අබලන් මඟ යාල  සංචාරය එපා කරවයි ප‍්‍රතිපාදන ප‍්‍රමාදයෙන් නඩත්තුව පමා වුණා

186

ඌව වන ජීවී කලාප භාර සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත්

යාල ජාතික වනෝද්‍යානය ඇතුළත පිහිටා ඇති බොහොමයක් මාර්ග ඉතා අබලන් තත්ත්වයේ පැවැතීම හේතුවෙන් සංචාරකයන් හා ජීප් රථ රියැදුරන් දැඩි අසීරුතාවන්ට පත්ව තිබේ.

යාල ජාතික වනෝද්‍යානය තුළ බොරලූ පස් දමා සකස් කර තිබූ මාර්ග ද පසුගිය කාලයේ ඇති වූ වැසි හේතුවෙන් දැඩි සෝදා පාළුවට ලක්ව මාර්ගවල තැනින් තැන අගල් ද හෑරී තිබේ. මේ හේතුවෙන් සෆාරි ජීප්් රථ රියැදුරන් මෙන්ම සංචාරකයන් ද දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පා තිබේ. යාල ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන පිවිසුමේ සිට මැණික් ග`ග දක්වා ඇති ප‍්‍රධාන මාර්ගයේ නඩත්තු කටයුතු සිදුකළ යුතු වන්නේද මාර්ග සංවර්ධන අධිකාරියට වන නමුත් අදාළ මාර්ග නඩත්තු කටයුතු සිදුවන්නේ ඉබි ගමණින් බවට සංචාරකයෝ චෝදනා න`ගති. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති මෙම උද්‍යානය රටට විදේශ විනිමයද උපයා දෙන ස්ථානයක් වන අතර එහි පවතින මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතු මෙලෙස මන්දගාමීව සිදු කිරීම පිළිබඳ සංචාරකයෝ දැඩි අප‍්‍රසාදය පළ කරති.

ඌව වන ජීවී කලාප භාර සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා,

පසුගිය කාලයේ මුදල් ප‍්‍රතිපාදන ලැබීමේ යම් ප‍්‍රමාදයක් සිදුවීම නිසා නඩත්තු කටයුතු සිදුකිරීමට තරමක් ප‍්‍රමාද වුණා. ජනවාරි මාසයේ තමයි අපිට මුදල් ලැබුණේ. ඒ අනුව අපි මේ වනවිට මාර්ගවල නඩත්තු කටයුතු ආරම්භ කර තිබෙනවා. සංචාරකයන්ට අවශ්‍ය සියලූ යටිතල පහසුකම් උපරිමයෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා.

මත්තල – දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment