අප කිසිවකු නොසිතූ නොපැතූ අවස්ථාවක අපෙන් සමුගත් කමල් රත්වත්තේ මහතා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවත්, රටේ ශ්‍රේෂ්ඨ පවුල් පරිසරයක හැදී වැඞී, පිළිගත් උසස් අධ්‍යාපන ආයතනවලින් අධ්‍යාපනය ලබා සමාජයේ ඉහළ තනතුරු හා වගකිවයුතු තනතුරු දැරූ ඔහු රටට, සමාජයට විශේෂයෙන් රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර හොබවමින් පළාතේ සංවර්ධනය වෙනුවෙන්ද, පාසල් සංවර්ධනය සහ වෙහෙර, විහාරස්ථානවල සංවර්ධනය වෙනුවෙන් බොහෝ කැපවූ බැව් ශ්‍රීපාදස්ථානයේ හිටපු භාරකාර, රත්නපුර සද්ධර්මාලංකාර විiායතන පිරිවෙන් අධ්යක්ෂ ශාස්ත්‍රවේදී දම්පහළ සීලානන්ද නාහිමියෝ ඊයේ් (04ද) සවස කොළඹදී ප්‍රකාශ කළහ.
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස මහත් ගෞරවයට හා කීර්තියට පත් දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සොයුරකු වූ ක්ලිෆර්ඞ් රත්වත්තේ මහතාගේ පුත් හදිසියේ අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාගේ ආදාහන කටයුතු බොරැුල්ල කනත්තේදී සිදුකිරීමට පෙර පැවැති ආගමික වතාවත්හිදී විශේෂ අනුශාසනයක් කරමින් එසේ සඳහන් කළහ.
මීට වසර 10-12 කට පෙර රත්වත්තේ මහතා රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරයට ඉදිරිපත් වූ අවස්ථාවේදී අප සමඟ කතාබස් කළා. අප සමඟ මහා සංඝරත්නය, විහාරස්ථාන සමඟ විශේෂ ලෙන්ගතුකමක් හා හොඳ මිත්‍රත්වයක් ඇතිකර ගත්තා. රත්නපුර සමන් මහා දේවාලයේ දීර්ඝ කාලයක් බස්නායක නිලමේ තනතුර හොබවමින් පළාතේ සංවර්ධනය වෙනුවෙන්ද, පාසල් සංවර්ධනය හා වෙහෙර විහාරස්ථානවල සංවර්ධනය වෙනුවෙන් බොහෝ කැපවුණා යැයි සඳහන් කළ දම්පහළ සීලානන්ද නාහිමියෝ තුනුරුවන් කෙරෙහි ලොකු විශ්වාසයක් තිබුණු බවත්, ඕනෑම කටයුත්තක් අරඹද්දී තුනුරුවනේ හා සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාද ලබාගත් බවද සඳහන් කළහ.
අප මොනවා කීවත් කමල් රත්වත්තේ මහතාගේ කර්ම ශක්තිය අවසන් බව සඳහන් කළ උන්වහන්සේ බුදුන්වහන්සේ සියලූ සංස්කාර ධර්මයන් අනිත්‍ය යැයි යන සනාථන දහම අනුව සියල්ල සිදුවන බව කීහ.
පවුලේ කිසිවකු සිතුවේ නෑ මෙතුමාට මෙවැනි දෙයක් මෙලෙස සිදුවෙයි කියලා. ලෝකයේ ස්වභාව ධර්මය මෙයයි. අප ඉපදෙන විට කර්ම ශක්තියක් ගෙන එනවා. එතුමන්ගේ කර්ම ශක්තිය අවසන් වුණා. හොඳ සමාජ පරිසරයක, පවුල් පරිසරයක හා ආගමික පරිසරයක ජීවත් වූ ඒ මහතා දේශපාලන ක්ෂේත්රය තුළද වැඩකටයුතු කළා. ප්‍රභූ පවුලක ඉපිද මැනවින් පින්දහම් කරමින් ජනතාවට සේවය කළ බැව්ද උන්වහන්සේ තවදුරටත් සඳහන් කළහ.
අභාවප්‍රාප්ත කමල් රත්වත්තේ මහතාගේ දේහය බොරැුල්ලේ පිහිටි පෞද්ගලික ප්‍රභූ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ අතර, ඊයේ (04දා) සවස ආදාහන කටයුතු සිදුකිරීමට ප්‍රථම මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකළ අයුරු
තිඹිරිගස්යාය අශෝකාරාමාධිපති, විශ්‍රාමලත් විදුහල්පති ගැටහැත්තේ සෝරත නාහිමියන් විසින් ආගමික වතාවත් මෙහෙයවූ අතර මහා සංඝරත්නය රත්වත්ත මහතාගේ බිරිඳ හා දරුවන්, ඥාතීන්, ප්‍රභූන්, විද්වතුන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් අවමඟුල් උලෙළට සහභාගි වූහ.
සටහන සහ ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ