අලුත් දුම්රිය පීළි ගන්න ටෙන්ඩර දාන හැටි

108


පවතින ඩොලර් අර්බුදය හමුවේ දුම්රිය දෙපාර්තුමේන්තුවට අවශ්‍ය පීළි මිලදී ගැනීමට දැනට අබලි ලෙස පවතින දුම්රිය පීළි යකඩ ලෙස ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා අලෙවි කර ඉන් ලැබෙන ඩොලර් නව පීළි මිලදී ගැනීමට යොදා ගන්නා බව ප්‍රවාහන,මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.සමගි ජන බල පක්ෂ මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ පැනයකට පිළිතුරු ලෙස එසේ සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment