අබාන්ස් PLC 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා බදුවලට පෙර ලාභය ලෙස රු. බි. 1.2 ක් වාර්තා කරයි

325

අර්බුදකාරී වසංගත තත්ත්වයක් යටතේ මුළු රටේම ආර්ථිකය මන්දගාමී වී තිබියදී පවා අබාන්ස් PLC විසින් 2022 මූල්‍ය වර්ෂයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව සිටියි.

අබාන්ස් PLC විසින් 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 10.6 ක ආදායමක් වාර්තා කළ අතර එය ගත වූ වසරේ රුපියල් බිලියන 6.7 ක් විය. 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා ව්‍යාපාර සමූහයේ දළ ලාභය 29% ක් වූ අතර මෙය ප‍්‍රධාන වශයෙන් භාණ්ඩ මිශ‍්‍රය සඳහා ඇති වූ ඉල්ලූම මත සිදු වූවකි. සමාගම විසින් බදුවලට පෙර ලාභය වශයෙන් රුපියල් බිලියන 1.2 ක් වාර්තා කළ අතර එය ඉකුත් වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 526 සමග සැසඳීමේ දී 131% ක වර්ධනයකි. සමාගමේ බදුවලට පසු ලාභය වශයෙන් 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 938 ක් වාර්තා වූ අතර එය ඉකුත් වසරේ පළමු කාර්තුවේ රුපියල් මිලියන 381 ක් විය. වසංගත තත්ත්වයක් මධ්‍යයේ වසරින් වසර සැසඳීමේ දී එය 146% ක වාර්තාගත වර්ධනයකි.

අබාන්ස් PLC 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා  බදුවලට පෙර ලාභය ලෙස රු. බි. 1.2 ක් වාර්තා කරයි
අබාන්ස් PLC සභාපතිනිය අබාන් පෙස්ටොන්ජි

අබාන්ස් ව්‍යාපාර සමූහය 2022 මූල්‍ය වර්ෂය සඳහා බදුවලට පසු ලාභය වශයෙන් රුපියල් බිලියන 1.6 ක් වාර්තා කළ අතර අත්හිට වූ මෙහෙයුම්වල ලාභය වූ රුපියල් මිලියන 705 ක් ද ඒ අතර විය. ඉකුත් වසරේ පළමු කාර්තුවේ ව්‍යාපාර සමූහයේ බදුවලට පසු ලාභය රුපියල් මිලියන 347 ක් වූ අතර අත්හිට වූ මෙහෙයුම්වල රුපියල් මිලියන 30 ක අලාභයක් ඊට අන්තර්ගත විය.

advertistmentadvertistment
advertistmentadvertistment