අපේ ආදරයට අවුරුදු අටයි…. ඉදිරියේදී හැමදේම වෙනස් වෙන්න පුළුවන්

421

ෆොටෝ එකේ හිටපු කෙල්ල හොයාගෙන අශාන් කසාද බඳියි

මං පතනවා, දෛවයේ තීරණයක්, වෙන් වෙන්න තිබුණා නම්, සත්තයි ඔයා වගේ මෑත කාලයේ තාරුණ්‍ය අතර අතිශය ජනප්‍රිය වුණ ගීත රැසකට හඬ මුසු කළ අශාන් ප්‍රනාන්දු පසුගිය දා විවාහ දිවියට එළඹුණා. ඒ දිගුකාලීන ආදර කතාවක ප්‍රතිපලයක් විදිහට. අපි අශාන්ගෙන්ම ඒ ගැන වැඩි විස්තර දැනගනිමු.

අශාන්, අපි මුලින්ම මේ ආදර කතාව පටන්ගත්ත තැනට යමු?

ඔව්, ඇත්තටම දැනට අවුරුදු අටකට කලින් තමයි අපේ ආදර කතාව පටන්ගන්නෙ. නෙළුම් මල් පොකුරක් තියාගෙන ඉන්න පොටෝ එකක් දැකල තමයි මම එයාව හොයන්න පටන්ගන්නෙ. කොහොම හරි මාස තුනක උත්සාහයෙන් පස්සෙ මට එයාව හොයාගන්න පුළුවන් වෙනව. ඒ දවස තමයි අපේ කතාවේ ආරම්භය. ගොඩක් කරදර බාධක හැලහැප්පීම් මැදින් ආපු මේ ගමන අවසානයේ අවුරුදු අටකට පස්සෙ අපි විවාහ වෙනව.

අපේ ආදරයට අවුරුදු අටයි.... ඉදිරියේදී හැමදේම වෙනස් වෙන්න පුළුවන්

ඔබේ ජනප්‍රියත්වයටද ඇයගේ කැමැත්ත ලැබෙන්නෙ?

නැහැ. ඒක තමයි විශේෂම කාරණය. මේ කාලයේදි මම ගායකයෙක් හැටියටවත්, මියුසික් කොම්පෝසර් කෙනෙක් හැටියටවත් ජනප්‍රිය වෙලා නැහැ. මගේ ජීවිතයේ කටුකම අත්දැකීම් ලබන කාලෙ තමයි මට කුමුදිව මුණගැහෙන්නෙ. ඒක මට ගොඩක් වටිනව. ඇය මගේ ජීවිතයට ආවෙ හැමදේම අරගෙන.

ඒ මම විශ්වාස කරන එකම දේ. එයාගෙ ජීවිතයෙත් ගොඩක් හීන තියෙන්න ඇති. නමුත් එයා ඒ හැමදේම හංගගෙන මගේ හීන වලට යන්න මට ගොඩක් උදව් කළා.

ඒ වන විට ඇය අවුරුදු කුමරිය තරගයකට අයැදුම් කරල?

ඔව්, ඇය කලින්ම තරගයකට අයැදුම් කරල තියෙනව. පිට කවුරුත් දන්නෙ නැති වුණාට මට කියල තමයි ඒ තරගයට සහභාගි වුණේ.

අපේ ආදරයට අවුරුදු අටයි.... ඉදිරියේදී හැමදේම වෙනස් වෙන්න පුළුවන්
අපේ ආදරයට අවුරුදු අටයි.... ඉදිරියේදී හැමදේම වෙනස් වෙන්න පුළුවන්
අපේ ආදරයට අවුරුදු අටයි.... ඉදිරියේදී හැමදේම වෙනස් වෙන්න පුළුවන්

වෙඩින් එක දවසෙ එළිදක්වපු අලුත් ගීතය ගැන කතා කළොත්?

මේ ගීතය මම සැලසුම් කළේ 2019 වසරෙදි. ඒ ඇය වෙනුවෙන්මයි. උෂානි විජේවන්ත අක්ක මගේ තනුවකට අනුව තමයි ගීතය ලිව්වෙ. මේ ගීතය රිලීස් නොකර තිබුණෙ. නමුත් මට හිතුන මේ ඒකට හොඳම කාලය කියල. ඒ නිසා මගේ වෙඩින් එකේ ගීතය විදිහට මම ඒක එළිදැක්වුවා.

විවාහ උත්සවය සැලසුම් වුණේ කොහොමද?

ඇත්තටම කිව්වොත් අපි විවාහ උත්සවය ලොකුවට ගන්න හිතුවෙ නැහැ. ඒ වගේම ගොඩක් කල් ඉඳන් සැලසුම් කළෙත් නැහැ. මේ හැම දෙයක්ම සිදු වුණේ මාස තුනක කාලයක් ඇතුළත. නමුත් මම හිතුවටත් වඩා මට සහ මගේ බිරිඳට හිතවතුන් ආදරය කරන බව මේ විවාහ උත්සවය දවසෙ දැනුණා. මොකද, මෑත කාලයේ ආරාධනා කළ සියලුම දෙනා සහභාගි වුණ මංගල උත්සවය හැටියට අපේ මංගල උත්සවය පත් වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම අපිට හිතාගන්නත් බැරි අය දුරකතන ඇමතුම්වලින් පවා අපිට සුබ පැතුව.

ඇත්තටම අපි ගතකළ ජීවිතයත් එක්ක බලනකොට අද ඉන්න තැන මහමෙරක් වගේ. වෙඩින් එකත් ලස්සනට කරගන්න ලැබුණ. ඒකෙ ගෞරවය කුමුදිට දෙන්න ඕන. මොකද ඇය තමයි මේ හැමදේම සැලසුම් කළේ.

කුමුදිගෙ ඔබ දකින විශේෂත්වය?

මට ගොඩක් තරුණියො මුණගැහිල තියෙනව. ඒ අතර කුමුදිගෙ තියෙන විශේෂත්වය තමයි ඇය ගොඩක් අවංකයි. ඕනම කෙනෙක් හදවතින් තමන්ගෙ කරගෙන උදව් කරනව. මේ නිසාම වැරදුන තැනුත් තියෙනව. ඇයගේ අවංක බව, මිත්‍රශීලී බව සහ අන් අයට උදව් කිරීම තමයි මම දකින විශේෂත්වය.

අපේ ආදරයට අවුරුදු අටයි.... ඉදිරියේදී හැමදේම වෙනස් වෙන්න පුළුවන්

මොනවද අලුත් සැලසුම්?

ලබන ඔක්තෝබර් මාසයේ මගේ කොන්සර්ට් එකක් තියෙනව ඔස්ටේ්‍රලියාවේ. ඊට අමතරව විදෙස්ගත වෙන්න අදහසකුත් තියෙනව. ඒ ගැනත් සැලසුම් කරමින් ඉන්නව.

සංගීත වැඩකටයුතු?

සිහින ගෙනෙන කුමාරියේ, රැල්ල වෙරළට ආදරෙයි, දිවිතුරා යන ටෙලි නාට්‍යවල සංගීත අධ්‍යක්‍ෂණ වැඩකටයුතු කරගෙන යනව. ඒ වගේම පසුගිය දා අවසන් වුණ හිතුවක්කාරී ටෙලි නාට්‍යයේත් සංගීත අධ්‍යක්‍ෂණය කළේ මම. මගේ මල්ලි ෂෙවෝන් ප්‍රනාන්දුත් මගෙත් එක්ක මේ වැඩවලට එකතු වෙනව. ඉදිරියේදී අලුත් චිත්‍රපටයක සහ වෙනත් නිර්මාණ කිහිපයකම වැඩකටයුතු කරගෙන යනව.

ඔබ වෙනත් ගායක ගායිකාවන්ගේ ගීතවලත් සංගීත අධ්‍යක්‍ෂණය කළා?

මම මුලින්ම කළේ ගීත නිර්මාණය කරන එක. නීත්‍යනුකූල විදිහට මුල්ම ගීතය නිර්මාණය කළේ රොෂාන් ප්‍රනාන්දු අයියට. ඒ ‘මට අයිති වෙලා’ කියන ගීතය. ඒ වගේම අමල් පෙරේරා සහෝදරයට ‘අදහන්නත් බෑ’, දිමංක වෙල්ලාලගේට ‘අවසාන ප්‍රේමයයි මාගේ’ වගේ බොහෝ දෙනකුට ගීත නිර්මාණය කළා. අවසානයේ තමයි මම ගීත ගායනයට පිවිසෙන්නෙ.

ඔබේ ‘ආයෙත් වරක්’ ගීතය නිර්මාණය වෙන්නෙ කොහොමද?

ඇත්තටම මේ වෙලාවෙ ඩිලාන් ගමගේ අයියව සහ හර්ෂණව මතක් කරන්න ඕන. ඩිලාන් අයිය තමයි මට මේ ක්‍ෂේත්‍රයට එන්න පාර කිව්වෙ. මගේ පළමුවැනි ගීතය රොෂාන් අයියට දෙන්නත් ඔහු තමයි මූලික වුණේ. මං ගායනා කරන ආයෙත් වරක් ගීතයේ පද රචකයා වෙන්නෙත් ඩිලාන් අයියමයි. ඒ ගීතය හිතාගන්නත් බැරි තරම් දුරක් ගියා. ඒ වෙනකොට මම සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් හැටියට කටයුතු කරමින් හිටියෙ.

අපේ ආදරයට අවුරුදු අටයි.... ඉදිරියේදී හැමදේම වෙනස් වෙන්න පුළුවන්

කොන්සර්ට් එකක් කළොත්?

ඇත්තටම මගේ ෂෝ එකක් කරන්න අදහසක් තියෙනව. ලබන අවුරුද්ද ඇතුළත තමයි ඒක කරන්න ආසාවෙන් ඉන්නෙ.

කුමුදි මොකද කරන්න අදහස් කරන්නෙ?

ඇය මගේ ගීතවල රූප රචනා දෙකකට රංගනයෙන් සම්බන්ධ වෙලා තියෙනව. ඒ වගේම මේ වන විට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිලධාරිනියක් හැටියට සේවය කරනව. ඒ අතර තමයි මගේ වැඩවලටත් උදව් වෙන්නෙ. විදෙස්ගත වෙන්නත් බලාපොරොත්තුවක් තියෙන නිසා ඉදිරියේදී හැමදේම වෙනස් වෙන්නත් පුළුවන්.

ඔබේ වෘත්තිය සංගීතයමද?

ඔව්, මේ වන විට මගේ වෘත්තිය සංගීතය වෙලා තියෙන්නෙ. ඒ වගේම සංගීතයට සම්බන්ධ පොඩි ව්‍යාපාරයකුත් කරගෙන යනව.

මහේෂ් එදිරිසිංහ ඡායා – ධනුෂ්ක සේනාධීර

advertistmentadvertistment
advertistmentadvertistment