අබල දුබල සතුන්ට ප‍්‍රතිකාර කළ ජර්මන් කත ලිපියක් ලියා තබා සියදිවි හානි කර ගනී

1581

හිරිවඩුන්න අඹගහමුලහේන, කන්දේවත්ත පාර නේවාසික වීසා සහිතව (Residant visa) පදිංචිව සිටි ජර්මන් ජාතික Sabine Mathey වයස අවුරුදු 65ක් පමණ වයසැති කාන්තාවගේ මළ සිරුර ඉහත ලිපිනයේ නිදන කාමරයේ තිබී හමූ වූ බව කෑගල්ල පොලිසිය පවසයි.

ඇය 14 වැනි දින මෙසේ දිවි හානි කරගෙන තිබූ අතර 15 වැනි දින මළ සිරුර සොයා ගැනීමට හැකිවී ඇත. මෙම කාන්තාව 2013 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකාවට වරින්වර පැමිණ ඇති අතර අවසන් වරට 2019.05.19 වන දින මෙරටට පැමිණ ඇත. මැය ඉහත ලිපිනයේ පදිංචිව සිටිමින් හුදකලාවේ සිටින සතුන් හට සත්කාර කිරීමේ කටයුතුවල නිරතවී ඇත. මැය ඖෂධ භාවිතා කර සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලට අනුව සඳහන් කරයි.

ඇය අනතුරුවලට භාජනය වන සුනඛයන්, බළලූන් වැනි සතුන්ට සාත්තු සප්පායම් කරමින් සිටි අතර ඇය මියයන විට සුනඛයන් 12 ක් පමණ ඈ සමග ජීවත් වී ඇත. මියයන්නට පෙර ඇය ලිපියක් ලියා තබා ඇති අතර එහි සඳහන් කර ඇත්තේ සුනඛයන් බලා ගැනීමට අයෙක් නැති නිසා ඔවුන් සියල්ලම මරා දමන ලෙසයි. මියගිය ඇයගේ මෘත ශරීරය දැනට කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය 16දා සිදු කිරීමට නියමිතව තිබිණි. කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කෑගල්ල – එම්.බී. පභලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment