අබාන්ස් දිරිගැන්වීමට අරවින්ද ගේ අත්සන

163

2022 පන්දු වාර 20 – 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපැතීම සඳහා අබාන්ස් සුපර් චැම්පියන් පා

ගමන සහ රථ පෙළපාලිය පසුගියදා කොල්ලුපිටිය අබාන්ස් ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ කෙරිණ.

‘අබාන්ස් සමාගමේ සෑම අංශයක්ම නියෝජනය කරමින් එක් එක් අංශය විසින් ක්‍රිකට් තේමාවට අනුව නිර්මාණය කරන ලද විචිත්‍රවත් අංගයන් මෙම පාගමනට සහ රථ පෙළපාලියට එක්කර තිබිණි. එසේ ආරම්භ වූ පාගමන සහ රථ පෙළපාලිය කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා පැමිණි අතර ආකේඩ් පරිශ්‍රයේදී මේ වෙනුවෙන් ප්‍රසංගයක් ද අබාන්ස් ආයතනය විසින් සංවිධානය කර තිබිණි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා විසින් අබාන්ස් සුපර් චැම්පියන් පාගමනට සහ රථ පෙළපාලියට එක්වීම සිහිකරමින් සිය අත්සන සටහන් කරන අයුරුයි.

advertistmentadvertistment
advertistmentadvertistment