අභිමානවත් ගෞරව නාමය වෛද්‍ය අනූෂා හේමකුමාරට

1073

රටට හා සමාජයට ඉටුකරන තිරසාරවත් බලගැන්වීම වෙනුවෙන් ලීඞ් ඉන්දියා පදනමෙන් පිදෙන අභිමානවත් ගෞරව නාමයෙන් හෝමියෝපති  වෛද්‍ය අනුෂා හේමකුමාර මහත්මිය පිදුම් ලැබුවාය.

පසුගිය ඔක්තෝබර් මස 15 වැනිදාට යෙදුණු භාරතරත්න ගෞරව නාමයෙන් පිදුම් ලත් ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ 90 වැනි ජන්ම සංවත්සර සැමරුම් උත්සවයේදී ඇයට මෙම සම්මානය පිරිනැමුණි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම සම්මානය රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් පිරිනමන ලද අයුරුයි.

advertistmentadvertistment
advertistmentadvertistment