අභිරහස් කොරෝනා පොකුරක් නිසා වික්ටෝරියා ප‍්‍රාන්තය ලොක්ඩවුන්

622

මුලාශ‍්‍රය සොයා ගත නොහැකි කොරෝනා ආසාදිත පොකුරක් මතු වීම හේතුවෙන් මෙල්බර්න් නගරය අයත් වික්ටෝරියා ප‍්‍රාන්තය ඊයේ (05දා) රාත‍්‍රියේ සිට හයවැනි වතාවටත් අගුලූ‍ දැමීමට (ලොක්ඩවුන්) බලධාරීන් විසින් පියවර ගෙන තිබේ .වික්ටෝරියා ප‍්‍රාන්තයෙන් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 08 දෙනකු වාර්තා වීමත් සමගම තවදුරටත් ආසාදිතයන් වර්ධනය වීම වැළක්වීම සඳහා බලධාරීහු ප‍්‍රාන්තය දින හතකට අගුලූ‍ දැමීමට පියවර ගත්හ .

 අගුලූ‍ දැමීම ක‍්‍රියාත්මක වන කාල සීමාව තුළදී වෙළඳසල්වලින් භාණ්ඩ මිලදී ගැනීම ,ව්‍යායාමය ,නිවසේ සිට සිදු කළ නොහැකය. රාජකාරි හා අධ්‍යපන කටයුතු ,කොරෝනා එන්නත් ලබා ගැනීම හා පිටත සිටින පුද්ගලයන් රැුකබලාගැනීමේ කටයුතු සඳහා පමණක් නිවෙස්වලින් බැහැරව යාමට නිවැසියන්ට අවසරය ලබා දී ඇත. මුහුණු ආවරණ පැළඳීමේ නීතිය දැඩි ලෙස ක‍්‍රියාත් මක කිරීමටද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment