අභියාචනාධිකරණ නියෝගයක් එනතුරු ‘සුජීවා’ කාටවත්වම නෑ

344

‘සුජීවා’ නමැති ඇතින්න සහ එම ඇතින්න බිහිකළ අලි පැටවා අභියාචනාධිකරණයේ ස්ථිර නියෝගයක් ලැබෙනතුරු කිසිදු පාර්ශ්වයකට මුදා නොහරින ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (24 දා* වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට නියෝග කළේය.

එම ඇතින්න සහ අලි පැටවා මුල් හිමිකරුට මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් පසුගිය 6 වැනිදා නියෝග කොට ඇතත් ඉහළ අධිකරණයක් වන අභියාචනාධිකරණය විසින් පසුගිය 22 වැනිදා ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝගය ප‍්‍රකාරව කටයුතු කළ යුතු බව පෙන්වා දෙමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

අභියාචනාධිකරණ නියෝගයක් එනතුරු 'සුජීවා' කාටවත්වම නෑ

එම ඇතින්න සහ අලි පැටවා සිය සේවාදායකයා වෙත මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බැවින් එක් එක් පාර්ශ්ව අධිකරණයෙන් කරනු ලබන ඉල්ලීම් අනුව කටයුතු කිරීමට අධිකරණය බැඳී නොමැති බවත් වනජීවී රාජ්‍ය ඇමැතිවරයා විසින් හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 19 වැනිදා ගැසට් නිවේදනයක් මගින් නිකුත් කළ නියෝගය ප‍්‍රකාරව කටයුතු කරමින් එම ඇතින්න හා අලි පැටවා සිය සේවාදායකයා වෙත මුදාහරින ලෙසත් සුනෙත් වීරසිංහ නමැති එම ඇතින්නගේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අලි පැටවකු වසර පහක් පිරෙනතුරු මවු ඇතින්නගෙන් වෙන් නොකළ යුතු බව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ රෙගුලාසිවල සඳහන් කර ඇති බැවින් අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් පසුගිය 6 වැනිදා කර ඇති නියෝගය අනුව එම ඇතින්න මුල් හිමිකරුට භාරදෙන විට ඇත් පැටවා ද භාරදීම කළ යුතු වන්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.

අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් එදින කරන ලද නියෝගය ප‍්‍රකාරව මෙම ඇතින්න හා අලි පැටවා හැර සෙසු අලි ඇතුන් සියලූදෙනා මේ වනවිටත් මුල් අයිතිකරුවන්ට නැවත භාරදී ඇතැයි ද එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හීලෑ අලි ඇතුන් මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදී ඇති නීති උපදෙස් පිළිබඳව කුමන පාර්ශ්වයක් කුමන මත දරුවත් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා සහය පළකිරීම තම යුතුකම වන්නේ යැයිද අධිකරණයට පැවසීය. කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගයට එරෙහිව එක් එක් පාර්ශ්වවලට කරුණු දැක්වීමට අවසර ලබා නොදෙන ලෙස ද සුනෙත් වීරසිංහ නමැති අලි හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. පරිසර යුක්ති කේන්ද්‍රය” පාරිසරික හා සංස්කෘතික අධ්‍යාපන මධ්‍යස්ථානය හා මහෙස්ත‍්‍රාත් අධිකරණයේ අලි ඇතුන් නිදහස් කිරීමේ නියෝගයට එරෙහිව පැමිණිලි ගොනුකර තිබූ නීතිඥ හර්ෂණී පේ‍්‍රමසිංහ සහ නීතිඥ නිල්මල් වික‍්‍රමසිංහ යන පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට කරුණු දැක්වීමට ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී අවසර ලබා දුන්නේය. ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 01 වැනි දාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස සියලූ පාර්ශ්වවලට නියෝග කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නඩුව යළි එදින කැඳවීමට දින නියම කළේය.

නීතිඥ දිලූම් ද අල්විස්” නීතිඥ නදීෂා කන්නන්ගර මෙනවිය” ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා පරිසර සංවිධාන වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක.

advertistmentadvertistment
advertistmentadvertistment