අපේ දියණියෝ ආසියානු දැල්පන්දු ශුරතාව හයවන වරටත් ශ්‍රී ලංකාවට හිමිකර දෙති

373

සත්කාරක සිංගප්පූරු කණ්ඩායම හමුවේ සුපිරි ජයක් වාර්තා කරමින් හය වැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරතාව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (11 වැනිදා) සමත්වූහ. ඒ අවසන් මහා තරගයේදී ලකුණු 63-53ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමිනි.

ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් වත්මන් ශූරියන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව අපරාජිත කණ්ඩායමක් ලෙස මෙවර ශූරතාව දිනා ගැනීමට සමත්වීම කැපී පෙනිණි.

පළමු කාර්තුවට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් තරගයේ පළමුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්න සමත් වූ සිංගප්පූරු ක්‍රීඩිකාවන් පළමු කාර්තුව අවසානයේදී ලකුණු 19-13ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත්වී සිටියාය.

අපේ දියණියෝ ආසියානු දැල්පන්දු ශුරතාව හයවන වරටත් ශ්‍රී ලංකාවට හිමිකර දෙති

දෙවැනි කාර්තුවේදීත් ශ්‍රී ලංකාව දෙසට පීඩනය තල්ලු කළ සත්කාරක කණ්ඩායම ජයග්‍රහණයේ වැඩි බලාපොරොත්තු තමන් සතු කර ගනිමින් එම කාර්තුව ලකුණු 30-27ක් ලෙස ඉදිරියෙන් අවසන් කර ගැනීමට සමත්විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු පරතරය අවම කර ගන්නට සමත් වූ අතර තර්ජිනි අතින් අවස්ථාවක් ගිලිහී යෑමත්, ආකර්ෂණීය ඔමරබදඩැර අවස්ථා කිහිපයකුත් මග හැරීම ශ්‍රී ලංකාවට එම කාර්තුවේදී අවාසිදායක තත්ත්වයක් බවට පත්විය.

තෙවැනි කාර්තුවේ අවසන් 8 වැනි මිනිත්තුවේ දී ලකුණු පරතරය සම කරන්නට සමත් වූ අතර අවසන් 5 වැනි මිනිත්තුවේ දී ලකුණු 39-35 ක් දක්වා ඉදිරියට ඒමට සමත්විය. ඒ අනුව එම කාර්තුව අවසානයේදී සිංගප්පූරුවේ ජයග්‍රාහී බලාපොරොත්තු බිඳ දැමීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි කාර්තුව ලකුණු 46-38ක් ලෙස අවසන් කළේ ලකුණු 8ක පරතරයක් සමගිනි.

අපේ දියණියෝ ආසියානු දැල්පන්දු ශුරතාව හයවන වරටත් ශ්‍රී ලංකාවට හිමිකර දෙති

තීරණාත්මක සිව්වැනි කාර්තුව ආරම්භයේදීම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර කාර්තුවේ මුල් භාගයේ දී ඔමරබදඩැර අවස්ථාවකින් ලකුණු වාර්තා කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමත් වූයේ නැවතත් තරගයට අවතීර්ණ වෙමිනි. කෙසේ වෙතත් තරගය අත් නොහළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම කාර්තුව දක්වා වර්ධනය කරගනිමින් 63-53ක් ලෙස තරගයේ වාර්තා කිරීමට සමත්වූයේ පිට පිට දෙවැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරතාව සුරතට ගනිමිනි.

මෙවර තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාව කිසිදු තරගයක් පරාජය නොවූ අතර එහිදී මූලික වටයේදී ඉන්දියාව ලකුණු 102-14ක් ලෙසත් පිලිපීනය හමුවේ 99-37ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

දෙවැනි වටයේ දී පිළිවෙළින් 53-55ක් ලෙස මැලේසියාවත්, 67-49ක් ලෙස සිංගප්පූරුවත්, 62-51ක් ලෙස හොංකොං රාජ්‍යයත් පරාජය කරමින් අවසන් පූර්ව තරගයේ දී නැවත වරක් හොංකොං ක්‍රීඩිකාවන් 67-43ක් ලෙස පරාජය කරන්නට ශ්‍රී ලංකාව සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment