අභියෝගාත්මක කාලසීමාවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සේවකයන් දැක්වූ කැපවීමට සභාපතිවරයාගෙන් පැසසුම්

178

කොවිඞ් වසංගතයත් සමඟ ගෝලීය ගුවන් කර්මාන්තය දැඩි ආර්ථික පීඩනයන්ට මුහුණ දී සිටී. ගුවන් සේවය කෙරෙහි ඇතිවන දිගුකාලීන බලපෑම්, සනීපාරක්ෂාව සහ ආරක්ෂිත ප‍්‍රමිතීන් වඩාත් දැඩි ලෙස මතු වෙමින් පවතින අවධියක ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම මූල්‍ය අර්බුදයකටද මුහුණ දී සිටී. මෙවන් අභියෝගාත්මක අවධියක ගුවන් සේවයේ මෙහෙයුම් කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා සිය සේවකයන් දරන උත්සාහය සහ කැපවීම පැසසුමටලක්කරන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා, තම සාමාජිකයන්ගේ ජීවනෝපායන්ට සහ ගුවන් සේවය කෙරෙහි වන බලපෑම අවම කිරීමට කළමනාකාරීත්වය විසින් ගන්නා ලද පිරිවැය අවම කිරීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙලෙස අදහස් දක්වනු ලබයි.
 
2021 ආරම්භය ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට බලාපොරොත්තුවක් ඇති කර වූ වසරක් වන අතර ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වන තෙක් අපි සැම ඉවසීමෙන් බලා සිටින්නෙමු. ගෝලීය වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවල ගුවන් සමාගමක් ලෙස අප දුෂ්කර කාලයකට මුහුණ දී සිටියද, සේවකයන් සහ පුද්ගලයන් වශයෙන් මෙවැනි වසංගතයට මුහුණ දීමට ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාජිකයන් සතු ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව ඔවුන් අපට පෙන්වා දෙන ලදී.
 
කොවිඞ් වසංගතයේ තුන්වන රැුල්ල සමඟ අපි ජාතියක් ලෙස සටන් වදින අතර පෙර අවස්ථාවන්ට වඩා මේ අවස්ථාවේදී එයට මුහුණදීම අසීරු වුවද, අපගේ කාර්ය මණ්ඩලයේ ධෛර්යය හා කැපවීම මත එම බරපතළ අභියෝගයට සාර්ථකව මුහුණදීමටද අපට හැකිවිය. දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද දෛනික මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සහතික කළ අපගේ සේවකයන්ගේ ප‍්‍රශංසනීය දායකත්වය අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය ඉතා අගය කොට සලකන අතර ලබා දෙන්නාවූ සහයෝගය සහ කැපවීම වෙනුවෙන් මාගේ අවංක කෘතවේදීත්වය පුදකිරීමට මෙය අවස්ථාවක් කොටගනු කැමැත්තෙමි.
 
වසංගතය ආරම්භයේ සිට කළමනාකාරිත්ව තීරණ ලෙස අඩුකිරීම් සහ වෙනත් ප‍්‍රතිලාභ කප්පාදු කිරීම් ඇතුළුව අප විසින් ක‍්‍රියාත්මක කළ පිරිවැය අවම කිරීමේ ක‍්‍රියාමාර්ග වැනි දැඩි ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් අපගේ ශ‍්‍රී ලංකන් පවුලේ සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ම මෙන්ම වෘත්තීය සමිති ද සිය සහයෝගය උපරිම ලෙස ලබාදෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment