අබුඩාබි ටී-10 හොඳම පන්දු යැවීම වනිඳුගෙන්

626

ටී-10 තරගාවලි ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාවේ වනිඳු හසරංග සමත්විය. ඒ පෙරේදා (01 වැනිදා) පැවැති තරගයේදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට කඩුලූ 5ක් බිඳ දමමිනි.

අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10දී එක් කඩුල්ලක් දැවී ලකුණු 140ක් වාර්තා කළේය. ඒ අනුව ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලා ටයිගර්ස් ඉනිම පන්දුවාර 8.3කදී ලකුණු 78කට සීමා කිරීමට වනිඳු ප‍්‍රමුඛ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී බංග්ලා ටයිගර්ස් ඉනිම සම්පූර්ණයෙන්ම අසරණ කර දැමූ වනිඳු හසරංග තමන් විසින් කි‍්‍රයාත්මක කළ පන්දුවාර දෙකෙන් එක් පන්දුවාරයක් නිලකුණු පන්දුවාරයක් බවට පරිවර්තනය කරමින් ලකුණු 8කට ප‍්‍රතිවාදී කඩුලූ 5ක් බිඳ දැමීය. ඒ අනුව එම පන්දු යැවීම අබුඩාබි ටී-10 තරගවාලි ඉතිහාසයේ මේ දක්වා වාර්තා වූ හොඳම පන්දු යැවීම බවට පත්වූ අතර වනිඳු හසරංගගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් විය.

වනිඳුගේ පන්දුවාර දෙකෙහිදීම පිට පිටම පන්දු දෙකකදී කඩුලූ දෙක බැගින් බිඳ දැමීමට වනිඳු සමත්වීද එම අවස්ථා දෙකෙහිදීම තුන් වැනි පන්දුවෙන් කඩුල්ලක් ලබා ගනිමින් කඩුලූ ති‍්‍රත්වයක් ලබා ගැනීමේ අවස්ථාවකට යෑම ඔහුට මහ හැරී ගියේය. ඒ අනුව එම තරගයේ අවස්ථා දෙකද ඇතුළුව මෙවර තරගාවලියේදී කඩුලූ ති‍්‍රත්වයක් ලබා ගැනීමේ අවස්ථා පහක් වනිඳුට මගහැරී තිබේ.

අදාළ තරගයේ කඩුලූ 5ත් සමගින් මේ දක්වා කඩුලූ 18ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්වන්නට වනිඳු සමත්වී තිබේ.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩි ලකුණු වාර්තා කළ ඉසුරු උදාන පන්දු 11කදී ලකුණු 33ක් වාර්තා කළේය. එයට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක්ද ඇතුළත් විය.

ලකුණු සටහන

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් 140/1 (ටොම් කොලර් 96, අන්ඩෲ රසල් (නොදැවී) 26, ඔඩෙන් ස්මිත් (නොදැවී) 12, ලූක් වුඞ් 36/1)

බංග්ලා ටයිගර්ස් 78/9 (ඉසුරු උදාන 33, ෆෆ් ඩු ප්ලෙසිස් 15, ජොන්සන් චාර්ල්ස් 10, වනිඳු හසරංග 08/5,*)

advertistmentadvertistment
advertistmentadvertistment