අපේ සෞඛ්‍ය සහායට MIKTA එයි

198

මෙක්සිකෝව, ඉන්දුනීසියාව, කොරියාව, තුර්කිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් සැදුම්ලත් මික්ටා “MIKTA” සංවිධානය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ බහුපාර්ශවීය හමුවක් කොළඹ, හෝර්ටන් පෙදෙස පිහිටි ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති නිල නිවසේ දී ඊයේ (17) පැවැත්විණි. ලෝකය මුහුණ දෙන මූලික ගැටලු සාකච්ඡා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට මික්ටා “MIKTA”සංවිධානය පිහිටුවා ගෙන ඇති අතර මෙවර ගෝලීය වශයෙන් මුහුණ දෙන සෞඛ්‍ය තත්ත්වයන් හා එහි ගැටලු පිළිබඳව මේ තුළ සාකච්ඡා කෙරේ. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Santhush Woonjin JEONG) මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේය. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබා දීමටත්,ඒ වෙනුවෙන් පෙනී සිටීමටත් මේ සඳහා එක් වූ මික්ටා “MIKTA” සංවිධානයේ නියෝජිතවරු එකඟතාවය පළ කළහ. විශේෂයෙන් කොවිඩ් ව්‍යසනයේදී එම රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ ඉහළ දායකත්වයට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය පළ කළ අතර ගෝලීය ව්‍යසනය සාර්ථකව පාලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම නියෝජිතයින් ඉහළ ප්‍රසාදය පළ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment