතා කළා….”

 ‘‘….පොලිසියක් තිබෙන හැම පළාතක හැම සංවිධායෙකුම හිස් ටින් සහ බෝතල දහසක් බැගින් බෝම්බ සෑදීමට එකතු කළයුතු බව පැවසුවා…බෝම්බ හදන හැටිත් ඔහු කියා දුන්නා….”

 ‘‘අතුල මට කීවා ඔහු දැනට අත් බෝම්බ පන්දහසක් පමණ නිපදවා ඇති බව. මේ බෝම්බ කොළඹ, බදුල්ල, අම්පාර සහ අනුරාධපුරය යන ප‍්‍රදේශවලට යැවූ බවත් ඔහු කිව්වා.”

 (උපුටාගැනීම් නිමි)

 ‘ත‍්‍රස්තවාදියා’ යන වචනය මුලින්ම භාවිතයට ආවේද ජ.වි.පෙ. පළමු කැරැුල්ලත් සමග බව අද බොහෝ දෙනකු නොදනිති. එකවර දිවයින පුරා පොලිස් ස්ථාන අනූ දෙකකට පහරදෙමින් පටන්ගත් ජවිපෙ පළමු කැරැුල්ල තරුණ ජීවිත රැුසක් බිලිගනිමින් අවසන් වූ සැටි දැන් ඉතිහාසගතය.

 කැරැුල්ල ඇරඹෙන විට මෙරට සන්නද්ධ හමුදාවල සහ පොලිසියේ තත්ත්වය අද ඒවායේ පිරිස් බලය සහ අවි ශක්තිය හා සසඳන කල ඉතාමත් දුර්වලව තිබූ බව ඇත්තය. එහෙත් අඥාන ලෙස ලංකාවේ දේශපාලන-සමාජ පසුබිම කොමියුනිස්ට් විප්ලව ජයගත් කියුබාව සහ වියට්නාමය වැනි සමාජවාදී රටවල් සමග න්‍යායිකව ගලපා හිස් කිරි ටින් වල වෙඩි බෙහෙත් පුරවා අඩමානයට සැ¥ අත්බෝම්බ, ගල්කටස්, සොරාගත් ෂොට්ගන් වර්ගයේ තුවක්කු සහ රයිෆල් වැනි අවි වලින් තරුණ පිරිසක් රටක රාජ්‍ය බලය අල්ලන්ට තැත් කිරීමේ බොළඳ උත්සාහයක් මැ`ඩලීම ශක්තියෙන් හීන රජයේ හමුදාවකට වුවද එතරම් අභියෝගයක් නොවේ. කැරැුල්ල පටන්ගෙන සති කිහිපයකින් දෙපැත්තේම ජීවිත හානි මැද්දේ වුවද එය මැ`ඩලන්නට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සමගි පෙරමුණු රජයට හැකි වූයේ ඒ නිසාය.

 කැරැුල්ල මැ`ඩලීම සඳහා සෝවියට් දේශයෙන් මිග් 17  (MIG 17)) වර්ගයේ ගුවන් ප‍්‍රහාරක යානාද ලබා දෙන ලදී. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව සඳහා ඉන්දියාව ගුර්කා භට කණ්ඩායමක් එවීය. ඒ අතර ඉන්දියානු යුද නෞකා ලංකා වෙරළට ඔබ්බෙන් මුර සංචාර කළහ. රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර සන්නද්ධ බලයේ පරතරය ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ හාස්‍යජනක ලෙසය. ලන්ඩන් ඔබ්සවර් පුවත්පත (ඛදබාදබ ධඉිැරඩැර) ඒ ගැන 1971 මැයි දෙවනදා පළකළ වාර්තාවක සිරස් තලය වූයේ ”ලංකාවේ කර්නල් වරුන්ගේ අති සුන්දර යුද්ධය” (OH” WHAT A LOVELY WAR FOR THE COLONELS OF CEYLON)

 එය ලියූ කොලින් ස්මිත් නම් මාධ්‍යවේදියා කැරැුල්ල මැ`ඩලීමේ මෙහෙයුම හැඳින්වූයේ මෙසේය:

 ‘‘මැෂින්තුවක්කු, බර කාලතුවක්කු, සැහැල්ලූ කාලතුවක්කු, සන්නද්ධ රථ සහ හෙලිකොප්ටර් වලින් සමන්විත රජයේ හමුදාවක් ෂොට්ගන්, අත්බෝම්බ සහ මැෂින් තුවක්කු කිහිපයකින් පමණක් සන්නද්ධ වූ කැරලිකරුවන් සමග ‘යුද්ධ’ කළ හැටි….”

 පළමු කැරැුල්ලේදී ජ.වි.පෙ. පරාජයට හේතු වූ ප‍්‍රධාන වැරදි මෙසේය.

 (1) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් පෙරමුණු රජය වැඩි ඡුන්ද විශාල ගණනකින් 1970 පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් වසරක් ගතවන්නටත් පෙර රජයට විරද්ධව කැරැුල්ලක් දියත් කිරීම. ඒ නිසාම ඔවුන්ට පොදු ජන සහයක් නොලැබුනා පමණක් නොව වෙනත් වමේ කිසිදු පක්ෂ වලින්ද ඔවුන්ට ලැබුනු සහායක් නැත.

 (2) ඔවුන්ට සමාජවාදී හෝ ධනවාදී හෝ කිසිදු රටකින් සහායක් ලබාගන්නට බැරි වූවා පමණක් නොව සෝවියට් දේශය සහ චීනයද සහාය දුන්නේ ලංකා රජයටය. (උතුරු කොරියාව පමණක් අනියම් ලෙස යම් සහායක් දෙන්නට තැත් කළ බව ඔප්පු වූ බැවින් රජය එරට සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීය).

 ජානක පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment