අබාන්ස් PLC නවතම iPhone 13 කාණ්ඩයේ 13 MINIල 13 PRO සහ 13 PRO MAX නිෂ්පාදන හඳුන්වාදෙයි

176

Apple නිෂ්පාදන සඳහා ශී‍්‍ර ලංකාවේ සිටින බලයලත් අලෙවි නියෝජිතයා සහ සේවා සැපයුම්කරු වන අබාන්ස් විසින් iPhone 13 කාණ්ඩය වෙළඳපොළට හඳුන්වාදී ඇත.

ස්මාට් ජංගම දුරකථන වල සීමා මායිම් අභිබවා යමින් නිර්මාණය කර ඇති iPhone 13 සහ iPhone 13 Pro නිෂ්පාදන ProMotion සහිත නවතම Super Retina XDR ඩිස්ප්ලේ එකකින් සමන්විත වන අතර ටච් අත්දැකීම වඩා වේගවත් සහ කාර්යක්‍ෂම කිරීම සඳහා 120Hz දක්වා Refresh Rate එකකින් සමන්විතයි. Ultra Wide, Wide සහ Telephoto සහිත වැඩි දියුණු කළ Pro Camra පද්ධතියක් මෙහි දැක ගත හැකි අතර විශිෂ්ඨ ඡායාරූප සහ වීඩියෝ ලබා දෙයි. එමෙන්ම මෙහි අසමසම A15 Bionic කි‍්‍රයාකාරීත්වයක් දැකිය හැකියි. A15 Bionic Pro නිෂ්පාදන පෙළ අතර නවතම 5-core GPU එකක් දැක ගත හැකි අතර එය වේගවත් ග‍්‍රැෆික් කි‍්‍රයාකාරීත්වයක් සඳහා උපකාරී වෙයි. 6-core CPU එක 50‍%‍ දක්වා වේගවත් බවක් ලබා දෙයි. මෙම තාක්‍ෂණයන් නිසා Ultra Wide කැමරාවෙන් අතිශය සමීප ඡායාරූප (Macro Photography) ලබා ගත හැකි අතර අවම ආලෝක තත්වයන් යටතේ පවා 2.2x දක්වා තියුණු බවකින් සුපිරි ඡායාරූපකරණයක නියැලීමේ හැකියාව ඇත. iPhone 13 Pro මාදිලි ද්්විත්වයේ සියලූ කැමරා වල Night Mode දැක ගත හැකි අතර Camera App එක හරහා Image විවිධ ඡායාරූපකරණ රටාවන්ට අනුව සකස් කර ගත හැක. වීඩියෝ කිරීමේ දී Cinematic Mode එකෙන් ආකර්ෂණීය Depth-of-field Transition එකක් සහිත Macro Video, Time-Lapse සහ Slo-Mo වීඩියෝගත කිරීම් ඉතා අවම ආලෝක තත්වයන් යටතේ පවා විශිෂ්ඨ ලෙස සිදු කළ හැක. මාදිලි දෙකෙහිම Dolby Vision වල End-to-end Pro Workflows

අත්විඳිය හැකි අතර iPhone වල පමණක් දැකිය හැකි ProRes පළමු වරට දැක ගත හැක. iPhone 13 Pro සහ iPhone 13 Pro Max වැඩි ආවරණයක් ලබා දෙන පරිදි 5G පහසුකමෙන් සමන්විත වන අතර වැඩි දියුණු කළ බැටරි ආයු කාලයකින්ද, 1 TB දක්වා Storage ධාරිතාවයකින්ද, වෙනත් ස්මාට් ජංගම දුරකථන වල Glass වලට වඩා සවිමත් බවක් ලබා දෙන Ceramic Shield ඉදිරිපස ආවරණයකින්ද සමන්විතයි. මාදිලි දෙක සඳහාම යොදා ගෙන ඇත්තේ Surgical-Grade ස්ටේන්ලස් ස්ටීල් වන අතර එමගින් මනරම් පෙනුමක් හිමිවන අතර සීරීම් වලට ලක් වීම සහ මල බැඳීමට ලක්වීම වළක්වනු ලබයි. මෙහි පසුපස Textured Matte Glass එකක් දැක ගත හැක. මාදිලි දෙකම නවතම Sierra Blue ඇතුලූ ආකර්ෂණීය වර්ණ 4 කින් ලබා ගත හැකි අතර ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම IP68 ශ්‍රේණියෙන් නිමවා ඇති නිසා දියර වර්ග හැලීමෙන් ආරක්‍ෂාව සලසයි.

advertistmentadvertistment
advertistmentadvertistment