අභ්‍යවකාශයට ගිය ප‍්‍රථම සිවිල් ගගනගාමීහු පෘථිවියට එති

1146

අභ්‍යවකාශයට ගිය ලොව ප‍්‍රථම පුද්ගලික සිවිල් අභ්‍යවකාශගාමීන් සිවු දෙනා දින තුනක කාලයක් අභ්‍යවකාශයේ ගත කිරීමෙන් පසු සාර්ථක ලෙස ඊයේ (19 දා) දිනයේ පෘථිවියට ගොඩ බැස තිබේ. ‘‘ශිෆ්ට්4පේමන්ට්ස්’’ නමැති වාණිජ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන කෝටිපතියකු වන ජරෙඩ් අයිසැක්මන් ප‍්‍රමුඛ සිවිල් අභ්‍යවකාශගාමීන් සිවු දෙනකුගෙන් යුතු කණ්ඩායම ඉකුත් බදාදා (15 දා) ‘‘ස්පේස් එක්ස්’’ නමැති යානයේ නැ`ගී ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සිට පිටත්ව ගිය අතර ඔවුන් පැරෂුට් මාර්ගයෙන් අත්ලාන්තික් මුහුදු වෙරළට ගොඩබැස තිබේ.

මෙම අභ්‍යවකාශගාමීන් පිරිස ගමන්ගත් යානය පෘථිවියේ පහළට පැමිණීමත් සමගම ඔවුන් පිරිස පැරෂුට් මාර්ගයෙන් ගොඩබැස තිබේ. මෙම අභ්‍යවකාශ ගමන අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය මිනිසුන් අතරට ගෙන යෑමට ඉවහල් වී ඇති බව මෙම අභ්‍යවකාශ ගමනේ ප‍්‍රධානියා වන අයිසැක්මන් පවසා තිබේ. ‘‘ටයිම්ස්’’ සඟරාවට අනුව ජරෙඩ් අයිසැක්මන් විසින් තවත් කෝටිපතියකු වන එලන් මස්ක් හට අභ්‍යවකාශ ගමනට යෙදවූ යානයේ අභ්‍යවකාශගාමීන් සිවුදෙනාගේ ආසන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කර තිබේ. මෙම අභ්‍යවකාශ ගමන සංවිධානය කරන ලද්දේ එලන් මස්ක් සමාගම විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment