අපේ දහසයදෙනාගේ සහාය ඩලස්ට – විමල් වීරවංශ

203

පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමේ ඡන්දයේදී ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ එකමුතුව ජනාධිපති අපේක්‍ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ලබාදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ එකමුතුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසයදෙනාගේ ඡන්දය ඒ අනුව ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ලබාදෙන බවද විමල් වීරවංශ මහතා කියා සිටියේය.

අපි මුල සිටම බලාපොරොත්තු වුණේ මේක. මේක තමයි දේශපාලන ස්ථාවරභාවය හදන්න පුළුවන් එකම ක්‍රමය. අන්න ඒ එකම ක්‍රමය දිනවලා ඒ පිංකමට සහභාගි වූ පිංවන්තයෙක් බවට පත්වෙන්න අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා යැයිද වීරවංශ මහතා කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ එකමුතු විසින් ඊයේ (19වැනිදා) පස්වරුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment