අප ඔබ වෙනුවෙන් උපරිමය කර තිබෙනවා… ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.. තරුණ හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට කියයි.

165

අපි විශේෂයෙන්ම අමාත්‍යංශය, ක‍්‍රීඩා කවුන්සිලය සහ ජාතික ඔලිම්පික් කමිටුව විදියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් මාස 06 ක පමණ කාල සීමාව තුළ කළ හැකි සියලූම දේ අපි කරලා තිබෙන බවත් ඔබ ඔබේ උපරිම දක්ෂතා දක්වමින් රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න යැයි 2020 ඔලිම්පික් උළෙලේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට තරුණ හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කරමින් පැවසීය
 
 එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
 
 අපි විශේෂයෙන්ම අමාත්‍යංශය, ක‍්‍රීඩා කවුන්සිලය සහ ජාතික ඔලිම්පික් කමිටුව විදියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් මාස 06 ක පමණ කාල සීමාව තුළ කළ හැකි සියලූම දේ අපි කරලා තිබෙනවා. ඔබ ඔබේ උපරිම දක්ෂතා දක්වමින් රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න.
 
 ජාතික ඔලිම්පික් කමිටුව අනෙක් කණ්ඩායම් සමග එක්වෙලා දීර්ඝ කාලයක් තිස්සේ මෙම වැඩපිළිවෙළ කරගෙන ආවා. අපිට තිබුණ විශාල අභියෝගය මෙවර ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලත් අපේ කණ්ඩායමක් කෙසේ හෝ සහභාගී කරවන එක.
 
 ඒ අනුව, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් උසස් දක්ෂතා
 
 ගිවිසුම්වලට යොමුකරමින්, පුහුණුවීම් කරලා ජාතික ඔලිම්පික් කමිටුවත් සමග එකතු වෙලා පුහුණුකරුවන්, ක‍්‍රීඩකයින් සමග විශාල කැප කිරීමක් කරලා අද අපි මේ තත්ත්වයට ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම මලල ක‍්‍රීඩා ඉසව්වක් නියෝජනය කරන ක‍්‍රීඩකයෙක්ගේ, ඔලිම්පික් ක‍්‍රීඩා ඉසව්වක් නියෝජනය කරන ක‍්‍රීඩකයෙක්ගේ සිහිනයක් ඔලිම්පික් වරම් ලබාගන්න එක.
 
 ඒ සිහිනය සැබෑ කරගන්න ඔබ සැමට හැකිවෙලා තිබෙනවා. ඒ වගේම පුහුණුකරුවන්ගේ සිහිනය වෙන්නෙ තමන්ගේ ක‍්‍රීඩකයාව ඔලිම්පික් තරගාවලියට හෝ ලෝක කුසලානයකට සහභාගී කරවා පදක්කමක් ජයග‍්‍රහණය කරන තැනට රැුගෙන යන එක. අද මොවුන්ගේ පුහුණුකරුවන් සියලූදෙනාටම ඉතාමත් සතුටුයි. ඉතාමත් ආඩම්බර විය හැකියි තමන්ගේ ක‍්‍රීඩකයින් ඔලිම්පික් වරම් ලබාගෙන තිබෙනවා.
 
 ඒ අතර විශේෂ කාරණා කිහිපයක් තිබෙනවා. මෙවර ඔලිම්පික් වරම් ලැබූ ක‍්‍රීඩකයින් 09 දෙනාගෙන් 05 දෙනෙක් ක‍්‍රීඩිකාවන්. රටක් විදියට කාන්තා සහභාගීත්වය ඉහළ තැනක තිබෙනවා. ඒක අපේ රටේ කාන්තාවන්ට මහත් ගෞවරයක් විදියට අපි දකිනවා.
 
 ජිම්නාස්ටික් ක‍්‍රීඩාවට ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් සහභාගීවීමේ සුදුසුකමක් ලැබිලා තිබෙනවා. අපි විවිධ ක‍්‍රීඩා ඉසව්
 
 ගණනාවකින් මෙවර ඔලිම්පික් නියෝජනය කරනවා.
 
 තරග ජයග‍්‍රහණවලට වගේම ඔබේ උපරිම පෞද්ගලික තරග වාර්තාවට යෑමට මෙම ඔලිම්පික් තරගාවලිය තුළ ඔබ කැප විය යුතුයි.
 
 ඔබ මෙවර ඔබේ හොඳම පෞද්ගලික තරග වාර්තාවට ගියොත් එය මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල තුළ වාර්තාවක් විතරක් නොවෙයි, ඒ තුළ ලෝකයේම අවධානයට ලංකා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත යොමුවෙනවා කියන එක අපේ විශ්වාසයයි. කොරෝනා වසංගතයේ තුන්වෙනි රැුල්ලෙන් අපි එළියට ආවා විතරයි. රට වැහිලා තිබ්බේ. ඒ තත්ත්වය මත වුවත් අපිට හැකියාව තිබුණා ඔබේ පුහුණු කටයුතු කරගෙන යන්න. විදේශ පුහුණුව අවශ්‍ය ක‍්‍රීඩකයින්ව විදේශ රටවලට යවලා පුහුණුවීම් ලබාදෙන්න අපිට හැකියාව ලැබුණා. තෝරා ගැනීමේ තරග සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන්න හැකි වූවා.
 
 මහේල ජයවර්ධන මැතිතුමා ප‍්‍රමුඛ ජාතික ක‍්‍රීඩා සභාව, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්, ක‍්‍රීඩා අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන්, මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඇතුළු සියලූදෙනාගේ කැපවීම හා උනන්දුව මම අගය කරනවා. ක‍්‍රීඩකයින්, පුහුණුකරුවන් හා කළමනාකරුවන් විදියටත් ඔලිම්පික් කණ්ඩායමකට ලැබුණු උපරිම වරප‍්‍රසාද ඔබට ලැබෙනවා. ඒ වගේම මම හිතන්නේ අද සමාජයේ වැඩිම අවධානය යොමුවෙලා තිබෙන්නේ ඔබ කණ්ඩායමට.
 
 අමාත්‍යාංශයක් විදියට අපෙන් ඉල්ලූවේ මොනවාද ඒ ඉල්ලීම යථාර්ථයක් කරන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා. මෙවර ඉතිහාසයේ පළමු වතාවට අපි අමාත්‍යාංශයක් විදියට ක‍්‍රීඩකයින් හා පුහුණුකරුවන් වෙනුවෙන් යම්කිසි දීමනාවක් ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා.
 
 මේ කාල සීමාව තුළ රටක් විදියට අපි කතා කරන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව හෝ අනෙකුත් ප‍්‍රධාන පෙළේ ක‍්‍රීඩා ගැන. ඒ ක‍්‍රීඩාවලට සමාන්තරව හා නොදෙවෙනි දීමනාවක් මේ ඔලිම්පික් යන ක‍්‍රීඩකයින්ටත්, පුහුණුකරුවන්ටත් ලබාදෙන්න අපිට මේ අවස්ථාවේ හැකියාව ලැබිලා තිබෙනවා.
 
 ජාත්‍යන්තර තලයේ ජයග‍්‍රහණ සඳහා ජාත්‍යන්තරය තුළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඇගයීමක් ලබා දෙන්නේ කොහොමද ගෙවීම් කරන්නෙ කොහොමද ඒ හා සමානව ඔබ ජයග‍්‍රහණ කරා යන විට එම ජයග‍්‍රහණවලට ඇගයීමක් හා වටිනාකමක් අපේ රටේත් ක‍්‍රීඩකයින්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ තරගාවලිය තුළ ඔබේ කැපවීම, ඔබ දක්වන දස්කම්, ඔබ ක‍්‍රීඩා කරන විලාසය පිළිබදව මේ රටම බලාගෙන සිටිනවා. ඒ වගේම ඔබේ විනය පිළිබඳව මුළු රටම බලාගෙන සිටිනවා.
 
 මම ගෞරවයෙන් ඉතා ආදරයෙන් ඉල්ලන්නේ ඔබ නියෝජනය කරන්නේ ශ‍්‍රී ලංකාව, ඔබ නියෝජනය කරන්නේ අපේ ජාතික කොඩිය. අපේ ජාතිකත්වය. ජාතිකත්වය හා රට නියෝජනය කරන මේ අවස්ථාවේදී ඔබ විශේෂයෙන්ම ඔබේ විනය කියන කාරණයට ප‍්‍රමුඛතාවය දෙන්න. කණ්ඩායම් හැ`ගීම කියන කාරණයට ප‍්‍රමුඛතාවය දෙන්න. ඔබ සහභාගී වන්නේ ඔලිම්පික් තරගාවලියට කියන දේ අමතක කරන්න එපා.
 
 ඔබේ උපරිම දක්ෂතාවලට යන්න අවශ්‍ය කායික හා මානසික ශක්තියත් එක්ක මානසිකව ක‍්‍රීඩාවට සූදානම්වීම තුළ ජයග‍්‍රහණය ලබා ගන්න පුළුවන් තැනට ඔබ යන්න කියන ආදරණීය ඉල්ලීම මම කරනවා.

 – කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment