අපේ සංස්කෘතියට හා බුද්ධ ශාසනයට විජාතික බලපෑම් එල්ල වෙලා – මැදගොඩ අභයතිස්ස හිමි

259

ගුරුවරියට ආවේනික සාරිය, ඔසරිය වැනි ඇඳුමකින් සැරසී සිය වටිනා ගුරු වෘත්තිය කරගෙන යෑමට ඉඩ නොදී මෙරට ගුරුවරියන් විජාතිකයන්ගේ බලපෑමට දැඩිව නතුවී ඇති බව ද එවැනි විජාතික බලපෑම්වලට අප තරයේ විරුද්ධ විය යුතු බව ද මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් රචිත ‘සපිරිගෙදර සිරි’ නම් වූ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පැපිළියාන සුනේත්‍රාදේවි පිරිවෙන් ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. එහිදී

මැදගොඩ අභයතිස්ස නාහිමියෝ මෙසේ ද කීහ.

දැනට කාලයක සිට අපේ වටිනා සංස්කෘතිය, සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. දේශීය සංස්කෘතිය, ශාසනය හා රට අප විසින්ම ආරක්‍ෂා කරගත යුතුයි. විජාතිකයන්ගේ කුමන්ත්‍රණවලට අප භාජනය විය යුතු නැහැ.

එහිදී ග්‍රන්ථය රචනා කළ මිගෙට්ටුවත්ත සුමිත්ත හිමියෝ ද මහාචාර්ය සරත් විජේසූරිය මහතා ද කතා කළ අතර ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ උත්සවයේ මුලසුන ඉසිලූහ.
ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment