අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනගනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

112

අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් වෙත සන්නස් පත්‍රය පිළිගන්වමින්

ආර්ථිකය හොඳ වුණාම රාජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක්

අනුරාධපුර මහා විහාරයේ කැණීම් කටයුතු සහ සංරක්ෂණය පිළිබඳ විශේෂ පනතක්

අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනගනවා - <strong>ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි</strong>

අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟු‍වාසේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු‍ රාජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනගනවා - <strong>ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි</strong>

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යයෝත්සවය අමතමිනි. නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර විජිණිපත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දන්වා තිබෙන්නේ බදු ආදායම් ලබා ගන්නේ නැත්නම් අනෙක් රටවල බදු ආදායම ලබා දෙන්නේ නැහැ කියලා. ඒ අය තව කාරණයක් පෙන්වා දුන්නා. අපේ රටේ වැඩිම බදු වියදම් තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට කියලා. තායිලන්තය වැනි රටවල තීරු බදුවලින් ලැබෙන්නේ රජයේ ආදායමෙන් 2.8%යි. ආදායම් බදුවලින් ලැබෙනවා 30.1%ක්. ඉන්දියාව තීරුබදු වලින් 4.5%ක් ලබන අතර ආදයම් බදුවලින් 45.6%ක් ලබනවා. අපේ රටේ තීරු බදුවලින් 26.3% ලැබෙන අතර ආදායම් බදුවලින් ලැබෙන් 17.7%යි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන්නා බදු ඉහළ නංවන විට ආදායම් බදු ඉහළ නංවන්න, වෙනත් බදුවලින් අය කර ගැනීම නිසා අඩු ආදායම්ලාභී ජනතාව අපහසුතාවට පත්වෙනවා කියලා.

අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනගනවා - <strong>ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි</strong>

අපි සියලු‍දෙනා අසීරු අවස්ථාවක ඉන්න බව මම පිළිගන්නවා.ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. බඩු මිල, ප්‍රවාහන වියදම්, තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ඇතිවී තිබෙන පීඩාව අපි සියලු‍දෙනා දරාගෙන ඉන්නවා. අපට මෙයින් ඈත් වෙන්න බැහැ. අපේ අදායම් ස්ථාවර මට්ටමකට පැමිණෙනවා නම්, මීට වඩා දියුණු වෙනව නම් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස රජයේ සේවකයින් සියලු‍දෙනාට වැඩිපුර දීමනාවක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය දියුණුවීමත් සමග වැටුප් ඉහළ නැංවිය යුතුයි. අපි ලාභය ඉහළ නංවාගත යුතුයි.

මේ ඇත්ත කතා කිරීම දේශපාලනඥයෙක් ලෙස අසීරු කාර්යයක්. එහෙත් මම පැරදුනත්, දිනුවත් ඇත්ත තත්ත්වය සෑම විටම පෙන්වා දෙනවා. ජනතාවට මේ අසීරු තත්ත්වයෙන් ගොඩඒමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන්න කියලා මම සියලු‍දෙනාගෙන් ඉල්ලනවා.

පෙබරවාරි මාසය වන විට ඇති වන මෙම තත්ත්වය සමග අපට විදේශ විනිමය ලැබෙනවා. එවිට ක්‍රමානුකූලව මේ ප්‍රශ්න විසදා ගත හැකියි. අපි අලු‍ත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. අනුරාධපුර රාජධානිය ණය වෙලා හිටියේ නැහැ. ශක්තිමත් රාජධානියක් තිබුණා. අපි එය මතක තබාගෙන ආර්ථිකය ගොඩනැංවිය යුතුයි.

ත්‍රෛනිකායික මහා නායක සහ අනුනායක හිමිවරුන්ද, අටමස්ථානය නියෝජනය කරන සියලු‍ විහාරාධිකාරී හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු සහ මැති ඇමැතිවරුද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුද තානාපතිවරු, රාජ්‍ය නිලධාරිහු, ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනුරාධපුර – පර්සි කුරුනේරු, නාච්චදූව – ප්‍රභාත් වණසිංහ, මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment