අපේ රටේ ආණ්ඩුව  එන්නත විදගන්නැයි ඉල්ලමින්  ජනතාව පස්සේ යනවා – ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල

163

ලෝකයේ බොහෝ රටවල ජනතාවට  එන්නත ඉල්ලා ආණ්ඩු පස්සේ යන්න වෙලා…ඒත්

ලෝකයේ බොහෝ රටවල ජනතාව කොවිඞ් එන්නත ලබාදෙන ලෙස ඉල්ලා ආණ්ඩුව පස්සෙන් යද්දී ලංකාවේ ආණ්ඩුවට කොවිඞ් එන්නත ලබා ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව පසුපස යෑමට සිදුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

කොවිඞ් පළමු හා දෙවන මාත‍්‍රා ලබාදීම සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම නිසා අදවන විට කොවිඞ් තත්ත්වය හෙම්බිරිස්සාවක් මට්ටමට පත්ව තිබෙන බවත් එන්නත ලබා ගැනීමේ වැදගත්කම හැකි තරම් පැහැදිලි කරමින් එන්නත්කරණ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාල කාන්තා බල මණ්ඩල රැුස්වීම මැණික්හින්න නගරයේදී ඉකුත් 19වැනිදා පැවැති අවස්ථාවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

එන්නත ලබාගන්නා ලෙස ජනතාවට බල කරන්න හැකියාවක් නැහැ. අදවන විට කොවිඞ් හේතුවෙන් සිදුවන මරණ හා රෝගීන් අසාධ්‍යය තත්ත්වයට පත්වීම මේ ආකාරයට පාලනය වීමට එන්නත්කරණ වැඩසටහනත් එක් හේතුවක්. මේක තේරුම් ගෙන බූස්ටර් එන්නත මෙතෙක් ලබා නොගත අයත් එය ලබා ගැනීමට කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

වෘත්තිය සංවිධාන විසින් විටින් විට කරනු ලබන ඉල්ලීම් වල තිබෙන සාධාරණත්වයත් ඒවා ඉටු කිරීමට තිබෙන ප‍්‍රායෝගික හැකියාවත් සැලකිල්ලට ගෙන කටයුතු කරන්න ඕන. වෘත්තිය අයිතීන් අභිබවා ගිහින් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් හෝ එම සංවිධාන වල සිටින නියෝජිතයින්ගේ යටි හිත් වල තිබෙන කරුණු ඉටුකර ගැනීමට උත්සාහ කරනවා නම් ඒවට විසඳුම් සොයන්න අමාරුයි. අවංකවම ප‍්‍රශ්නයක් තිබෙනවා නම් ඒවාට උත්තර දෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් රටට පොදු වැඩපිළිවෙළක් අවශ්‍යයි. විවිධ කණ්ඩායම් විවිධ ආකාරයෙන් කරන ඉල්ලීම් එක්ක මුළු රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. එක කට්ටියකගේ ඉල්ලීම් ලබා දුන්නම තවත් කට්ටියක් කියනවා අර කට්ටියට ලබාදුන් එකට අපිව සමාන්තර කරන්න කියලා. මේ විදිහට රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. මේකට විසඳුමක් ලෙස පෞද්ගලිකව කැබිනට් මණ්ඩලයට ලබන සතියේදී යෝජනාවක් ඉදිරිපත් කරන්න මම බලාපොරාත්තු වෙනවා.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment