අපේ තණතීරු ගැන ඔස්ටේ්‍රලියානුවන්ගේ අනවබෝධය අපිට වාසි වුණා – ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක

514

ශ්‍රී ලංකාවේ තණතීරු සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන්ගේ අනවබෝධය ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේ දී වාසි සහගත වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක කියා සිටී. දෙරට අතර පැවැති සිව්වැනි එක්දින තරගය ලකුණු 4කින් ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අසංලක මේ බව කියා සිටියේය.

තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය පරාජයට පත්වුවද කාසියේ වාසිය දිනා  ගනිමින් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් ගත් ඇතැම් තීරණ ශ්‍රී ලංකාවට වාසි සහගත වූ බව චරිත් අසලංක එහිදී වැඩි දුරටත් කියා සිටියේය. සිව්වැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් නිත්‍ය වේග පන්දු යවන්නෙක් පමණක් සහ දඟ පන්දු යවන්නන් 5 දෙනකු යොදා ගනිමින් තරග කළේය. ප්‍රේමදාස පිටියේ දඟ පන්දු යවන්නන්ට වාසි සහගත බවක් පෙන්නුම් කළ හෙයින් එම තීරණය ගත් බව අසලංක සඳහන් කර සිටියේය.

සිව්වැනි තරගයේ දී සිය පළමු එක්දින ශතකය (ලකුණු 110ක්) වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට අසලංක සමත් විය. කෙසේ වෙතත් දසුන් ශානකගේ දුවද්දී දැවී යෑමට හේතුව තමන් බවට කියා සිටි අසලංක දසුන් ශානකගේ දුවද්දී දැවී යෑම සිදු නොවුණේනම් තවත් ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අවස්ථාව තිබූ බවත්, එම දුවද්දී දැවී යෑමේ වගකීම සම්පූර්ණයෙන්ම තමා භාර ගන්නා බවත් කියා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකිමින් සිටියදී ක්‍රීඩක විවේකාගාරය තුළ යම් සංඥා පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කර තිබූ අතර මේ පිළිබඳ මාධ්‍යවේදීන් අසලංකගෙන් විමසන ලදුව ‘මම ඒ  ගැන දනුවත් නැහැ. කණ්ඩායමේ නායකයා තමයි ඒ ගැන දැනුවත්ව ඇත්තේ’ යැයි කියා සිටියේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment