අපේ‍්‍රල් අපනයන ආනයන වැඩිවෙයි

293

2020 වසරේ අපේ‍්‍රල් මාසයට සාපේක්ෂව මේ වසරේ (2021* අපේ‍්‍රල් මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.
 
 මේ අනුව ඉකුත් අපේ‍්‍රල් මාසයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 818 දක්වා සියයට 189.8කින් සහ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1707 දක්වා සියයට 52.1කින් ඉහළ ගොස් තිබේ.
 
 ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එහි මෙසේ ද සඳහන් වේ.
 
 ශ‍්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ අපේ‍්‍රල් මාසයේ දී මිශ‍්‍ර ක‍්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. පෙර වසරට සාපේක්ෂව වෙළෙඳ ගිණුමේ හිඟය 2021 වසරේ අපේ‍්‍රල් මාසයේදී අඛණ්ඩව දෙවන වරටත් පුළුල් වූ අතර, සංචාරක අංශයේ ඉපැයීම් අඩු මට්ටමක පැවතුණි. 2020 වසරේ අපේ‍්‍රල් මාසයට සාපේක්ෂව, 2021 වසරේ අපේ‍්‍රල් මාසයේදී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවතුණ ද, 2021 වසරේ මාර්තු මාසය හා සැසඳීමේ දී එම අගයන් පහළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, 2021 වසරේ අපේ‍්‍රල් මාසයේදී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින්, විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ එහි වර්ධන ප‍්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගත්තේය. මේ අතර, චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකම තුළින් වූ ලැබීම් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම මාසයේ දී ශක්තිමත් විය. අපේ‍්‍රල් මාසයේ මැද භාගයේ ඇති වූ උච්චාවචනයන් හැරුණුකොට ශ‍්‍රී ලංකා රුපියල මාසය පුරාම සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

advertistmentadvertistment
advertistmentadvertistment