අපේ සොබාදහම – වෙරළ තීරය රැකගැන්ම පරම යුතුකමක් වියයුතුයි

1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

ලෝක පරිසර දිනයට සමගාමීව හැඳල සිට මීගමුව දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමක් පසුගියදා පමුණුගම, සරක්කුව මුහුදු වෙරළේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

මෙම අවස්ථාවට කැලණිය හා මීගමුව පොලිස් අධිකාරිවරුන් සමග ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා සෙසු නිලධාරීන් රැසක් ද ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් හා ප්‍රජා සංවිධාන සමග පාසල් දරු – දැරියන් රැසක් ද සහභාගි වූහ.

එම අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතා පොලිස්පතිවරයා, “අපේ ජීවිතය සොබාදහමින් අපට ලැබුණු උතුම් දායාදයක් බවත් සොබාදහමේ අනිකුත් දායාදයන් ද අපේ ජීවිතයේ සමීපතම සොහොයුරන් සේ සලකා සොබාදහමත් පරිසරයත් රැකගැනීම අපගේ පරම යුතුකම බවත් පැවසීය. පසුගිය සුනාමි විපතේදී පරිසරය සුරැකිව තිබූ කඩොලාන නිසා එම ප්‍රදේශයන්ට සුනාමි උවදුර අඩු වුණ බවද වැඩිදුරටත් පැවසීය.

වාරකන් සමය නිසා ඈත දියඹේ සිට ගොඩබිමට ගසාගෙන ආ ඝන අපද්‍රව්‍ය ද රටේ පැවැති වැසි සමය නිසා උතුරා ගිය ගංගාවලින් මුහුදට ආ, අපද්‍රව්‍ය ද මෙම වෙරළතීරයට ගොඩගසා තිබිණි. මේ නිසා අපවිත්‍ර වුණ වෙරළතීරය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවිත්‍ර කිරීම ගැන ප්‍රදේශයේ පියතුමන්ලාගේ හා ජනතාවගේ එතුමන්ට ප්‍රශංසාව හිමිවිය.

එම අවස්ථාවට සහභාගි වුණ පාසල් දරුවන්ට අගනා සහතික පත්‍ර පිරිනැමුණු අතර වෙරළාසන්නව පිහිටි පාසල්වල අබලන් වී ගිය බිත්ති නවීකරණය කරගැනීම සඳහා සිමෙන්ති කොට්ට 20 බැගින් ප්‍රදානය කරන ලදී.

දුන්ගාල්පිටිය – ජූඩ් හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment