අපේ මීළඟ ඉලක්කය ලෝක ශූරතාව – නායිකා ගයාන්ජලී අමරවංශ

259

සිංගප්පූරුවේ පැවති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලියේදී, එහි ශූරතාව දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13 වැනිදා) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 315 දරන ගුවන් යානයෙන් ඊයේ දින අලුයම 12.50 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම අවස්ථාව සඳහා මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් මෙන්ම ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික දැල් පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකා ගයාන්ජලී අමරවංශ මෙනෙවිය සිය අදහස් මාධ්‍ය හමුවේ දක්වමින්, 2018 ආසියානු දැල් පන්දු ශූරතාවය දිනූ කණ්ඩායම වශයෙන් අපි මෙම තරගාවලියට සහභාගී වුණා. ඒක අඅපිට ලොකු පීඩනයක් , අභියෝගයක් වුණා. අපේ මීළඟ ඉලක්කය 2023 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී ඉන් ජයග්‍රහණය කිරීම බව ද පැවසුවාය .

කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment