අභ්‍යාස පොත් 200%කින් මිල නැගලා

661

පාසල් අභ්‍යාස පොත්වල මිල ගණන් සියයට 200කින් ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවැසීය. රට තුළ කඩදාසි හිඟයක් පවතින බවත් හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ නිරුක්‍ෂ කුමාර මහතා මෙසේද කීය.

“රට තුළ කඩදාසි හිඟයක් පවතිනවා. කඩදාසි ගෙන්වන්න දෙන්නේ නැහැ. ණයවර ලිපි නිකුත් කරන්න බැංකුවලින් ඩොලර් දෙන්නේ නැහැ. රුපියල් 120ට තිබුණු පිටු 120 අභ්‍යාස පොතක මිල දැන් රුපියල් 225 සිට ඉහළ ගිහින්. රුපියල් 75ට තිබුණු පිටු 80 අභ්‍යාස පොතක් දැන් රුපියල් 100යි. රුපියල් 65ට තිබුණු පිටු 40 අභ්‍යාස පොතක් දැන් මිල රුපියල් 180යි. ඒ වගේම රුපියල් 150ට තිබ්බ පිටු 40 සී ආර් පොතක් දැන් රුපියල් 290 දක්වා ඉහළ නැගලා. රුපියල් 115ට තිබ්බ පිටු 40 චිත්‍ර පොතක් දැන් රුපියල් 230 යි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment