අපේ‍්‍රල් සහල් මිල රු. 300ට උස්සන්න පොළොන්නරුවේ හාල් මෝල්ලු හැදුවා – ඇමැති බන්දුල කියයි

176

මෙම වසරේ අලූත් අවුරුදු සමය වනවිට පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් රුපියල් 300 ඉක්මවා අලෙවි කිරීමට පොළොන්නරුවේ මෝල් හිමියන් සැලසුම් සකස් කරමින් සිටින බවත් ඒ නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත රජය සහල් ආනයනය කරන බවත් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (17 දා) සඳහන් කළේය.

ගෝලීය අර්බුද කිසිවක් නොමැතිව යහපාලන රජය විසින් 2014 සහල් මෙටි‍්‍රක් ටොන් 600,000 ක් 2015 දී මෙටි‍්‍රක් ටොන් 286,000 ක්, 2016 දී මෙටි‍්‍රක් ටොන් 29,000 ක්, 2017 දී මෙටි‍්‍රක් ටොන් 745,000 ක්, 2018 දී මෙටි‍්‍රක් ටොන් 249,000 ක් වශයෙන් සහල් ආනයනය කරනු ලැබ ඇති බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ රජය බලයට පත් වීමෙන් පසුව 2020 වර්ෂයේ දී සහල් මෙටි‍්‍රක් ටොන් 16,000 ක් පමණක් ආනයනය කළ බවත් එම ආනයනය කිරීම හුදෙක්ම සහල් මාෆියාව විසින් පාරිභෝගිකයා සූරා කෑම වළක්වාලීමේ පියවරක් පමණක් වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කීවේය.

රජයෙන් රජයට වශයෙන් ආනයනය කරනු ලබන මෙම සහල්, ලංකා සතොස අලෙවිසල් ජාලය හරහා සහතික මිලකට පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සලසා ඇති බව ද ඇමැතිවරයා පැවසීය. ඒ අනුව, ඉදිරියේදී කිසිසේත්ම සහල් මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත්, ලංකා සතොස හරහා පාරිභෝගිකයාට සහන මිලට සහල් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

ලංකා සතොස අලෙවි ශාඛා නොමැති ප‍්‍රදේශවල ජනතාවට ද රජය විසින් ලබාදෙන මෙම සහන ලබා දීමේ අරමුණින් ක්‍ෂණික ඇමතුම් අංක 1998 ස්ථාපිත කරනු ලැබූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ අනුව විiුත් වාණිජ්‍ය :ෑ-ජදපපැරජැ) මගින් ලංකා සතොසෙන් භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමේ ක‍්‍රමවේදයක් ද සකසා ඇති බව පැවසීය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment