අපේ සවාරිය ගියේ සතුටු වෙන්න නොවේ මේකේ බේබිලා නෑ

200

ස්පිං රයිඩර් කී‍්‍රඩා සමාජය

සිය සවාරිය අහිංසක ජනතාවට උපකාර කිරීමට ගිය ගමනක් මිස සතුටුවීමට ගිය ගමනක් නොවන බවත් ප‍්‍රභූන් හෝ ප‍්‍රභූ වාහන කිසිවකුත් මෙම සවාරියට එක්කර නොගත් බවත් ස්පිං රයිඩර් කී‍්‍රඩා සමාජයේ සාමාජිකයෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරති.

එම ප‍්‍රකාශයේ මෙසේද දැක්වෙයි.

අපේ ටුවර් එක අද ඊයේ යන එකක් නොවෙයි. හැම ආණ්ඩුවක් යටතේම වසර ගණනාවක සිට යන එකක්. ලංකාවේ හැම පැත්තකම යාළුවො ඊට සහභාගි වෙනවා. ඒක ඕනම කෙනෙක් දන්නවා.

සමහර මාධ්‍යවල වැරදි ප‍්‍රවෘත්තියක් යනවා ප‍්‍රභූ වාහන යනවා කියලා. සාමාන්‍ය වාහන පමණයි යන්නේ. රජයේ වාහන කිසිවක් නැහැ. පෞද්ගලික වාහන විතරයි ගියේ.

අපි වාහනවලට තෙල් ගහගත්තෙ ඉතා අමාරුවෙන්. සති දෙකක් පමණ තිස්සේ ෂෙඩ්වලට ගිහින් තෙල් ගහගත්තේ. පොලිස් අවසරය අරගෙන අපේ සංගමය මේ ටුවර් එක ගියේ. අපි ප‍්‍රභූවරු, ප‍්‍රභූ වාහන යන්නේ කියලා වැරදි මතයක් ගිහින් තියෙන්නේ. ගමේ කොල්ලො ඉන්නේ. බේබිලා කියලා කවුරුත් නැහැ. එක එක පක්‍ෂවල අය අපේ ක්ලබ් එකේ ඉන්නේ. අපේ ගමන ගැන වැරදි මත රටපුරා යනවා.

අපි අපේක්‍ෂා රෝහලට රුපියල් ලක්‍ෂ 12 ක් දුන්නා. පසුව අහිංසක පාසල් දරුවන්ට රුපියල් ලක්‍ෂ 5ක ආධාර බෙදන්න අපි ගියේ.

advertistmentadvertistment
advertistmentadvertistment