අබාන්ස් සමූහ ව්‍යාපාරය AB Manufacturing නමින් අති නවීන පහසුකම්වලින් සමන්විත නවතම කර්මාන්තශාලාවක් විවෘත කරයි

592

අබාන්ස් සමූහ ව්‍යාපාරය AB Manufacturing (පුද්ගලික) සමාගම නමින් අති නවීන පහසුකම් වලින් සමන්විත නවතම කර්මාන්තශාලාවක් පසුගියදා බණ්ඩාරගම දී විවෘත කරන ලදී.

දේශීය නිෂ්පාදකයින් දිරිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙලට අනුගත වෙමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පහසු මිල ගණන් යටතේ වෙළඳපොළට ලබා දීමේ හැකියාව මෙහිදී හිමිවනු ඇත.

බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 5 ක ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති මෙම කර්මාන්තශාලාවේ වාර්ෂිකව එක් සේවා මුරයකට ශීතකරණ ඒකක 150,000 ක් නිපදවිය හැක. මේ අනුව රටේම ශීතකරණ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට සමත් ධාරිතාවක් මෙම කර්මාන්තශාලාව සතුව පවතියි. කර්මාන්තශාලාව නිල වශයෙන් විවෘත කිරීම අබාන්ස් ව්‍යාපාර සමූහයේ සභාපතිනි අබාන් පෙස්ටොන්ජි මහත්මිය අතින් සිදු වූ අතර Abans GreenPro ශීතකරණය නිල වශයෙන් හඳුන්වාදීම අබාන්ස් ව්‍යාපාර සමූහයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ටිටෝ පෙස්ටොන්ජි මහතා සහ අධ්‍යක්‍ෂිකා ආචාර්ය සරෝෂි ඩුබාෂ් මහත්මිය විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා අබාන්ස් ව්‍යාපාර සමූහයේ අධ්‍යක්‍ෂ රුසී පෙස්ටොන්ජි මහතා, අබාන්ස් ඡඛක්‍ ඩිජිටල් අංශ ප්‍රධානී ජෙරස්ටින් ඩුබාෂ් මහත්මිය ඇතුළු ඉහළ කළමණාකාරීත්වය නියෝජනය කරන නිලධාරීන් මෙන්ම තවත් ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය. උත්සව සභාවෙන් අනතුරුව පැමිණ සිටි අමුත්තන් විසින් කර්මාන්තශාලාව නිරීක්‍ෂණය කිරීම සිදු විය.

කළමණාකාර අධ්‍යක්‍ෂ ටිටෝ පෙස්ටොන්ජි මහතා පවසා සිටියේ ආනයන සීමා දැඩි ලෙස ක්‍රියාත්මක වන වකවානුවක දේශීය වශයෙන් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක් බවයි. අභියෝගාත්මක පරිසරයක් තුල මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අබාන්ස් ව්‍යාපාර සමූහයේ සභාපතිනි අබාන් පෙස්ටොන්ජි මහත්මිය විසින් AB Manufacturing වෙත සහ අධ්‍යක්‍ෂ ජගත් ජයසුන්දර මහතා ඇතුළු ව්‍යාපෘති කණ්ඩායමට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර සිටින ලදී. අධ්‍යක්‍ෂ ජගත් ජයසුන්දර මහතා පවසා සිටියේ වසංගත තත්වය, ආර්ථික අර්බුදය සහ සමාජයේ පැවති ව්‍යාකූල පසුබිම මධ්‍යයේ මෙවැනි අභියෝගයක් සාර්ථකව ජය ගැනීමට ලැබීම AB Manufacturing කණ්ඩායමේ සහ ව්‍යාපෘතිය බාරව කටයුතු කළ අයගේ ජයග්‍රහණයක් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment