අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා – බි්‍රතාන්‍ය රාජ්‍ය ඇමැති  තරික් අහමඩ්

92

ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.

ඒ මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැති දුරකථන කතාබහකදී බි්‍රතාන්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එම දුරකථන ඇමතුම ගැන ට්විටර් සටහනක් තබා ඇති එම බි්‍රතාන්‍ය ඇමැති තරික් අහමඩ් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය සහ ආර්ථික තත්ත්වය ගැන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි.

සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳ අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද මෙම දුරකථන සංවාදයේදී අවධානය යොමුවූ බවද තරික් අහමඩ් අමාත්‍යවරයා තැබූ එම ට්විටර් සටහනේ දැක්වේ.

මෙම දුරකථන ඇමතුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇත්තේ එම බි්‍රතාන්‍ය ඇමැති තරික් අහමඩ් මහතා විසිනි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment