‘අපේ පන්සල’ ධර්ම දේශනාමය වැඩසටහන

101

දිවයින බුදුමඟ අපේ පන්සල මාසික ධර්ම දේශනාමය කොළඹ 07, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් වෙසක් පුන් පොහෝ දින (05 දා) ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙවර ධර්ම දේශනය ජාත්‍යන්තර විපස්සනා මධ්‍යස්ථානය හා වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය යන උභය ආරණ්‍ය සේනාසනාධිපති උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම උභය ආරණ්‍යවාසී පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව පවත්වන්නට යෙදිණි.

මෙම වැඩසටහන බුදුමඟ ෆේස් බුක් පිටුව ඔස්සේ සහ ජය රූපවාහිනි නාලිකාව ඔස්සේ සජීවීව ප්‍රචාරය කෙරිණ.

‘අපේ පන්සල’ ධර්ම දේශනාමය වැඩසටහන

එම අවස්ථාවේදී උපාලි සමූහ ව්‍යාපාරයේ සන්නාම අධ්‍යක්ෂිකා කරිශ්මා වෙල්ගම මෙනවිය විසින් ධර්ම දේශකයාණන් වහන්සේ වෙත මල් වට්ටියක් පූජා කළ අයුරු සහ සිල් සමාදන් වූ පිරිස එම අවස්ථාවට එක්ව සිටි අයුරු.

බුදුමඟ පුවත්පතේ කර්තෘ රාජේන්ද්‍ර කුලසිංහ මහතා සමග බුදුමග කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවන්ද, බෙදාහැරීම් කළමනාකරු සිසිර ගලදෙනිය සහ බෙදාහැරීම් අංශයේ විධායක නිලධාරි ජයරුක් මතීෂ් යන මහත්වරු ද මෙම පුණ්‍ය කටයුත්තට සහභාගි වී සිටියහ.

සටහන සහ ඡායාරූප –
● සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment