අපේ හමුදාවේ දෙදෙනකුට ඇමරිකාවෙන් තහංචි

322

ඇමරිකානු රජය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු බුද්ධි සේවා නිලධාරියකු වන ලූතිනන් කොමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි මහතාට සහ මිරුසවිල් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී ජනාධිපති සමාව ලැබූ හමුදා නිලධාරියකු වන සුනිල් රත්නායක මහතාට තහනමක් පනවා ඇත.

මෙම ආරක්‍ෂක හමුදා නිලධාරීන් දෙදෙනාම යුද අපරාධකරුවන් ලෙසට නම්කර තිබේ. ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද්ට ති‍්‍රකුණාමලයේදී ළමයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ චෝදනාව එල්ල වී තිබේ. මෙයට අදාළ රහස් පොලිස් පරීක්‍ෂණ වාර්තාව හිටපු රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ලබා දී තිබේ.

ඇමෙරිකානු රජය මෙම තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකාවේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව අවසානයේදීය. මෙම සමුළුව ශ‍්‍රී ලංකාවට තහනම් කර තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment